මිලිටරි සංවිධාන යනු
බොහෝ විට සන්නද්ධ හමුදා සහ මිලිටරි යන වදන් සමානාර්ථ සේ යොදා ගත්ත ද තාක්‍ෂණීකව සන්නද්ධ හමුදා යන්නට මිලිටරි සහ පැරාමිලිටරි දෙකම අයත් වේ. වර්තමානයේ දී ලොව පවතින සෑම රාජ්‍යයක් ම පහේ පවතින්නේ මිලිටරිමය ශක්තිය මතයි. මෙම අංශය රටක් තුල ක්‍රියාත්මක වන්නේ එම රටේ ආරක්ෂක අමාත්‍යංශයට අනුබද්ධිතවය. රටක ශක්තිය හා ජාත්‍යන්තර වශයෙන් බලපෑම් කල හැකි පරිමාව තීරණය වන්නේ එම රට සතු මිලිටරි ශක්තිය හා එම මිලිටරි සංවිධාන සන්නද්ධ කර ඇති තාක්ෂණය අනුවයි.
උදා:
ඇමරිකාව ලෝකයේ සුපිරි බලවතා වී අත්තේ ඔවුන් සතු විශාල හමුදාව හා එම හමුදාව සතු තාක්ෂණය හේතුවෙනි.
චීනය හා ඉන්දියාව ලෝක හා කලාපීය බලවතෙකු වී ඇත්තේ ලෝකයේ විශාලතම හමුදාවන් තමන් සතුව පැවතීම හේතුවෙනි.
පොදුවේ පිළිගත් මතය අනුව මිලිටරි සංවිධානයක් යනු:
“Military organization is the structuring of the armed forces of a state so as to offer military capability required by the national defence policy.”
“පවත්නා හෝ ඇතිවිය හැකි යැයි විශ්වාස කරන තර්ජන වලට විරුද්ධව සටන් කර ස්වකීය රට හෝ රාජ්‍ය ආයතන ආරක්‍ෂා කර ගැනීම සඳහා අවි භාවිතය ඇතුළුව මරණ සිදු විය හැකි මට්ටමේ බලයන් යෙදවීමට රජයක් හෝ සමාජය විසින් හෝ අධිකාරිය ලබා දී ඇති සංවිධාන මිලිටරි නම් වේ.”
(ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික ආරක්ෂණ ප්‍රතිපත්තිය විසින් සකස් කරන ලද රාජ්‍ය ආරක්ෂක හමුදාවන්ගේ ප්‍රධානතම ව්‍යුහය මිලිටරි සංවිධාන වේ.)
ඕනෑම රටක ස්වෛරීත්වය ආරක්ෂා වීමටත්, බාහිර හා අභ්‍යන්තර සාමය හා ආරක්ෂාව පවත්වා ගැනීමටත් මිලිටරි සංවිධානයන්ගෙන් ලැබෙන්නේ අනුපමේය සේවයකි. මිලිටරි සංවිධාන රටේ දේශසීමා ආරක්ෂා කිරීමට මෙන්ම එම රටේ ජීවත්වන ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීමටත් බැදී සිටින අතර ඊට අමතරව යුද්ධයක් නොමැති අවස්ථාවලදී පවා ඇති වන හදිසි ආපදා අවස්ථාවලදී ජනතාවට සහන් සේවා කටයුතු සැලසීමට මිලිටරි සංවිධානවලට හැකියාවක් පවතී.
උදා: 2004 ලංකාවේ ඇති වූ සුනාමි ඛේදවාචකයේ දී ජනතාවට සහන සැලසීමේ කාර්යයේ මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබූයේ ලංකාවේ මිලිටරි සංවිධානයි.
ඊට අමතරව රාජ්‍ය බලයට අභියෝග එල්ල වූ අවස්ථාවලදී ඒවා මැඩ පැවැත්වීම ද මිලිටරි සංවිධානවල කාර්යය වේ.
රාජ්‍ය බලයට අභියෝග එල්ල විය හැකි ආකාර
• අභ්‍යන්තර
• බාහිර
• අභ්‍යන්තර නිදසුන්
ලංකාවේ වසර 30ක් පමණ පැවති LTTE ත්‍රස්තවාදී යුද්ධයේදී
1971 හා 1987-89 යන වර්ෂවල දී රාජ්‍ය බලයට එල්ල වූ අභියෝගය ආදී අවස්ථාවලදී
ලාංකේය මිලිටරි සංවිධාන රාජ්‍ය බලය රැක ගැනීමට කටයුතු කිරීම.
• බාහිර නිදසුන්
1980 දශකයේ දී ඉරාකය විසින් ඉරානය ආක්‍රමණය කල අවස්ථාවේ දී ඉරාන හමුදා තම දේශ සීමා ආරක්ෂා කිරීමට සටන් වැදීම.
දෙවන ලෝක සංග්‍රාමයේ දී ජර්මනිය විසින් රුසියාව ආක්‍රමණය කිරීම.
මේ අනුව බැලීමේ දී පෙනී යන කාරණයක් වන්නේ මිලිටරි සංවිධානවල සුජාත භාවය මත කොටස් දෙකකට එය බෙදෙන බවයි.
එනම් රාජ්‍ය බලය ඇති මිලිටරි සංවිධාන සුජාත මිලිටරි සංවිධාන වේ.
ලංකාවේ හමුදාව ලොව පිළිගත් හමුදාවක් වේ.
රාජ්‍ය බලය නැති සංවිධාන ත්‍රන්ත්‍රවාදී හෝ නීති විරෝධී මිලිටරි සංවිධාන වේ.
LTTE සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් වන අතර එය ලොව තහනම් සංවිධානයක් ද වේ.
නමුත් එම මිලිටරි සංවිධාන දෙකෙහි ම ව්‍යුහය බොහෝ දුරට සමාන වේ. මිලිටරි සංවිධානවල ඇති විශේෂත්වය වන්නේ එය තුළ නිලබල ක්‍රමය නියමාකාරයෙන් ම පැවතීමයි. පහළ සිටින සෑම පුද්ගලයෙක් ම හා තනතුරක් ම තම ඉහල නිලධාරියාට වගකිව යුතු අතර ඉහළින් ලැබෙන නියෝග කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරවම ක්‍රියාත්මක කල යුතු වේ. ඒ වගේ ම නිතර ම පහළින් සිටින පුද්ගලයන් ඉහළින් නිශ්චිත නියෝග අපේක්ෂා කරනු ලැබේ. මිලිටරි සංවිධානයන්ගේ සාර්ථකත්වය රඳා පවතින්නේ ඉහතින් සඳහන් කරන ලද ක්‍රියාවලිය හරියාකාර සිදුවන්නේ නම් පමණි.
රාජ්‍යයේ අනෙකුත් පරිපාලන අංශ හා සැසඳීමේ දී මිලිටරි සංවිධානවල කාර්යයන් නිශ්චිත වන අතර රාජකාරිය අතපසු කිරීමක දී හෝ විනය කඩ කිරීමක දී ලැබෙන දඬුවම් අනෙකුත් ක්ෂේත්‍ර හා සන්සන්දනය කිරීමේ දී බලවත් වේ.
No comments:
Post a Comment