Tuesday, 10 August 2021

හික්කඩුව සුන්දර කොරල්පර සමඟ ඇති ප‍්‍රධාන පාරිසරික ගැටළු ද්විතීයික දත්ත භාවිතා කරමින් ගැටළුවේ උපනතීන් හා ගැටළුව විසදිමට යෝජනා කළ හැකි විසඳුම්



හික්කඩුවේ සුන්දර කොරල්පර

හැදින්විම

දකුණු පළාතේ හික්කඩුව වෙරළ තීරය ආශි‍්‍රත කොරල්පර දෙස්විදෙස් ජනතාවගේ සිත්  ඇඳගන්නා සුන්දරත්වයෙන් යුතුය. ශි‍්‍ර ලංකාව අන්රටටවලට සාපේක්ෂව ජෛව විවිධත්වයෙන් ඉහළස්ථානයක පවතී. එයට කොරල්පද්ධතිය එක්කරන්නේ සුවිශේෂි දායකත්වයකි. හික්කඩුවේ වෙරළ ආශි‍්‍රත නොගැඹුරු මුහුදේ පිහිටා ඇති කොරල්පර ලංකාව තුළ පිහිටා ඇති වටිනාකමින් වැඩි ම සුන්දරම කොරල්පරිසරය ලෙස සැලකිය හැක. 

දශක ගණනාවක්  තිස්සේ ශ්‍රී ලංකාවේ සුන්දරත්වයට දායකත්වය සැපයු මෙම කොරල්පද්ධතිය දිගු කාලයක පටන්හායනයට පත්වන ආකාරයක්දැකිය හැක. මෙම කොරල්පර විනාශයට හික්කඩුව හා අවට ප‍්‍රදේශවල පවතින විවිධ කර්මාන්තයන්ගෙන් බලපෑමක් ඇති වේ. විශේෂයෙන් ම ඒ ඒ ප‍්‍රදේශවල පවතින දිිළිඳුකම මෙයට වැඩි වශයෙන්බලපාන බවක්පැහැදිලිය. හුණු කර්මාන්තය, කොහු කර්මාන්තය,ධීවර කර්මාන්තය, සංචාරක කර්මාන්ත ඉතා වේගයෙන්සිදු වන මෙම ප‍්‍රදේශවල ඒවායේ අතුරු ප‍්‍රතිඵලයන්ලෙස ස්වභාව ධර්මයේ අපුරු නිර්මාණයක් වු කොරල්පද්ධතින්විනිශයට පත්විම සිදුවේ.

මෙම විනාශයෙන්කොරල්පරිසරය රැක ගැනීමට රජය විසින් නොයෙක් වැඩසටහන් ඉදිරිපත් කර ඇති ආකාරයක් පැහැදිලි වේ.. 

ජලයෙන් වට වු ලෝකය තුළ විශිෂ්ට ජෛව විවිධත්වයකට උරුමකම් කියන සුන්දර පාරිසරික පද්ධතියක් ලෙස කොරල් පර පෙන්වා දිය හැකිය. 

”‘සාගරයේ වැසි වනාන්තර’:ඍ්සබ දෙරුිඑ දෙ එයැ ධජැ්බි* ලෙසින් හඳුන්වන මෙම කොරල් පරිසර ලොව වඩාත් අලංකාර ම පරිසර පද්ධති ලෙස සැලකේ. මුළු මත්ස්‍ය සම්පතෙන් 1/3 ආසන්න ප‍්‍රමාණයක් යැපෙන්නේ මේ කොරල් ආශ‍්‍රයෙනි.”

ශි‍්‍ර ලංකාවේ සමුද්‍ර පරිසර පද්ධතිය තුළ වටිනාම ජෛව විවිධත්වයක් පවතින්නේ කොරල්පර ආශි‍්‍රතවය. කොරල්පර ගොඩබිම් පරිසර පද්ධතියන්ට වඩා ඉහළ ප‍්‍රාථමික ඵලදායිතාවන් පෙන්වන්නකි. කොරල්පරවල ජෛව විවිධත්ව වටිනාකම වැඩිවීමට එවා ආශි‍්‍රතව වසන විසිතුරු මසුන්, අපෘෂ්ඨවංසීන්, ශාක හා පැළෑටි බලපා ඇති අතර ම විනෝදාත්මක, අධ්‍යාපනික හා පර්යේෂණ අතින් ද ඉහළ තත්ත්වයක් හිමි වී ඇත.

” ශ‍්‍රි ලංකාව තුළ‍්‍ර දැනට පාෂාණ කොරල්පර වර්ග 117ක් වාර්ථා වී ඇති අතර ඒවා අතරින් ප‍්‍රධාන ඒවා වන්නේ වැලිගල් කොරල්පර, මහගල් කොරල්පර හා කොරල්පරය” (ධනපාල,ආරියසේන:2005,98*

ලංකාව තුළ සුවිශේෂි කොරල්පර ලෙස හික්කඩුව හා බොනවිස්ටා කොරල්පරහඳුන්වා දිය හැක. කොරල්පර පිළිබඳ විග‍්‍රහ කිරිමේ දී හික්කඩුව වෙත යොමු වන්නේ විශේෂ අවධානයකි. හික්කඩුව නගරය අවට මුහුදු තීරයේ උෂ්ණාත්වය සෙන්ටිගේ‍්‍රඞ් අංශක 20-30ත් විමත්, කොරල්පර පැවැත්ම සඳහා අවශ්‍ය ලවණ සාන්ද්‍රණය සියයට 30 සිට 55 අතර ප‍්‍රමාණයකින් සමන්විත විමත් යන කරුණු මත හික්කඩුව මුහුදු තීරය ආශ‍්‍රීත ව සුන්දර කොරල්පර නිර්මාණය වීමට අවකාශය සැලසී ඇත. හික්කඩුව ආශි‍්‍රත කොරල්පර අනෙකුත් රටවල කොරල්පරවලට වඩා සුන්දරත්වය අතින් අද්වීතිය වේ. එමෙන්ම වෙරළට සමීපව පිහිටි තිබීම නිසා ද හික්කඩුවේ කොරල්පර සුවිශේෂි වේ.

 හික්කඩුවේ කොරල්පර හායනයට ලක්විම.

    දේශිය මෙන්ම විදේශිය ජනයාගේ සිත් අමන්දානන්දයට පත්කළ කොරල්පර වසර ගණනාවක සිට කෙමෙන් කෙමෙන් හායනයට පත්වන ආකාරයක් දැකිය හැක. මිනිසාගේ විවිධ ක‍්‍රියාවන් මෙන්ම පාරිසරික හේතුන් නිසාවෙන් ද කොරල්පර වර්ථමානය වන විට විශාල ලෙස විනාශයට පත් ව ඇත. මෙම විනාශය සිදුවිමට බලපාන හේතුන් ලෙස පෙන්වා දිය හැක්කේ,

 ”වෙරළ සංවර්ධනය, පමණ ඉක්මවා මසුන් මැරීම,ජල දුෂණය, රොන්මඬ තැන්පත් විම වැනි  බාධක හේතුකොටගෙන ලෝකය පුරා ම වාගේ වර්තමානයේ කොරල්පරවල පැවැත්ම දැඩි අවධානමකට හා තර්ජනයකට ලක්ව ඇත.”(ධනපාල,ආරියසේන:2005,176*

     හික්කඩුව ආශිත අකුරල,මාදම්පා,ගොඩගම...වැනි ගමිවල හුණුගල් කර්මාන්තයේ නියතු පිරිස් විශාල ලෙස දැකිය හැක. හිරිගල් නොහොත් කොරල්පර ආශිතව මෙම කර්මාන්තය සිදු කරනු ලැබේ. මළ කොරල්පර යොදා ගනිමින් හුණු නිෂ්පාදනය කිරිම තුළ විශාල වශයෙන් කොරල්පර කැඩිම නිසා හුණුගල් ආශි‍්‍රත කර්මාන්ත සෘජු ලෙස ම කොරල්පර විනාශයට සම්බන්ධ වේ. මෑතක සිට ගොඩනැගිලි ඉදි කිරිම් වෙගවත් විම නිසා හුණු ඉල්ලූම ද වේගයෙන් ඉහළ ගොස් ඇත. මේ මඟින් කොරල්පර සීඝ‍්‍රයෙන් විනාශයට ලක්වේ.තවදුරටත් වානිජ පරමාර්ථයෙන් මෙන්ම කොරල්පර නැරඹිමේ දී කොරල් පර කැඩිම නිසාත් වෙරළ ඉදි කිරිම් නිසාවෙන් කොරල් කැඩිම තුළිනුත් විශාල ලෙස කොරල්පර හායනයට ලක් වේ.

එසේම මුහුදු තිරයේ කුණු කසල එකතු විම නිසායෙන් ද කොරල්පර විශාල වශයෙන් හායනයට පත්වන ආකාරයක් දැකිය හැක. කුණු කසල එකතු විම නිසා වෙරළ පද්ධතින් දුෂණයට ලක් වන අතර ම ඒ තුළින් කොරල් පරිසර පද්ධතිවල පැවත්මට තර්ජනයට ලක් වි ඇත.

”මානව ජනාවාස වෙරළාශි‍්‍රත හෝටල් සහ කර්මාන්තවලින් බැහැර කරන අපද්‍රව්‍ය සාගරයට එක් විම නිසා ද සාගරික පරිසර පද්ධති හායනයට පත් වෙමින් පවති.”(කරුණාරත්න:2009,200*

 ජනාවාස එමෙන්ම හෝටල් හා කර්මාන්තශාලාවලින් අපද්‍රව්‍ය මුහුදට දැමිම මත එමෙන්ම වෙරළ ඛාදනයට ලක්විම මත ද කුණු හා රොන්මඬ කොරල්පර මත රැුදිම තුළ ද කොරල්පර දුර්වර්ණ වී දිරාපත් වීමට ලක්වේ.   

එමෙන්ම කර්මාන්ත ශාලා මඟින් නිකුත් කරන අහිතකර වායුන්, රථවාහන මඟින් නිකුත් කරන වායුන් නිසාවෙන් ඔසොන් ස්ථරය වියැකීමනිසා පාරජම්බුල කිරණ විවෘත වීම මතමිහිතලය උණුසුම් වීමට ලක්වේ. එවිට එහි ප‍්‍රතිඵලයක් ලෙස මුහුදේ උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් ද එසේම නෟකාවන් තුළින් වන බලපෑම නිසාවෙන් ද කොරල්පර දුර්වර්ණයට පත් වී පසුව විනාශ විමට කරුණු යෙදෙන බවට බොහෝ කොරල් විශේෂඥයන් අදහස් දක්වා ඇත.

”උණුසුම් සාගර ජලය හා ඉහළ යන මුහුදු මට්ටම කොරල්පර සඳහා ගැටලූ රාශියක් ඇති කරන බවට කිසිම සැකයක් නැත”(ධනපාල,ආරියසේන:2005,176*

    විශාල ලෙස කොරල් පද්ධතින් විනාශ විමට බලපාන ප‍්‍රධාන හේතුවක් ලෙස ධීවර කර්මාන්තය  ආශ‍්‍රීත ගැටළු පෙන්වා දිය හැක. ධීවර කර්මාන්තය තුළ යොදා ගන්නා හිතකාමි නොවන ධීවර ආම්පන්න නිසාවෙන් විශාල ලෙස කොරල්පර හායනය වර්ධනය වී ඇත. හික්කඩුව ආශි‍්‍රතව මත්ස්‍ය ඇල්ලීම සඳහා ඩයිනමයිට් වැනි පුපුරන ද්‍රව්‍ය යොදා ගැනීම බහුලව සිදුවේ. ඒවායින් ඇතිවන කම්පනය තුළින් විශාල මත්ස්‍ය ප‍්‍රමාණයක් ලබාගත හැකි වුව ද එමඟින් කොරල්පර දෙදෙරා යාම තුළත් කැඩියාම තුළත් විශාල ලෙස විනාශයට පත් විමක් සිදුවේ. එමෙන්ම මසුන් ඇල්ලීම සඳහා කොරල්පර මත දැල් එලීම තුළ ද කොරල්පර විනාශ විමක් සිදු වේ. කොරල්පර මත ත‍්‍රිතිව දැල් එලීම මත, ටොක්සි දැල් හා නල්ලූ දැල් භාවිතය තුළ මෙම හායනයන් පුළුල් විමක් දැකගත හැකිය.

ශි‍්‍ර ලංකාවට විදේශිය මුදල් ගලා එන ප‍්‍රධාන මාර්ගයක් ලෙසසංචාරක කර්මාන්තය හඳුන්වා දීමට හැක. බොහෝ සංචාරකයන් මෙරටට පැමිණෙන්නේ සුන්දර වෙරළ තීරයේ පහස ලබන්නට ය. එහිදී හික්කඩු ප‍්‍රදේශයට හිමි වන්නේ ප‍්‍රමුඛස්ථානයකි. හික්කඩු ප‍්‍රදේශය කොරල්පර නිසාම සංචාරකයන්ගේ සිත් දිනා සංචාරක නගරයක් ලෙස ප‍්‍රසිද්ධිය ලබා ඇත. විශාල වශයෙන් හික්කඩුව කරා එන සංචාරකයන් කොරල්පර නැරඹිමේ දී එවා ඇල්ලීම,කැඩිම, එසේද ඒවා මත නැගීම පිහිනීම නිසා ද මෙරටට කොරල්පර සුන්දරම කොරල් පද්ධතීන් පිහිටා ඇති හික්කඩු ප‍්‍රදේශයේ කොරල් විශාල ලෙස විනාශයට පත්වන ස්වභාවයක් දක්නට ලැබේ.

    තවදුරටත් හික්කඩුව ප‍්‍රදේශය දැකිය හැකි ප‍්‍රධාන කර්මාන්තයකි විසිතුරු භාණ්ඩ වෙළදාම. සංචාරක කර්මාන්තය නිසාම ශිඝ‍්‍රයෙන් ව්‍යාප්ත වු ව්‍යාපාරයක් ලෙසින් මෙය හඳුන්වා දිය හැක. බොහෝ විසිතුරු භාණ්ඩ නිර්මාණය සඳහා මොවුන් යොදා ගනු ලබන ප‍්‍රධාන අමුද්‍රව්‍ය වන්නේ කොරල්පර කොටස් ය. ස්වභාවික සුන්දරත්වයෙන් පුර්ණ වු මේ විසිතුරු භාණ්ඩ විශාල ලෙස අලෙවි වන නිසා මිනිසුන් තම ජිවනෝපායන් බවට මෙය යොදා ගනිමින් විශාල ලෙස විසිතුරු භාණ්ඩ නිපදවීම මත කොරල්පර කැඩිම සිදුකරයි. එසේම සිහිවටන තබා ගැනිම සඳහා ද කොරල්පර කැඩිම සිදු කරයි. මෙය ද සංචාරක කර්මාන්තය දියුණු ප‍්‍රදේශයක් වු හික්කඩුවේ විශාල ලෙස දැකිය හැක.

    යාන්ත‍්‍රික බෝට්ටු නතර කිරිමට නැංගුරම් භාව්තා කිරිම තුළ ද කොරල්පර විනාශයට පත්වේ. හික්කඩුව ප‍්‍රදේශයට කොරල්පර නැරඹිම සඳහා එන දෙස් විදෙස් සංචාරකයන් බෝට්ටු මඟින් ප‍්‍රවාහනයේ දී  මුදල් ලබා ගැනීම පමණක් අරමුණු කොට අනාරක්ෂිත ආකාරයෙන් බෝට්ටු නැංගුරම් මුහුදු පත්ලට බැස්සවීම නිසා කොරල්පර සීරිම සහ කැඩිම මඟින් විනාශයට පත් වේ.

මුහුද ආශ‍්‍රිත අකුරළ,ගොඩගම,තෙල්වත්ත ආදී වෙරළ කොටස්වල සුද කොහු සැදීම සඳහා පොල්ලෙලි පල් කිරිම හේතු කොටගෙන ද කොරල්පර විනාශයට පත්වන ආකාරයක් දැකිය හැක.

1997 වර්ෂයේ සිට 2002 වර්ෂය අතර කාලය තුළ හික්කඩුවේ කොරල්පර සුදු විමේ කි‍්‍රයාවලියෙන් පමණක් 50%ත් 80%ත් අතර ප‍්‍රමාණයක් විනාශ වි ඇති බව ප‍්‍රකාශ වේ.

මේ කරුණු මඟින් පැහැදිලි වන්නේ හික්කඩු නගරය තුළ වර්තමාන තත්ත්වය වන විට විශාල වශයෙන් කොරල්පර හායනය ඉහළ ගොස් ඇති බවය. මේ හායනය වළකා කොරල්පර සංරක්ෂණයට රජ්‍ය මඟින්  කොතෙකුත් පියවර ගෙන ඇතත් හික්කඩු ප‍්‍රදේශයේ ජනතා සහය නොලැබීම මත ඒ සියලූ ක‍්‍රියාමාර්ග පුර්ණ වශයෙන්ම සාර්ථක කර ගැනීමට නොහැකිව ඇති බවය.

කොරල් පර සංරක්ෂණයට ගෙනක ඇති පියවර,

මත්ස්‍ය සම්පත් නෙළා ගැනීමේ දී පුපුරණ ද්‍රව්‍ය භාවිතා කිරිම හෝ වස විස යෙදීම වැනි දේ තහනම් කොට රාජ්‍ය මඟින් ආඥාපනත් නිකුත් ඇත. 1889 බලාත්මක වු ආඥාපනත සහ පළාත් මණ්ඩල ආඥාපනත යටතේ ද 1909 දඩ හා ස්වාරක්‍ෂක ආඥාපනත යටතේ ද දඬුවම් ලැබිය යුතු වරදක් ලෙස තහනම් කර ඇත. (කුලතුංග:2000,24*

1940 ධීවර ආඥාපනත යටතේ  1996 නව ධීවර හා ජලජ සම්පත් පනත යටතේ ද සම්පත් නෙළා ගැනීම පිණිස යොදා ගන්නා මෙම විනාශකාරි ක‍්‍රම සම්පුර්ණයෙන් ම තහනම් කොට ඇත.කොරල් පර මත ත‍්‍රිත්ව දැල් එලීම, නල්ලූ දැල් භාවිතය, ටොක්සි දැල් භාවිතය 1996 ධීවර මෙහෙයුම් නියෝග යටතේ සම්පුර්ණයෙන් ම තහනම් කොට ඇත. වෙරළ සංරක්ෂණ පනත (1998 සංශෝධිත* යටතේ ද නව ධීවර හා ජලජ සම්පත් පනත 1996 යටතේ ද කොරල් පර කැඩිම සම්පුර්ණයෙන් තහනම් කොට ඇත.

තවදුරටත් ජෛව විවිධත්ව සංරක්ෂණය පිළිබඳ ජාතික හා ජාති්‍යන්තර මට්ටමින් සම්මුතින්ට එළඹ ඇත. ඒවා ජාතික හා ජාති්‍යන්තරිකව පිළිගත් සම්මුතින් වේ

1958 මධ්‍යම සාගරික කලාපවල ධීවර කර්මාන්ත සහ ජෛව සම්පත් සංරක්ෂණ පිළිබඳ සම්මුතිය.

1992 ජෛව විවිධත්ව සංරක්ෂණය පිළිබඳ සම්මුතිය.

1981 අංක 57 දරණ වෙරළ සංරක්ෂණ පනත හා 1988 අංක 64 දරන වෙරළ සංරක්ෂණ පනත් යටතේ හිරිගල් කැඩිම නිතී වීරෝධි ලෙස ප‍්‍රකාශ කිරිම.

කොමෂල් බැංකුවේ දායකත්වයෙන් හික්කඩුව සමුද්‍රිය ජාතික උද්‍යානයේ කොරල්පර නැවත වගා කිරිමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරිම.

හික්කඩුව ප‍්‍රදේශය තුළ අක්කර 110ක සාගර අභය භුමියක් ලෙස 1979 දී වන සංරක්ෂණ දෙපාර්තමෙන්තුව යටතේ ඇති කිරිම.


කොරල් පද්ධතින් ආරක්ෂා කිරිමට යෝජනා කළහැකි ක්‍රියාමාර්ග

     කොරල්පර හායනයට ලක් වන්නේ ප‍්‍රධාන ලෙස ම පුද්ගලයාන් දිළිදුකම නිසාවෙන් පවත්වාගෙන යන ඒ ආශි‍්‍රත රැුකියාවන් නිසාවෙනි. ධීවර කර්මාන්තයේ දී ධීවරයන් භාවිතා කරන හිතකාමි නොවන උපකරණ රජය මඟින් තහනම් කරන අතරම එම ආයුධ වෙනුවට යොදාගත හැකි හිතකාමි උපකරණ ධීවරයන්ට හඳුන්වා එම උපකරණ ලබා ගැනීමට රජය මඟින් සහනශිලි ක‍්‍රියාමාර්ගයක්  කි‍්‍රයාත්මක කළ හැක. එසේම හුණුගල් නිෂ්පාදන සඳහා මළ කොරල් ලබා ගැනීමේ දී විධිමත් ක‍්‍රියා පිළිවෙලක් යොදි ගැනීම. විසිතුරු භාණ්ඩ නිෂ්පාදන සඳහා විශාල ලෙස කොරල් භාවිතය තහනම් කොට විකල්ප මාර්ග හඳුන්වා දිය හැක.

    එසේ ම හික්කඩුව හා අවට ගම් වාසින්ට කොරල් පද්ධතින්ගේ පවතින වටිනාකමත් කොරල්පර තුළින් නගරයට ලැබි ඇති වටිනාකමත් පෙන්වා දීමට වැඩමුළුවක් සංවිධානය කළ හැක.

    කොරල්පර කැඩිම හා ඒවා ඒවා විනාශයට පත්වන ආකාරයට කොරල්පර නැරඹිමට නොහැකි වන සේ ආරක්ෂිත කි‍්‍රයාමාර්ග ගතහැක ඒ යටතේ ආරක්ෂක නිළධාරින් යෙදීම, කොරල් පර ආසන්නයට පැමිණිමට නොහැකි වන සේ ආවර්ණ කලාප ඇති කිරිම. වෙරළට අපද්‍රව්‍ය යෙදීම වැනි දේ තහනම් කොට නිතී පනවා නිතී උල්ලංඝණය කරන පුද්ගලයන්ට විරුද්ධව නිතී ක‍්‍රියාත්මක කිරිම.

කොරල්පර විනාශ විම වළක්වා නැවත කොරල්පර නිර්මාණයට බොහෝ රටවල මෙන් පැරණි නැව් මුහුදේ ගිල්වා කොරල්පර වගා කළ හැක.

හෝටල් හිමියා ද බෝට්ටු පදවන්නා ද වෙරළ බඬ ජනතාව ද මේ සඳහා හවුල් කරගැනිම මත කොරල් පරිසරය ආරක්ෂා කිරිම සඳහා සාර්ථක වැඩපිළිවේලක් ක්‍රියාත්මක කළ හැක. 


ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය

1* කරුණාරත්න,එච්.කේ.එන්. ශ‍්‍රි ලංකාවේජෛවවිවිධත්වයසහමෑතකාලීනපාරිසරික අර්බුද.විජේසුරිය ප‍්‍රකාශන: බොරැල්ල,(2009)

2* කුලතුංග,ඒ.ඒ.සොබාසඟරාව.වෙරළබඩහාසමුද්‍රියධීවරසම්පත් :2000 ජුනි, වෙළුම 7 කලාපය 1,

3* ධනපාල, ඒ.එච්.ආරියසෙන්,සම්පත්.ජෛවවිවිධත්වය. ගැෆික්ස්ප‍්‍රකාශන:නුගේගොඩ, (2005)

4* ධනපාල, ඒ.එච්.ලෙනාඩ්,කුමාර. පරිසරපද්ධති. ඞී.ආර්.ඞීප‍්‍රකාශන:බොරලැස්ගමුව, (2006)

5* ප‍්‍රසන්නජිත්,මුදිත. ජෛවවිවිධත්වය. ආර්ය ප‍්‍රකාශකයෝ:වරකාපොල, (2006)

6* වීරක්කොඩි,උපාලි. ශ්‍රී ලංකාවේ පාරිසරික හා සංරක්ෂණ විධි.තරංජි ප්‍රකාශන:කොළඹ,(2003)

7* වෛද්‍යසේකර, ලක්ෂ්මන්. ජෛවවිවිධත්වයහාසත්ත්වලෝකය. විජේසුරියප‍්‍රකාශන:මුල්ලේරියාව, (2005)

8* සේනාරත්න, පී.එම්.ශ්‍රී ලංකා වනෝද්‍යාන.සරසවිප‍්‍රකාශකයෝ: නුගේගොඩ,(2006)

No comments:

Post a Comment