Monday, 21 March 2022

ශ්‍රී ලංකාවේ පළාත් පරිපාලන සන්දර්භය තුළ ආපදා කළමනාකරණය පරිපාලනය කිරීම



    1.1 හැඳින්වීම

                රාජ්‍යයන් තුළ ඇතිවු විවිධ විපර්යාසයන්ගේ ප‍්‍රතිඵලයක් ලෙස රාජ්‍ය පරිපාලනයේ සහ රාජ්‍ය පරිපාලකයාගේ කාර්යයන් වෙනස් මුහුණුවරක් ගෙන ඇති ආකාරය වර්තමාන පරිපාලන ව්‍යුහයන් පිළිබඳ සළකා බැලීමේදී පැහැදිලිවම හඳුනාගත හැකිය. ලෝකය පුරා ව්‍යසනයන් සංඛ්‍යාත්මකව වර්ධනය වනවා මෙන්ම ඒවායේ බලපෑමේ ප‍්‍රමාණයද වර්ධනය වී ඇත. එකී තත්ත්වය මූලික කර ගනිමින් සෑම රාජ්‍යයක්ම පාහේ ස්වකීය පරිපාලන කි‍්‍රයාවලිය තුළ ආපදා කළමනාකරණය  යන ක්‍ෂේත‍්‍රය සඳහා ප‍්‍රමුඛ අවධානයක් යොමු කර ඇත.

                    ආපදා කළමනාකරණය යන්න අර්ථ දැක්වීමේදි එනඇතිවිය හැකි උපද්‍රවයකට මුහුණ දීමට ඇති හැකියාව වර්ධනය කිරීම හෝ ඇතිවු උපද්‍රවයකට කඩිනම් නිසි පියවර ගැනීම තුළ එම උපද්‍රවයෙන් සිදුවන හානිකර බලපෑම අවම කිරීමයි.මේ සඳහා සම්පත් හා අවදානම් තත්ත්වයන් හඳුනාගෙන කළමනාකරණය කළ යනුවෙන් පෙන්වා දිය හැකිය.

            

                ලෝකයේ ආපදා තත්ත්වයන් ඉහළයාම හේතුවෙන් රාජ්‍ය ප‍්‍රතිපත්ති සම්පාදනයේ දී  වැඩි අවධානයක් යොමුකරන අංශයක් වශයෙන් ආපදා කළමනාකරණය හඳුනාගත හැකිය.ආපදා කළමනාකරණය   යනු දීර්ඝ ඉතිහාසයක් පවතින්නක් නොවේ. ලෝකය අවධානය යොමු වුයේ 1980 දශකයෙන් පසුවය. තම රට වැසියන් ආපදා තුළින් මුදවා ගැනීමේ අරමුණින් රාජ්‍යයන් තුළ මධ්‍යගත වු වැඩසටහන් ක‍්‍රියාවට නැගු යුගයක් පැවතුණි. අනතුරුව බිහිවන නූතන ආපදා කළමනාකරණය  එනම් පුළුල් ආපදා පරාසයකට පිළියම් සෙවිම සඳහා ආපදාවන්ට සුදානම් වීම පාලනය කිරිම ප‍්‍රතිකි‍්‍රයා දැක්විම සහ ප‍්‍රතිසංවේදනය වැනි කි‍්‍රයාකාරකම් හදිසි  අවස්ථාවකට  මුහුණ දීමේ ගෝලීය ප‍්‍රමිති සහ  සංවිධානාත්මක කටයුතු ලෙස වර්ධනය වීම  විසිවන සියවස මැද වන තෙක් සිදු නොවීය.  

            බොහෝ රටවල මෙම වෙනස ඇතිවූයේ කිසියම් ආපදාවකට ප‍්‍රතිචාර දැක්වීමක් ලෙසිනි.මෙම තත්ත්වය තුළ ආපදා වැළැක්වීම සහ ඒවාට ප‍්‍රතිචාර දැක්වීමේදි රාජ්‍යයන් විසින් ප‍්‍රධාන භූමිකාව ඉටුකිරීමේ අවශ්‍යතාව සමාජ දර්ශනයක් ලෙස ඉදිරිපත් විය. ලෝකය තුළ යුධ තාක්ෂණය දියුණු වීම සමඟ සංවර්ධිත සහ කාර්මික රටවල් සිවිල් ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරනු ලැබීය. මෙම සිවිල් ආරක්ෂක පද්ධති තුළට ආක‍්‍රමණ හඳුනාගැනීම පූර්ව අනතුරු ඇඟවීමේ ක‍්‍රම සෝදිසි කිරිම සහ දේශීය ප‍්‍රදේශීය සම්බන්ධීකරණය සිදුවිය.මෙම සිවිල් ආරක්ෂක ඒකක කිහිපයක් වර්තමානය වන විට ආපදා හෝ හදිසි අවස්ථා කළමනාකරණ ආයතන බවට පත්විය. නමුත් එවැනි සංවිධාන හෝ ආයතන ගොඩනැගීමට පදනම් වූ හා  ආධාර වු  නෛතික රාමුව  නූතන ආපදා කළමනාකරණය   මත පදනම් වී ඇත(ධනපාල,2012*.

                           ශක්තිමත් පළාත් පරිපාලන ක‍්‍රමවේදයක් සකස් කිරීම ඔස්සේ ආපදා කළමනාකරණය සාර්ථකව කළමනාකරණය කළ හැකි බව පෙන්නුම් කරන රාජ්‍යයක් වශයෙන් ජපානය හඳුනාගත හැකිය. ජාතික ආණ්ඩුවේ ආපදා කළමනාකරණ යාන්ත‍්‍රණය Disaster Maígement la‍ouncil,  යන්නා වු  ආයතන ඔස්සේ කි‍්‍රයාත්මක වේ. දිස්ති‍්‍රක් හා නාගරික ආපදා කළමනාකරණ යාන්ත‍්‍රණය ඛදජ්ක ාසි්ිඑැර ප්බ්ටැපැබඑ යැ්ාුම්රඑැරි හරහා සිදුවේ. ජපන් පළාත් ආපදා කළමනාකරණ පරිපාලනයේ දක්නට ලැබෙන සුවිශේෂිතාවය වන්නේ ජාතික ආපදා කළමනාකරණ පනත් මත පදනම් වෙමින් පළාත් ආපදා කළමනාකරණය සඳහා වන කි‍්‍රයාකාරි සැළසුම් සකස් කරනු ලබන්නේ පළාත් ආණ්ඩු ක‍්‍රමය සහ පරිපාලන ආයතන ම`ගින් වීමයි( ක්‍්ඉසබැඑ ධෙසෙජැල ඨදඩැරබපැබඑ දෙ න්‍්ච්බලභෘ* 

                         ශී‍්‍ර ලංකාවද වසරක් පසාම විවිධ වර්ගයේ ආපදාවන්ට ගොදුරු වේ . ලෝකයේ බොහෝ රාජ්‍යයන් මෙන්ම මෙරටද ආපදා කළමනාකරණය සඳහා රාජ්‍ය විසින් නිසි යාන්ත‍්‍රණයක් ගොඩ නැගීමේ අවශ්‍යතාවය හඳුනාගැනීම සිදුවන්නේ සුනාමි ව්‍යසනය සිදුවීමත් සමඟ සිදුවේ.1996 ට පෙර ආපදා කළමණාකරණයට ආදාළ කි‍්‍රයාකාරකම් තම තමන්ගේ ප‍්‍රමුඛතා හා අමාත්‍යධූර අනුව තනි තනි රාජ්‍ය ආයතන මඟින් සිදුකර තිබේ.1981 අංක 57 දරණ වෙරළ ආරක්ෂක පනත,1981 අංක 59 දරණ සමුද්‍ර ¥ෂණ වැළැක්වීමේ පනත පිළිගැනීමට යටත්ව ජාතික වෙරළ කලාප කළමනාකරණ සැළැස්ම ,ශී‍්‍ර ලංකා ඉඩම් ප‍්‍රතිසංස්කරණ හා සංවර්ධන සංස්ථාවේ මහ කොළඹ ජලගැලීම් පාලනය,ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පිහිටු විම ආදියට විශේෂ අවධානය යොමුකරනු ලබයි(කුමාර,2010:*.

                     කෙසේ වුවද  ආපදා කළමනාකරණය පිළිබඳ ජාතික නීති රාමුවක අවශ්‍යතාවය 2004 වර්ෂය තුළ ඇති වූ සුනාමි ව්‍යසනය ඔස්සේ පෙන්නුම් කරන ලද අතරම එහි ප‍්‍රතිඵලයක් වශයෙන් 2005 අංක 13 දරණ ශී‍්‍ර ලංකා ව්‍යසන   කළමනාකරණ පනත  නීතියක් ලෙස පිළිගනු ලැබීය .ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් සැළකීමේදි පාලන මට්ටම් තුනකින් යුක්ත ආණ්ඩු  ක‍්‍රමයක් පවති. එනම් මධ්‍යම රජය , පළාත් හා ප‍්‍රාදේශිය ආණ්ඩු   වශයෙනි. මෙවැනි පුළුල් පරිපාලන පරාසයක් දක්වා විහිදි ඇති පරිපාලන ක‍්‍රමවේදය තුළ ආපදා කළමනාකරණ කි‍්‍රයාවලිය සිදුවන්නේ කුමන ආකාරයකින්ද යන්න වටහා ගැනීමට ආපදා කළමනාකරණය සම්බන්ධ ජාතික මට්ටමේ පරිපාලන ව්‍යුහය සහ කි‍්‍රයාකාරිත්වය මත පළාත් ආපදා පරිපාලන කි‍්‍රයාකාරිත්වය හඳුනා ගැනීම වැදගත් වේ.

                     මෙරට ආපදා කළමනාකරණ කි‍්‍රයාවලිය සැළකීමේදි 2005 අංක 13 දරණ ව්‍යසන කළමනාකරණ පනතේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ජාතික ආපදා කළමනාකරණ සැළසුම් සකස් කරනු ලැබීය. එමෙන්ම ජාත්‍යයන්තර ආපදා කළමනාකරණය සම්බන්ධව ඇති සම්මුතීන් සහ ප‍්‍රකාශයන්ට අනුරූපව ශි‍්‍ර ලංකාවේ තිරසාර සංවර්ධනය සඳහා ආපදා කළමනාකරණය සිදුවිය යුත්තේ කෙසේද යන්න ජාතික ආපදා කළමනාකරණය සැළැස්ම ඔස්සේ විමසා බලයි(කුමාර,2010*.

                      ලාංකීය පරිපාලන සන්දර්භය තුළ ආපදා කළමනාකරණය  ජාතික මට්ටමේදි සහ පළාත් මට්ටමේදි කි‍්‍රයාත්මක වන ආකාරය එකින් එක වශයෙන් ගෙන සළකා බැලිය යුතුය. ජාතික මට්ටමේ ආපදා කළමනාකරණ යාන්ත‍්‍රණය පිළිබඳ සැළකීමේදි ජාතික ආපදා කළමනාකරණ සැළැස්ම මූලිකව පුර්වාදර්ශ සපයන අතර රාජ්‍ය තන්ත‍්‍රයේ විවිධ ස්ථරයන්හි දී ආපදා කළමනාකරණයේ මූලික කාර්යයන් ඉදිරිපත් කරනු ලබයි. මෙම ජාතික ආපදා සැළසුම ම`ගින් මධ්‍යම රජයේ ආයතන පළාත් සභා සහ දිස්ති‍්‍රක් පාලන ආයතන සඳහා වන මාර්ගෝපදේශනය සපයනු ලබයි(කුමාර,2010*.

.                      ආපදා කළමනාකරණය සඳහා වන ජාතික මට්ටමේ ආයතනික රාමුව සළකන විටදී ප‍්‍රධාන ආයතන  තුනක් යටතේ කි‍්‍රයාත්මක වේ. එනම් මෙම  ආයතනයන් සියල්ලම එකිනෙකට බැදී පවතින අතර ඒවා නම් ආපදා කළමනාකරණය සම්බන්ධ ජාතික    සභාව, ආපදා කළමනාකරණය හා මානව හිමිකම් අමාත්‍යංශය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයයි.  මෙම සියලූම ආයතනයන් සම`ග මධ්‍යම රජයේ අමාත්‍යයංශ සම්බන්ධවේ . ආපදා කළමනාකරණය සම්බන්ධ ජාතික සභාවෙහි සභාපති සහ උප සභාපති වන්නේ පිළිවෙළින් ජනාධිපති සහ විපක්ෂ නායකයාය.  ඊට අමතරව ප‍්‍රධාන ඇමතිවරු  සහ විරුද්ධ පක්ෂයේ මන්තී‍්‍රවරුන්ගෙන් සමන්විත මණ්ඩලයකින් යුක්ත වේ. 

                          ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ම`ගින් පෙන්නුම්  කරන පරිදි ආපදා  අඩු කිරීමේ ප‍්‍රධාන රාජ්‍ය ආයතනය ලෙස ආපදා කළමනාකරණ අමාත්‍යයංශය කි‍්‍රයාත්මක වේ. එමෙන්ම ප‍්‍රජාවන් අතර හා ජාතිය   තුළ ආරක්ෂක, සංස්කෘතික, ස්වභාවික , තාක්ෂණික හා මිනිස් ව්‍යසන යන  ආපදා අවදානම් කළමනාකරණය පුළුල් කිරීමේ කි‍්‍රයාදාමය   ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ම`ගින් සිදු කරනු ලබයි. රාජ්‍යයේ කාර්යය වන්නේ දීර්ඝකාලීන සංවර්ධනයන් සිදු කිරීමයි.  දිනපතා සිදුවන කුඩා මට්ටමේ ආපදා අවදානම් සඳහා සංවර්ධන සැළසුම් සකස් කිරීම භූමි භාවිතය පාලනය හා පොදු පහසුකම් සහ සේවා සිදු කරනු ලබන්නේ පළාත් පරිපාලනය ම`

                           මෙම තත්ත්වය තුළ ලාංකීය පළාත් පරිපාලන සන්දර්භය තුළ දී ආපදා කළමනාකරණය යන ක්‍ෂේත‍්‍රය සම්බන්ධයෙන් යම් ආකාරයක මැදිහත් වීමක් දක්නට ලැබුණද අනෙකුත් රාජ්‍යයන්ගේ පළාත් ආපදා කළමනාකරණ කි‍්‍රයාකාරිත්වය හා සමපාත කිරීමේදි එතරම් ප‍්‍රගතිශීලි බවක් දක්නට නොලැබේ . විශේෂයෙන් පළාත් ආපදා කළමනාකරණ කි‍්‍රයාවලිය ම`ගින් ජාතික ආපදා කළමනාකරණ කි‍්‍රයාවලිවය සඳහා සිදුකරනු ලබන බලපෑම සහ   එම තත්ත්වය මත ජාතික ආපදා කලමනාකරණ කි‍්‍රයාකාරිත්වය කාර්යක්ෂමතාවයට ළ`ග කර වීමට සමත් වන්නේද යන්න අධ්‍යයනය කිරීම කාලීන අවශ්‍යතාවයක් බවට පත්ව ඇත. එබැවින් මෙම පර්යේෂණය හරහා පළාත් ආපදා කළමනාකරණ පරිපාලන කි‍්‍රයාවලිය සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත.   


1.2 සාහිත්‍ය විමර්ශනය

                 මෙමගින් පළමුවෙන් අවධානය යොමු කරනු ලබන්නේ මෙම අධ්‍යයනයට පදනම් වන ප‍්‍රධාන තේමාව වන ව්‍යවසනයන්  හා සම්බන්ධ වන බැවින් ගෝලීය වශයෙන් උද්ගත වූ  ව්‍යවසනයන්ගේ තත්්ත්වය පිළිබඳවය. දෙවනුව ව්‍යසනයන් සඳහා විවිධ වු රාජ්‍යයන් ආපදා කලමනාකරණ කි‍්‍රයාවලිය සකස් කර ඇත්තේ කෙසේද යන්න විමසීමක් සිදුකර ඇත. තෙවනුව අවධානය යොමු කර ඇත්තේ ආපදා ශී‍්‍ර ලංකාවේ ආපදා කලමනාකරණ පරිපාලන  කි‍්‍රයාවලියයි. 

ගෝලීය ස්වාභාවික ව්‍යසන පිළිබදව සිදු කෙරී ඇති අධ්‍යනයක් සිදුකළ ත්‍ැරරසි * ඡුැඑ‘  ඔයැ හැ්ර එය්එ ීයදදන එයැ රු්ජය ථ ්   රුඩසැඅ දෙ බ්එමර්ක ාසි්ිඑැරි සබ 2011:2012*  යන පර්යේෂණය ම`ගින් පෙන්වා දෙන්නේ දිනෙන් දින ස්වභාවික  ව්‍යසනයන් සිදුවීමේ ප‍්‍රවණතාවය ඉහළ යන බවය. ඒ අනුව සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින රට වලට එයින් සිදුවන හානිය විවිධාකාර විය හැක. උදාහරණයක් වශයෙන් 2011 වර්ෂයේ සංවර්ධිත රටවලට බලපෑ   ස්වභාවික ව්‍යසන(ඔස්ෙටි‍්‍රලියාවට බලපෑ ගංවතුර, සුනාමිය* තුළින් සිදු වූ ආර්ථික හානිය විශාල වුව ද මෙම රටවල් වල පවතින නවීන තාක්ෂණය හා පූර්ව සූදානම නිසා එයින් සිදු වූ ජීවිත හානිය අඩු වුවද  මෙවැනි ව්‍යසනකාරී තත්ත්වයන්වලින් සංවර්ධනය වෙමින් පවතින, ආර්ථික ශක්තිය අතින් පහළ මට්ටමක සිටින රටවලට සිදුවන බලපෑම අති විශාල වනු ඇති අතර ම නැවත ගොඩ නැංවීමේ කටයුතු ද යම් යම් දුර්වලතා වලින් යුතු වනු ඇත. මෙ බැවින් සංවර්ධනය වෙමින් පවතින රටවල විපතට පත්වූවන් විපතට පෙර අවස්ථාවේ දී සිටියාටත් වඩා විපතින් පසු අවස්ථාව තුළ දී වඩාත් අසරණ තත්ත්වයට පත් විය හැක.

                             ආචාර්යය ඒ. එච් ධනපාල ආපදා කළමණාකරණය(2012* යන පර්යේෂණය හරහා පෙන්නුම් කරනු ලබන්නේ විවිධ ආකාරයේ උපද්‍රවයන් දක්නට ලැබේ. ඒ අතර යම් යම් උපද්‍රවයන් එක් එක් භූගෝලීය කලාපයන් මත කේන්ද්‍රගතව පවති. මෙම ආපදාවන් අවම කිරීම සඳහා ව්‍යුහාත්මක ක‍්‍රමවේදයන් එනම් ප‍්‍රතිවිරෝධ ව්‍යුහයන් නැවත ස්ථානගත කිරීම සහ ප‍්‍රජා ආරක්ෂක කඳවුරු ඉදිකිරීම් ආදිය වැදගත්වේ. ව්‍යුහාත්මක නොවන ක‍්‍රමවේදයන් ලෙස රෙගුලාසි පිළියම් ප‍්‍රජා අධ්‍යාපනය  පරිසරාත්මක පාලනය හැසිරීම් වෙනස් කිරීම ආදිය වැදගත් වේ.

                  පළාත් අපදා කළමනාකරණය සම්බන්ධයෙන් ගෝලීය මට්ටමෙන් සිදුවී ඇති අධ්‍යයනයන් අතුරින් න්‍දජඉ ඡු ්කැං   ඉන්දියානු ආපදා කළමනාකරණ  පරිපාලනය පදනම් කර ගෙන සිදු කරන ලද  ෘසි්ිඑැර ප්බ්ටැපැබඑ එදඅ්රාි ් කැට්ක රේපැඅදරන :2006* හරහා පෙන්නුම් කරනු ලබන්නේ ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් වන ඉන්දීය නීති ක‍්‍රමය සහ එහි සිදුවිය යුතු වෙනස පිළිබඳ සාකච්ඡුාවට ලක් කර තිබේ. එමෙන්ම ඉන්දීය ආපදා කළමනාකරණය මූලික අවධානය ප‍්‍රාන්ත රාජ්‍ය සඳහා යොමු කර තිබීම විශේෂ ලක්ෂණයක් ලෙස පෙන්වා දෙනු ලබයි. එනම්   ලංකීය පරිපාලන සන්දර්භය තුළ මෙන් නොව ප‍්‍රාන්ත මට්ටමෙන් ආපදා කළමනාකරණය සඳහා කමිටු පවති. එමෙන්ම ඵ්ය්ර්ියඑර්ල ඹඑඒර්බජය්ක වැනි සුවිශේෂි ප‍්‍රාන්ත සඳහා ආපදා කළමනාකරණයට වෙන්වු දෙපාර්තුමේන්තු පිහිටුවා තිබීම ආදිය ඉන්දීය ප‍්‍රාන්ත ආපදා කළමනාකරණයේ සුවිශේෂිතාවයන් ලෙස පෙන්වා දෙනු ලබයි.

මෙම තත්ත්වය තහවුරු කරනු ලබන අධ්‍යයනයක් ලෙස ෂබාස්බ ිැජදබා ්ාපසබසිඑර්එසඩැ රුදෙරපි ජදපපසිිසදබ විසින් සිදුකරනු ලබන ක්‍රසිසි ප්බ්ටැපැබඑ:2006* යන ග‍්‍රන්ථය ම`ගින් පෙන්නුම් කරනු  ලබන්නේ මෙහිදි ඉන්දීය ආපදා කළමනාකරණයේ ප‍්‍රධාන ඒජන්තවරයා වනු ලබන්නේ ප‍්‍රජාවයි.ක්‍ෂේත‍්‍ර මට්ටමේ දී විශේෂයෙන් ග‍්‍රාමිය මට්ටමේ දී රාජ්‍ය වෙනුවට වගකීම දරනු ලබන්නේ පොලිස් ස්ථානය සහ ආදායම් භාර නිළධාරින් විසිනි. ආපදා කළමනකාරණය සම්බන්ධ රාජ්‍ය කාර්යය නිර්මාණය වන්නේ පශ්චාත් ආපදා කළමනාකරණය හා පුනුරුත්තාපනය සඳහා පවතින කොමිසම  ම`ගිනි.  ආපදා කළමනාකරණය සම්බන්ධව පවතින විවිධ දෙපාර්තුමේන්තු ප‍්‍රාදේ්ශිය මට්ටමේදි පරිපාලනය කරනු ලබන්නේ ආපදා කළමනකාරණ කොමිසම ම`ගිනි.එමෙන්ම ප‍්‍රාදේශීය මහේස්ත‍්‍රාත්වරු විසින් ආපදාවන් සඳහා මුල්‍ය කළමනාකරණය කරනු ලබයි.  මෙම සියලූම ප‍්‍රාදේශීය මටිටමේ ආපදා කළමනකරණ කි‍්‍රයාවලිය ක්‍්ඉසබැඑ ක්‍දපපසඑඑැැ දබ භ්එමර්ක ක්‍්ක්පසඑසැි  හරහා සිදුකරන අතර භ්එසදබ්ක ක්‍රසිසි ඵ්බ්ටැපැබඑ ක්‍දපපසඑඑැැ :භක්‍ඵක්‍*  ම`ගින් ජාතික මට්ටමේ ආපදා කළමනාකරණ කි‍්‍රයාවලිය පරිපාලනය හා සම්බන්ධීකරණය කරනු ලබයි.මෙහිදි ඉන්දියාවේ විශේෂත්වය වන්නේ විවිධ ආපදාවන් ස`දහා කටයුතු කරනු ලබන්නේ විවිධ දෙපාර්තුමේන්තු හරහා වීමයි.


                        න්‍ැ්බබැ-ඵ්රසැ ජදක විසින් කරන ලද ඵ්බ්ටසබට ෘසි්ිඑැරි –ඔයැ ඍදකැ දෙ ඛදජ්ක ඨදඩැරබපැබඑ:2007*  ම`ගින් පෙන්වා දෙනු ලබන්නේ ආපදා කළමනාකරණය සඳහා වන  පළාත් පරිපාලන භූමිකාව රාජ්‍යයෙන් රාජ්‍යයට වෙනස් වන බවයි. මෙම තත්ත්වය පැහැදිලිවම ඇමරිකානු ප‍්‍රාන්ත පරිපාලනය තුළ ආපදා කළමනාකරණය සහ වීනයේ පළාත් ආපදා කළමනාකරණය තුළින් ගම්‍ය වේ. වීනය තුළ මධ්‍යගත වූ පරිපාලන ව්‍යුහයක් පවතින අතර පළාත් ආණ්ඩු සඳහා ස්වාධීන වු බලතල හිමි නොවේ . නමුත් මෙම අධ්‍යයනය ම`ගින් පෙන්වා දෙන පරිදි ඇමරිකාව තුළ මධ්‍යම රජය හා සමානවම ප‍්‍රාන්ත රාජ්‍යයන්ද ආපදා කළමනාකරණය කිරීම සඳහා ශක්තිමත් භූමිකාවක නිරත වන බවයි.

             

                                 ආපදා කළමනාකරණ පරිපාලනය සම්බන්ධයෙන් සිදුවී ඇති වැදගත්  අධ්‍යයනයක් වශයෙන් ක්‍්ඉසබැඑ ධෙසෙජැල ඨදඩැරබපැබඑ දෙ න්‍්ච්බ ම`ගින් සිදුකරන ලද ෘසි්ිඑැර ඵ්බ්ටැපැබඑ සබ න්‍්ච්බ:භෘ* පර්යේෂණය තුළින් ජාතික ආණ්ඩුවේ ආපදා කළමනාකරණ යාන්ත‍්‍රණය සහ ඊට සමගාමීව ඇති දිස්ති‍්‍රක් හා නාගරික ආපදා කළමනාකරණ යාන්ත‍්‍රණය පිළිබඳ සාකච්ඡුා කරනු ලබයි. ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් ක‍්‍රමවත් සැළසුම් සකස් කිරීම සහ කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් පළාත් සහ මධ්‍යම පරිපාලනය සම්බන්ධයෙන් පවතින්නාවු කි‍්‍රයාකාරිත්වයේ ස්වරූපය ඉදිරිපත් කරනු ලබයි.

              ගෝලීය වශයෙන් විවිධ රාජ්‍යයන්ගේ ආපදාවන් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් එකී ආපදාවන් සඳහා පළාත් පරිපාලන සන්දර්භය දායක කර ගනු ලබන්නේ කෙසේද යන්න අවධානය යොමු කරමින් කරන ලද ව්‍යාපෘතියක් පදනම් කර ගනිමින් ඹබසඑැා භ්එසදබි ිැජරුඒරස්එ දෙ එයැ ෂබඑැරබ්එසදබ්ක ීඑර්එැටහ දෙර ෘසි්ිඑැර ඍැාමජඑසදබ :ඹභෂීෘඍ*  විසින් කරන ලද ඛදජ්ක ඨදඩැරබපැබඑ  ්බා ෘසි්ිඑැර ඍසින  ඍැාමජඑසදබ- ඨදදා චර්ජඑසජැි ්බා කැිිදබි කැ්රබැා :2010*පර්යේෂණය ම`ගන් විවිධ මට්ටමේ ආපදාවන් කළමනාකරණය සඳහා පළාත් ආණ්ඩු සවිබල ගැන්වීමේ අවශ්‍යතාවය පෙන්නුම් කරනු ලබයි.මෙහිදි ආපදාවන් කළමනාකරණය සඳහා පළාත් පරිපාලනයේ භූමිකාව සකස් විය යුත්තේ කෙසේද? යන්න පිළිබඳව පේරු රාජ්‍ය ඉන්දුනීසියාව පකිස්ථානය සහ කැනඩාව යන රාජ්‍යයන්ගේ ආපදාවන් පදනම් කර ගනිමින් ආපදාවන් කළමනාකරණය සඳහා පළාත් පරිපාලනයේ භූමිකාව ශක්තිමත් කිරීම හරහා අත්කර ගනු ලැබු ප‍්‍රතිලාභයන් පිළිබඳ සාකච්ඡුා කර ඇත.

             ලාංකීය ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීෙමිදී කුසලා වෙත්තසිංහ විසින්    ව්‍යසන කළමණාකරණයට ස්තී‍්‍ර පුරුෂ සමාජභාවයේ මුහුණුවර(2006* යන ග‍්‍රන්ථය තුළින් පෙන්වා දෙන ආකාරයට ව්‍යසන කළමනාකරණය තුළදී  දෛනික ජීවිතය පවත්වා ගෙන යාම තුළදී ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය කෙතරම් දුරකට බලපෑම් කරනු ලබන්නේද යන්න සඳහා අවධානය යොමු කර ඇත.සමාජයේ මුල් බැසගත් සමාජ ආර්ථික දේශපාලන සම්බන්ධතා තුළින් මතුවන ස්ත‍්‍රී පුරුෂ  සමාජභාවය මත පදනම්  වූ ව්‍යසන කළමනාකරණ ක‍්‍රමවේදය ඉදිරිපත් කර  ඇත. ස්ත‍්‍රී පුරුෂ  සමාජභාවයට සංවේදි වූ ප‍්‍රතිපත්තිමය අවශ්‍යතාවය සහ ඒ සඳහා ගත  හැකි පියවර  ගැනීම ඉතා වැදගත් වේ. 

                    ශී‍්‍ර ලංකාවේ ආපදා කළමනාකරණය කි‍්‍රයාවලිය සම්බන්ධ තවදුරටත් ශී‍්‍ර ලංකාවේ ආපදා කළමණාකරණය (2010* යන කෘතිය ම`ගින්  පැහැදිලි කරන සරත් කුමාර  ස්වභාවික හා ස්වභාවික නොවන ආපදා අර්ථකථනය කරමින් ලංකාවේ ජාතික ආපදා කළමනාකරණ සැළැස්ම සළකා බලමින් එම සැළසුම් කි‍්‍රයාත්මක කිරීම සඳහා පවතින ආයතන පද්ධතිය  පිළිබඳ සාකච්ඡුා කර ඇත. විශේෂයෙන් ග‍්‍රාමිය මට්ටමෙන් පවතින පරිපාලන ව්‍යුහයන්ගේ කාර්යයභාර්යය  සඳහා අවධානය යොමුකරම්න් ආපදා අවම කිරීම සඳහා සහය විය යුත්තේ කෙසේද යන්න දක්වා ඇත. හුදෙක් ලාංකීය ආපදා අත්දැකීම් පමණක් නොව ආපදා සමිබන්ධ විදේශීය අත්දැකිම් සහ ප‍්‍රධාන රාජ්‍ය සංවිධානයක් ලෙස  එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ආපදා පිටුදැකීම උදෙසා ලංකීය පරිපාලන ප‍්‍රවාහයට දක්වන්නාවු දායකත්වය කෙසේ වන්නේද යන්න පිළිබඳ සළකා ඇත.

                          ශ්‍රී ලංකාවේ පුර්ව අත්දැකීම් සහ දැනුම් භාවිත වන ව්‍යසන කළමනාකරණ කි‍්‍රයාවලියක් දැකිය නොහැක. නමුත් පශ්චාත් ව්‍යසන කළමනාකරණ කි‍්‍රයාවලිය තුළ රාජ්‍ය ,රාජ්‍ය නොවන ආයතන  සහ සිවිල් සංවිධාන වල කාර්යභාර්ය අතිශය තීරණාත්මක එකකි.පශ්චාත් සුනාමි ව්‍යසන කළමනාකරණ කි‍්‍රයාවලිය තුළ රාජ්‍ය නොවන සංවිධානයන්ගේ භූමිකාව වැදගත් වු අතර ,එය රාජ්‍ය අංශයට වඩා කාර්යක්ෂම හා ඵලදායි ආකාරයෙන් කි‍්‍රයාත්මක වී ඇත.නමුත් රාජ්‍ය යාන්ත‍්‍රණය හරහා සිදුකරන කි‍්‍රයාමාර්ගයන් ආරම්භ වී ඇත්තේ දිගුකාලීන හා ස්ථාවර රාමුවක බැවින් මධ්‍යස්ථ අවධියේ දී රාජ්‍ය නොවන සංවිධානවල කි‍්‍රයාකාරිත්වය යම් ආකාරයට පසුබැසීමක් පෙන්නුම් කරයි.ඒ අනුව සහන අවධිය රාජ්‍ය නොවන අංශය හා සංවර්ධන අංශය රජය විසින් කි‍්‍රයාත්මක කිරීම  සිදුකරනු ලබන බව පී.උළුවඩුගේ සහ ටී.කමලරත්න ව්‍යසන කළමනාකරණය උදෙසා රාජ්‍ය නොවන සංවිධානයන්ගේ භූමිකාව-සමාජ විමසුම (2013*සඳහා රචිත ලිපිය තුළින් පැහැදිලි කරනු ලබයි.

                                                   මේ අනුව උක්ත පර්යේෂණ  ම`ගින් හඳුනා ගත හැකි තත්ත්වයක් නම් ගෝලීය මට්ටම තුළ දී  පළාත් පරිපාලන සන්දර්භය දක්වා අපදා කළමනාකරණ පරිපාලන ක‍්‍රමවේදය ශක්තිමත්ව විහිදි පවතින බවයි. එමෙන්ම එක් එක්  රාජ්‍යයන් අපදා කළමනාකරණ පරිපාලන සඳහා පළාත් මට්ටම තුළ දී විවිධ වු ක‍්‍රමවේදයන් භාවිත කරනු ලබයි. එකී තත්ත්වය මූලික කොට ගනිමින් ලාංකීය පරිපාලනය  තුළ විශේෂ අවධානයකට ලක් නොවු  පළාත් පරිපාලනය  තුළින් අපදාවන් කළමනාකරණය කිරීමේ ක‍්‍රමවේදය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට   පර්යේෂකයා  මෙම පර්යේෂණය තුළින් අපේක්ෂා කරනු ලබයි.

                         

No comments:

Post a Comment