2015 වසරේදී
එක්සත් ජාතීන්ගේ සංවිධානයට වසර 70ක් සපිරෙන මොහොතේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක්
නුවර එහි මූලස්ථානයට රැස්වූ ලෝක නායකයෝ 2030 න්‍යාය පත්‍රය සහ තිරසාර සංවර්ධන
අරමුණු යනුවෙන් 2030 වසර දක්වා දිවෙන වැඩ පිළිවෙළකට තම අනුමැතිය ලබා දෙනු ලැබීය.
අරමුණු 17ක් හා ඒහා බැදුණු ඉලක්ක 169න් යුක්ත මෙම වැඩපිළිවෙළ මඟින් ජනතාවගේ ජීවන
තත්ත්වය නගා සිටු වීම සහ පරිසරය සුරැකීම අරමුණු විය.
තිරසාර සංවර්ධන අභිමතාර්ථ නොහොත් ගෝලීය අරමුණු. (Sustainable Development Goals)
- සියලු ආකාරයේ දිළිඳු බව, සියළු තැන්හීම දුරු කිරීම.
- කුසගින්න දුරලීම, ආහාර සුරක්ෂිතතාව හා ඉහළ පෝෂණයක් අත්පත් කර ගැනීම සහ කෘෂිකර්මය ප්‍රවර්ධනය කිරීම.
- නිරෝගී ජීවිතයක් තහවුරු කිරීම හා සියලු දෙනාට, සෑම වයසකදීම යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම.
- සමාන හා අන්තර්ග්‍රහණීය (සියලු සමාජ ස්ථරයන්ට අවස්ථාවක් ලැබෙන) වූ අධ්‍යාපනයක් ලබා දීම.
- ස්ත්‍රී පුරුෂ සමාජභාවය අත්කරගැනීම සහ කාන්තාවන් හා ගැහැණු ළමුන් බලගැන්වීම.
- සැමට ජලය ලැබීම හා තිරසාර ජල කළමනාකරණය හා සනීපාරක්‍ෂාව ලැබීම තහවුරු කිරීම.
- දරාගත හැකි වූ, විශ්වාස්‍ය වූ, තිරසාර හා නූතන බලශක්තිය සඳහා ප්‍රවේශය සැමට තහවරු කිරීම.
- දරාගත හැකි, අන්තර්ග්‍රහණීය සහ තිරසාර ආර්ථික වර්ධනයක් සම්පූර්ණ හා ඵලධායී රැකියාවක් හා සැමට ගෞරවාන්විත වෘතියක් ලැබීම හා ප්‍රවර්ධනය.
- ප්‍රත්‍ය්සථ වූ යටිතල පහසුකම් තැනීම, අන්තර්ග්‍රහණය හා තිරසාර කාර්මීකරණයක් ප්‍රවර්ධනය, නවෝත්පාදනය ධෛර්යමත් කිරීම.
- රටවල් ඇතුළත හා රටවල් අතර ඇති අසමානතාව අඩු කිරීම.
- නගර හා මානව ජනාවාස අන්තර්ග්‍රහණය, ආරක්ෂිත ප්‍රත්‍යස්ථ හා තිරසාර බවට පත් කිරීම.
- තිරසාර පරිභෝජනය හා නිෂ්පාදන රටා තහවුරු කිරීම.
- දේශගුණික වෙනස්වීම් හා එහි බලපෑම් වැළැක්වීම සඳහා කඩිනම් පියවර ගැනීම.
- සාගර, මුහුදු හා සමුද්‍රීය සම්පත් සංරක්ෂණය කීරීම හා තිරසාර සංවර්ධනය සඳහා යොදා ගැනීම.
- භෞමික පරිසර පද්ධතිය ආරක්ෂා කරගැනීම, ප්‍රතිස්ථාපනය කිරීම හා තිරසාර භාවිතය ප්‍රවර්ධනය කිරීම, වනාන්තර තිරසාර ආකාරයෙන් කළමනාකාරණය කිරීම, කාන්තාරකරණය වැළැක්වීම, භූමි හායනය වළක්වා එය ප්‍රතිවර්තනය කිරීම හා ජෛව විවිධත්වය අහිමි වීම නැවැත්වීම.
- තිරසාර සංවර්ධනය සඳහා වූ සාමකාමී අන්තර්ග්‍රහණය වූ සමාජ ප්‍රවර්ධනය හා සැමට සාධාරණය සඳහා ප්‍රවේශය සැපයීම හා අන්තර්ග්‍රහණය වූ ආයතන සෑම මට්ටමකම ස්ථාපිත කිරීම.
- තිරසාර සංවර්ධනය සඳහා වූ ගෝලීය සහයෝගීතාව ක්‍රියාත්මක කිරීමේ සහ නව ජීවයක් දීමේ මාර්ග ශක්තිමත් කිරීම.
කෙසේ වෙතත් මෙම
ඉලක්ක මුහුණ පාන විවිධ අභියෝග අබිබවමින් ගෝලීය වසංගතයක් විසින් තිරසාර සංවර්ධනය
කෙරෙහි ඇති කරන ලද බලපෑමේ ප්‍රතිවිපාක පිළිබඳ සාකච්ඡා කිරීමට අපට සිදුව තිබේ.
කොවිඩ් 19
වසංගතය මතුවීම සහ ශීග්‍රයෙන් පැතිර යාම හේතුවෙන් අප පෙර නොවූ විරූ ආකාරයේ
ගෝලීය, සෞඛ්‍යය ආර්ථික මානුෂවාදී අර්බුදයකට මුහුණපා සිටිනු ලැබේ. දේශගුණික අර්බුදය
විසින් උත්ගත කරන ලද, වසංගතය විසින් ඇති කරන ලද ආර්ථික අර්බුදය විසදීමේහිලා අපට
හරිතමය ප්‍රකෘති කරණ ක්‍රියාවලියකට යොමු වීමේ අවශ්‍යතාවක් පවතී. ඒ අනුව තිරසාර
සංවර්ධන අරමුණුවල අවශ්‍යතාව අපට වඩාත් තදින් දැනෙමින් පවතී. කෙසේ වෙතත් එම අරමුණු
ඉටු කර ගැනීම කෙතරම් අභියෝගාත්මකද යන්න විශ්ලේෂණය කිරීම මෙහි අරමුණයි.
වසංගතය විසින්
වඩාත් සමානාත්මතාවයෙන් යුත් ජන සමාජයක් බිහිකිරීම සඳහා ගෙන යනු ලබන ප්‍රයත්නයට
දැඩිලෙස බාදා එල්ලවී තිබේ. එ.ජා. සංවිධානයේ වාර්තා අනුව කොවිඩ් 19 වසංගත සමය තුළ
ලෝකයේ ඇති නැති පරතරය වඩාත් තීව්‍ර වී දශක ගණනාවකට පසු මුල්වරට ලෝපුරා දිළිඳු කමේ
ප්‍රබලතාව වර්ධනය වී තිබේ.
ඊට අමතරව තිරසාර
සංවර්ධන වැඩපිළිවෙලෙහි 6වන අරමුණ වන පිරිසිදු ජලය හා සනීපාරක්ෂාව යන කාරණා වසංගතයට
එරෙහි සටන හා සම්බන්ධ සෘජු වැදගත්කමක් පවතින අතර ඊට දැඩි බලපෑමක් එල්ලවී තිබේ. ජල
සැපයුමට එල්ල වන බාධාවන් හා ජල හිඟය ඇතැම් කලාපවල අත් පිරිසිදු ලෙස සෝදා ගැනීමේ
පහසුකම් වඩාත් දුෂ්කර කොට තිබේ. වෛරසයට එරෙහි සටනෙහිලා පිරිසිදු කමේ ඇති වැදගත්කම
ජලය තිරසාර ලෙස භාවිත කිරිමේ අවශ්‍යතාව අවධාරණය කරයි.
කොවිඩි 19
වසංගතය කාන්තාවන් කෙරෙහි දෙයාකාරව බලපෑම් ඇති කරයි.
එනම් සෞඛ්‍යය, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා
සෙසු පුද්ගලයන්ට රැකවරණය සැපයීම යන්නයි.
“කොවිඩ් 19
වසංගතයෙන් වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ කාන්තාවන්ට වන අතර ඔවුන් ආදායම අහිමි වීමේ
සහ සමාජ සුභසාදන වැඩපිළිවෙළෙහි අනාරක්ෂිත භාවයට පත්වීමේ අවදානමට ලක් ව සිටී”,
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ප්‍රධානී ආචින් ස්ටෙයිනර්
ප්‍රකාශ කරයි.
එම ආයතනය
නිකුත් කල සංඛ්‍යා ලේඛන අනුව කොවිඩි 19 හේතුවෙන් කාන්තාවන් අතර දිළිඳු කමේ අනුපාතය
9% න් ඉහළ ගොස් තිබේ. (එමඟින් අදහස් වන්නේ කාන්තාවන් මිලියන 47ක් දිළිඳුකමට ලක්ව
ඇති බවයි) තිරසාර සංවර්ධන අරමුණු ඉටු කර ගැනීමේහිලා දශක ගණනාවක් පුරා ලෝකය ලබා ගත්
ප්‍රගතිය කණපිට හැරවීමට වසංගතය සමත්ව ඇති බවට මෙම සංඛ්‍යා ලේඛනය කදිම උදාහරණයකි.
වසංගතය ළමයින් අතර දිළිඳුකමද 15% න් වැඩිකර
ඇතැයි යුනිසෙෆ් ආයතනයේ සංඛ්‍යාලේඛන පෙන්නුම් කරයි. එමගින් ලොවපුරා දසලක්ෂ සංඛ්‍යාත
ළමුන් පිරිසක් සෞඛ්‍යමය වශයෙන් අනාරක්ෂිත භාවයකට ලක් කර ඇති අතර අධ්‍යාපන අයිතිය
අහිමි කර මන්දපෝෂණ තත්ත්වයට පත්කොට තිබේ. ලොව පුරා ළමයින් මිලියන 24ක් පාසල් හැර
යාමේ අවදානමක් උද්ගත වී තිබේ. ඊට අමරව මේ වසර තුල ලොව ළමයින් දසලක්ෂ සංඛාත
පිරිසකගේ අධ්‍යාපනයට බාධා පැමිණ තිබේ. හදිසි ආපදා ක්‍රියාමාර්ගන්ගේ පියවරයක් ලෙස වැඩිම
පීඩාවකට පත්ව සිටින්නේ වරප්‍රසාද අහිමි පන්තියට අයත් ළමයින්ය.
මිළියන ගණනක පිරිසක් නිවෙස්වල සිට වැඩ කිරීමට බලකෙරෙන තත්ත්වයක් තළ අඟුළු ලෑමේ කොටසක් ලෙස කාර්යාල හා කඩසාප්පු වසා දමා ලොව පුරා සංචරණ සීමාවන් පනවා ඇකි පසුබිමක ආර්ථිකයට එල්ලවන පීඩා කාරී බලපෑම් තව තවත් උස්සන්න වේ.
අන්තර්ජාතික
කම්කරු සංවිධානය පවස අන්දමට වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස ලොව පුරා දසලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ
රැකියා අහිමි වී ඇති බවයි.
“මෙය තවදුරටත් ගෝලීය සෞඛ්‍යය අර්බුදයක් නොවන අතර
එය දැවැන්ත ආර්ථික අර්බුදයක් මෙන්ම රැකියා වෙළඳපොළ අර්බුදයක්ව ජනතාව කෙරෙහි
අතිවිශාල බලපෑමක් ඇති කරන බව” අන්තර ජාතික කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ගයි
රයිඩ්ර් පෙන්වා දේ.
කොවිඩ් 19 වසංගතයට
එරෙහි සටනෙහිලා පොදු වැඩපිළිවෙළක අවශ්‍යතාව
පවතී. ඉදිරි වසර කීපය තුළ තම රටවල ආර්ථික ප්‍රකෘතිකරණය සඳහා ලොවපුරා ආණ්ඩු
ඩොලර් ට්‍රිලියන 10ට වැඩි මුදලක් ආයෝජනය කළ යුතුව ඇත. එමඟින් වඩාත් සාධාරණ අර්බුදවලට
ඔරොත්තු දෙන ආර්ථික ප්‍රකෘති කරණයක් බලාපොරොත්තු විය හැක. එහිලා හරිතමය ප්‍රකෘතිකරණයක
අවශ්‍යතාව යළි යළිත් අවධාරණය කර යුතුව ඇත. සියල්ලන් ඇතුළත් කර ගත් පරිසර හිතකාමී
ආර්ථික ප්‍රකෘතිකරණයක් කරා ගමන් කර හැක්කේ එවිට පමණි. ඒ අනුව ගත් කල කොවිඩ් 19
වසංගතයට මුහුණ දීම යනු තිරසාර සංවර්ධන අරමුණු ඉටු කර ගැනීමෙහි සඳහා යන ගමන වඩාත්
ශක්තිමත් කර ගැනීම අවධාරණය කරනු ලබයි.
No comments:
Post a Comment