Sunday 10 January 2021

ශ්‍රී ලාංකික ග්‍රාමීය ජන ජීවිතය පිළිබඳ සමාජ විද්‍යාත්මක විමර්ශනයක්

 


හැදින්වීම

ක‍්‍රමානුකුලව සිදුවූ මානව විද්‍යාත්මක න්‍යායන්ගේ වර්ධනයත් සමගම ගැමි සමාජ පිළිබද අධ්‍යනවල සංකීර්ණත්වය ද ක‍්‍රමයෙන් වර්ධනීය මුහුණුවරක් ගෙන තිබෙි.මානව විද්‍යාඥයන් මෙන්ම සමාජ විද්‍යාඥයන් ද තමන්ට ආවෙිනික විශය සන්දර්භයන් මත පිහිටා විවිධාකාරයෙන් ග‍්‍රාමීය සමාජය නිර්වචනය කිරීම මෙය තවදුරටත් සංකීර්ණවීම කෙරෙහි බලපා තිබෙි. කාල් මාක්ස්,    එංගල්ස්පර්ඩිනන්ඩි ටෝනිස,් එමිල් දූර්ක්හයිමි වැන්නන් සෘජුවම නොවුනද ඔවුන්ගේ විවිධ න්‍යායන් විවරණය කිරීමෙිදී ගැමි සමාජ ලක්ෂණයන් ද එ් සදහා යොදාගෙන   සාමිප‍්‍රදායික ග‍්‍රාමීය කෘෂිකර්මාන්තය වර්තමානය වන විට විවිධ වෙනස් වීම් වලට ලක් වී ඇති අතර ඒ තුල විවිධ නවීකරණ ලක්ෂනයන් දැකිය හැකිය. අතීතයේ ගම ව්‍යූහගත වූයේ කෘෂිකර්මාන්තය කේන්ද්‍ර කොට ගෙනය. නමුත් ගම යන සංකල්පය අද වෙනස් වී එයට නාගරික ලක්ෂණ මුසුවී ගම හා නගරය යන සංකල්ප දෙක තුළ පිහිටා ගම යන්න අද හ`දුනා ගත හැකිය. රොබර්ට් රෙඩ්ෆීල්ඩ් වැන්නන් අධ්‍යනයට ලක්කරන ලද්දේ මෙබදු ජන සමාජ සම්බන්ධයෙනිග

අතීතයේ ගම යන සංකල්පය ගතහොත් විශේෂයෙන් ග‍්‍රාමීය ජනාවාස රටාව පවා පදනම් වී තිබුණේ  කෘෂිකර්මික අර්ථ ක‍්‍රමය මතය. ඒ අනුව ගම යනු කුමක්ද යන්න අධ්‍යනය කිරීමේදී ග‍්‍රාමීය කෘෂිකර්මාන්තය හා බැ`දුනු සමාජ ඒකකයක් ලෙස ද ගම හ`දුනා ගත හැකිය.මෙි අනුව කෘෂිකර්මාන්තය පදනමී කරගත් සමාජයන් තුළ ග‍්‍රාමීය සමාජ ලක්ෂණ පැවතියද ගම පිළිබද මෙයට වෙනස් වු අධ්‍යනයන් ද පවතී.රේමන්ඩ් පර්ත් විසින් අධ්‍යනය කරන ලද ධීවර සමාජයන් නිදසුන් වෙි.

බොකන්ඔරුව ග‍්‍රාමයේ පැවති හා පවතින කෘෂිකර්මාන්තය පිළිබ`දව මෙම නිබන්දනය හරහා සාකච්ඡුා කර ඇති අතර එය වී ගොවිතැන හා හෙන් ගොවිතැන ලෙස ප‍්‍රධාන අංශ දෙක යටතේම සාකච්ඡුා කර ඇත. මෙහිදී මුලින්ම අදාළ කෘෂි වපසරිය තුළ නිරීක්ෂණයන් සිදුකරමින් දත්ත ලබාගත් අතර පුද්ගලයන්ගෙන් ද තොරතුරු ලබා ගන්නා ලදි.එවැනි දත්තයන් ගුණාත්මක ස්වරූපයක් ගන්නා හෙයින් ද්විතීක දත්තයන් ද යොදාගන්නා ලදි.


                              ගම පිළිබද හැදින්වීම


ගම යන සංකල්පය දෙස බැලීමේදී ගම වූ කලී ග‍්‍රාමීය සමාජයේ මූලිකම ඒකකය විය. ගම සමාජ පරිණාමයේ එක් අවස්ථාවක බිහි වූවක් බව මානව විද්‍යාඥයින් පෙන්වා දෙයි. දඩයම් යුගයේ වනචාරි ජීවිතයක් ගත කළ මිනිසා කෘෂිකාර්මික ජීවන රටාවකට හුරු වීමත් සම`ග ගොවිතැන් කිරීම ඇරඹුණි. කෘෂිකාර්මික සමාජ රටාවත් සම`ග මිනිසුන් පවුල නැමැති සංවිධානය බිහිකර ගැනීමත් පවුල් රාශියක් එක් වී ප‍්‍රජාව වශයෙන් සංවිධානය වීමත් සම`ග ගම නැමැති  ඒකකය බිහි විය. මෙලෙස මිනිසුන් එක් ස්ථානයක පදිංචි වීම මත ශිෂ්ටාචාර ගත ලක්ෂණ ඇති වූ අතර ‘ගම’ මානව ශිෂ්ටාචාරය තුළ ක‍්‍රමානුකූලව වර්ධනය විය. 

ගම අතීතයේ භාහිර සබ`දතා වලින් ව්‍යුක්ත වූ ස්වාධීන ඒකකයක් ලෙස පැවතුණි. එනම් ආර්ථික, දේශපාලන, සමාජීය, සංස්කෘතික ආදී සබ`දතා වලින් තොරව ගම පැවතුණි. නමුත් බොහෝ සමාජ වෙනස් වීම් හමුවේ ගම නැමැති ඒකකය ද ස්වාධීන බවින් මිදී පරාධීන ඒකකයක් බවට පත් විය. නව ආර්ථික මෙන්ම දේශපාලන ප‍්‍රවණතා ග‍්‍රාමිය ප‍්‍රදේශයන්ට බලපාන්නට විය. විශේෂයෙන් ගම හා නගරය අතර සබ`දතා ගොඩනැ`ගීමත් සම`ග නගරයේ පවතින නව ප‍්‍රවණතා ගම කෙරෙහි විවිධාකාරයෙන් බලපෑම් කරනු ලැබිණි. ගම හා නගරය එකිනෙක මත ර`දාපවතින තත්වයක් මේ යටතේ ඇති විය. ආර්ථික, දේශපාලනික, සමාජීයම මෙන්ම සංස්කෘතිකමය වශයෙන් නාගරික ගති පැවතුම් ගම කෙරෙහි බලපාන්නට විය. ඒ අනුව ගම යන්න සාම්ප‍්‍රදායිකත්වයෙන් මිදුණු එහෙත් නාගරිකමය නොවන ඒකකයක් ලෙස හ`දුනා ගත හැකිය. ගම යන සංකල්පය අද වන විට පරාධීන ඒකකයක් වුව ද එය තවදුරටත් ස්වාධීන ඒකකයක් ලෙස ප‍්‍රජාව විසින් හ`දුනාගනු ලබයි.

ශ‍්‍රී ලංකා සංස්කෘතිය පිළිබ`දව අධ්‍යනයේදී ඒ තුළ ග‍්‍රාමීය සංස්කෘතිය හා බැ`දුණු ජන ජීවිතයක් පැවති අතර එය පදනම් කරගත් පැවැත්මක් ගැමියන් තුළ පැවතිණි. ග‍්‍රාමීය ප‍්‍රදෙශයන් වල ඊටම ආවේනික වූ සමාජ, ආර්ථික, දේශපාලන, තාක්ෂණික, සංස්කෘතික මෙන්ම අධ්‍යාත්මික වටිනාකම් පද්ධතියක් පැවතුණි. විශේෂයෙන් ග‍්‍රාමීය ප‍්‍රදේශයන් වල පවතින භූ විද්‍යාත්මක, දේශගුණික ආදී සාධක මත ගමේ ආර්ථික ක‍්‍රියාවලිය සකස් වූ අතර ඊට සාපේක්ෂව සංස්කෘතික, සමාජ අනන්‍යතාවයන්, පුද්ගල අන්තර් සබ`දතාවන් එම ගම් වලටම ආවේණික විය. 

සාම්ප‍්‍රදායික ගම් බොහෝ දුරට කෘෂි ආර්ථිකය මුල් කරගත් ඒකකයක් විය. විශේෂයෙන් ග‍්‍රාමීය සමාජයේ ජනවාස රටාව පවා නිර්මාණය වී ඇත්තේ කෘෂිකර්මාන්තය පදනම් කරගෙනය. විශේෂයෙන් ගම ගොඩනැගී ඇතතේ කුඹුර කේන්ද්‍රකර ගෙනය.    

කෙසේ වුවද වර්තමානයේ ග‍්‍රාමීය සමාජය විවිධාකාර වෙනස් වීම් වලට භාජනය වුවද ගම යන්න ඉතා වැදගත් ඒකකයක් ලෙස හ`දුනාගත හැකිය. එනම් රටක සංවර්ධනය ස`දහා අවශ්‍ය භාවිතයට නොගත් අතිරික්ත ශ‍්‍රමය ඒකරාශි වී ඇත්තේ ගම තුළය. සංවර්ධන කටයුතු ස`දහා අවශ්‍ය වන ශ‍්‍රමය, භූමිය ආදි බොහෝ සම්පත් ගම තුළ පවතින අතර විශේෂයෙන් ගම තුළ පවතින මෙම සම්පත් ග‍්‍රාමිය ප‍්‍රජාව විසින් ස්වාධීනව භුක්ති වි`දීමේ ප‍්‍රවණතාවයක් දක්නට නොලැබේ. එමෙන්ම ග‍්‍රාමීය ප‍්‍රජාවගේ මූලික අවශ්‍යතා බොහෝ විට සංතර්පණය නොවූ තත්වයක පැවතීම ද දැකගත හැකිය.  


අධ්‍යයන ක්‍ෂේත‍්‍රය හැ`දින්වීම

බොකන්ඔරුව ප‍්‍රදේශය ඌව පළාතේ බදුල්ල දිස්ත‍්‍රික්කයට අයත් කන්දකැටිය  ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇති ගමකි. මෙය ඉතාමත් පුළුල් ප‍්‍රදේශයක් පුරා විහිදී පැතිරෙන භූගෝලීය ප‍්‍රදේශයක් වන බැවින් මෙහිදී අධ්‍යනයට ලක්වන්නේ ‘35 බොකන්ඔරුව ගලඋඩ ග‍්‍රාම නිළධාරි වසම’ පිළිබ`දවය. අද වන විට ග‍්‍රාමිය යන අංශයට එහා ගියා වූ එහෙත් නාගරිකමය නොවන තත්වයක් මෙම ප‍්‍රදේශය තුළින් විද්‍යාමාන වේ. එනම් අද වන විට මෙම ප‍්‍රදේශය අර්ධ නාගරික ප‍්‍රදේශයක් ලෙස හ`දුන්වා දිය හැකිය. මෙම ප‍්‍රදේශය ඉතාමත් සශ‍්‍රීක ප‍්‍රදේශයකි. ගම, දේශගුණික ලක්ෂණ අනුව සෞම්‍ය කලාපයට අයත්ය. ඉතාමත් අලංකාර භෞතික පරිසරයක් හිමි මෙම ගම වටා මනහර ක`දු පන්තියක් පිහිටා ඇත. ප‍්‍රදේශයේ භූගෝලිය විවිධත්වය අනුව හුණු මිශ‍්‍ර වූ පාෂාණ වලින් අනූනය. ප‍්‍රදේශයේ ස්වභාවික සම්පත් අතර ස්වභාවික උල්පත් රැුසක් පිහිටා තිබේ.  

 මෙම ප‍්‍රදේශයේ මූලිකවම කෘෂිකර්මාන්තය මුලික කර ගත් ආර්ථිකයක් පවතින අතර ඒ ස`දහා අවශ්‍ය භූමිය, ජලය මෙන්ම පස ද ඉතාමත් සරුසාරය. විශේෂයෙන් මෙම ප‍්‍රදේශයේ කෘෂිකර්මාන්තය යල හා මහ කන්න තුළදී සිදු කරයි. ඊටත් පෙර එනම් 1920 ට පෙර අවධිය තුළ මෙම ප‍්‍රදේශයේ හුණුකොටු ආශ‍්‍රිත නිෂ්පාන ක‍්‍රමයක් පැවති අතර දැනටත් කෘෂිකර්මාන්තයට අමතරව හුණු ආශ‍්‍රිත නිෂ්පාදනයන් දැකගත හැකි ප‍්‍රදේශ ද පවතින බව පැවසිය හැක. ඒ ස`දහා අවශ්‍ය හුණු සහිත පාෂාණ ප‍්‍රදේශය පුරා විසිරී පවතියි. විශේෂයෙන් සාම්ප‍්‍රදායිකත්වය, කුල ක‍්‍රමය මුල් කරගත් ස්තරායන රටාවක් මෙම ප‍්‍රදේශය තුළඅතීතයේ පැවති අතර ඒ වන විටත් හුණු කුලය ආශ‍්‍රිත පිරිස් එම කර්මාන්තයේ යෙදුණහ. නමුත් 1950 ගණන් වලින් පසු අවධිය වන විට කෘෂිකර්මාන්තය හා හුණු කර්මාන්තය මූලිකව පැවති බොකන්ඔරුව ග‍්‍රාමයේ ආර්ථිකය වෙනත් ක්‍ෂේත‍්‍රයන් රැුසක් පුරා විහිදී යන්නට විය. විශේෂයෙන් මීට මූලිකම හේතුව වන්නේ සංක‍්‍රමණික පිරිස් මෙම ප‍්‍රදේශයට පැමිණිම, අධයාපනය පුළුල් වීම, සමාජ, ආර්ථික වෙනස්කම් රැුසක් සිදු  වීම, සාම්ප‍්‍රදායිකත්වය යටපත් වෙමින් නවීනත්වය ගම කරා සේන්දු වීම ආදි ලක්ෂණ රැුසක් බලපානු ලැබීය. නමුත් තව දුරටත් බොකන්ඔරුව යනු සාම්ප‍්‍රදායිකත්වයේ 

නෂ්ටාවශේෂයන් ඉතිරිව පවතින නමුත් එය ඉක්මවා ගොස් නවීනත්වය සම`ග මුසු වූ සාම්ප‍්‍රදායිකත්වය කරපින්නා ගත් ප‍්‍රදේශයක් ලෙස හ`දුන්වා දිය හැකිය. 


බොකන්ඔරුව ප‍්‍රදේශය කන්දකැටිය ප‍්‍රාදේශිය සභාවට අයත්ය. මෙම ප‍්‍රදේශයේ පවතින රජයේ ආයතන ලෙස කන්දකැටිය ප‍්‍රාදේශීය සභාව, කන්දකැටිය වාරි ඉංජිනේරු සේවා දෙපාර්තුමේන්තුව හා කන්දකැටිය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය හා බොකන්ඔරුව උප තැපැල් කාර්යාලය පවතී. කුඩා පරිමාණ පෞද්ගලික ව්‍යාපාරයන් කිහිපයක් ද ප‍්‍රදේශය පුරා පැතිර පවතී. ප‍්‍රදේශයේ පවතින පෞද්ගලික ආයතන ලෙස පෙර පාසල් 02, බේකරි 01ක්, වෙළ`දසැල් මෙන්ම පෞද්ගලික ව්‍යාපාර රැුසක් පිහිටා තිබේ.

ප‍්‍රදේශයේ ඓතිහාසික ස්ථාන ලෙස පුරාණ කිරිවෙහෙර රජ මහා විහාරය දැක්විය හැකිය. ඊට අමතරව විහාරස්ථාන හා ආරාම 4ක් පිහිටා ඇති අතර හිංදු කෝවිල් 2ක් පිහිටා තිබේ. නූතනයේ මෙම ගමේ මුළු පවුල් ගණන  73කි. මුළු ජනගහනය 302 ක් වන අතර සිංහල, ලංකා දෙමළ, ඉන්දියානු දෙමළ, මුසුලීම් ජාතීන් වර්තමානය වන විට මෙම ප‍්‍රදේශයේ ජිවත් වෙයි. ප‍්‍රදේශයේ බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක‍්‍රිස්තියානි ආගම් පවතී. 

ප‍්‍රදේශයේ පවතින ප‍්‍රජා මූල සංවිධාන අතර බොකන්ඔරුව සුභසාධක සමිතිය මූලික වේ. ඊට අමතරව ප‍්‍රදේශය තුළ විවිධ අරමුණු හා අවශ්‍යතා මූලික කරගත් ප‍්‍රජා මූල සංවිධාන 3ක් පවතින අතර සුභසාධක සමිතිය රජයේ ලියාපදිංචි සංවිධානයකි.රජයේ ලියාපදිංචි තරැණ සංවිධාන ද පවතීග

ප‍්‍රදේශයේ පවතින සමාජ සේවා කටයුතු ලෙස සමෘද්ධි ලාභීන්, මහජනාධාර ලාභීන්, රෝගාධාර ලාභින්, අබාධිත පුද්ගලයින් හා වෙනත් ආධාර ලබන පිරිස් සිටියි. මෙම ප‍්‍රදේශයේ ප‍්‍රජාවගේ සේවා නියුක්තිය අනුව ගුරු, ලිපිකරු, කම්කරු, ස්වයං රැුකියා හා වෙනත් රැුකියා කරන පිරිස් විහිදී පවතී.


ග‍්‍රාමීය කෘෂිකර්මාන්තය

(බොකන්ඔරුව ගම ඇසුරින්*



ග‍්‍රාමීය කෘෂිකර්මාන්තය පිළිබ`ද අධ්‍යයනයේදී විශේෂයෙන් මෙහිදී අවධානයට ලක්වන්නේ මෙම  ප‍්‍රදේශයේ පැවති සාම්ප‍්‍රදායික කෘෂිකර්මාන්තය පිළිබ`දවය. ඊට විශේෂ හේතුව වන්නේ වර්තමානය හා අතීතය සැස`දීමේදී මීට වසර ගණනාවකට පෙර මෙම ප‍්‍රදේශයේ පැවති කෘෂීකර්මාන්තය වර්තමානය වන විට විවිධ වෙනස්වීම් වලට භාජනය වී ඇති බැවිණි. මන්ද අතීතයේ සාම්ප‍්‍රදායික ගමක් වූ බොකන්ඔරුව ප‍්‍රදේශය මීට දශක කිහිපයකට පෙර මූලික වශයෙන් ග‍්‍රාමීය යන තත්වයෙන් ඔබ්බට ගියා වූ නාගරිකමය නොවන ස්තරයක පවතින ප‍්‍රදේශයක් බවට පරිවර්තනය වී ඇත. නමුත් වර්තමානය වන විටත් මෙම ප‍්‍රදේශය තුළ පැවති  සාම්ප‍්‍රදායික ග‍්‍රාමීය කෘෂිකර්මාන්තයේ නෂ්ටාවෂේෂයන් ඉතිරිව පවතී.   

 ඒ අනුව බොකන්ඔරුව ප‍්‍රදේශයේ පවතින කෘෂිකර්මාන්තය අංශ දෙකක් යටතේ මෙහිදී සාකච්ඡුා කෙරේ. එනම්,    

- වී ගොවිතැන

- හේන් ගොවිතැන


බොකන්ඔරුව ග‍්‍රාමයේ පවතින කෘෂකර්මාන්තය පිලිබ`ද හැ`දින්වීමේදී අතීතයේ සිටම එය ගොඩ ගොවිතැන හා මඩ ගොවිතැන ලෙස දෙයාකාර වු අතර ගොවිතැන මුල් වූ ආර්ථික ක‍්‍රමයක් හා නිෂ්පාදන ක‍්‍රමයක් මෙම ගමේ පැවතුණි. ඈත අතීතයේ මෙම ප‍්‍රදේශයේ කුල ක‍්‍රමය පදනම් කරගත් ආර්ථික හා සමාජ හා නිෂ්පාදන ක‍්‍රමයක් පැවතිය ද 1930 න් පසු යුගය තුළ කුලය මත පදනම් වූ අර්ථ රටාව වෙනස් වී කෘෂිකාර්මික අර්ථ රටාවට බොහෝ ගැමියන් අනුගත වූහ. එම නිසා විශේෂයෙන්ම පොකුරු ජනාවාස ක‍්‍රමයක් අතීතයේ මෙම ප‍්‍රදේශයේ දක්නට ලැබුණි. මෙම ප‍්‍රදේශවාසීන් එක රොත්තට නිවාස ඇති කර ගන්නා ලද්දේ පිරිමින් කෘෂීකාර්මික කටයුතු ස`දහා විශේෂයෙන් පැල් රැුකීම ස`දහා ගිය පසු ගැහැණුන් හා දරුවන්ගේ ආරක්ෂාව උදෙසාය. නමුත් අද 


වන විට ප‍්‍රදේශයේ ජනාවාස රටාව සහමුලින්ම වෙනස්වීමට ලක්වී ඇත. කෘෂිකර්මාන්තය ස`දහා අවශ්‍ය ඉඩ කඩම් පමණක් නොව පුද්ගලයන් සතුව පැවති ඉඩම් ප‍්‍රමාණය අද වන විට බොහෝ දුරට සීමා වී ඇත. උල්පත් ජලය ආශ‍්‍රිත කෘෂිකර්මාන්තයේ දී පැවති ජනාවාස රටාව පහත පරිදි දැක්විය හැකිය. 







මෙම ප‍්‍රදේශය අතීතයේ සරුසාර සශ‍්‍රීක ප‍්‍රදේශයක්ව පැවති බැවින් කෘෂීකර්මාන්තය ස`දහා සුදුසු භූමිය, පස, ජලය ලබා ගැනීමේ හැකියාව පැවතුණි. ගම වටේට වන වැසුමක් පැවති අතර සමස්තයක් ලෙස ගමේ බහුතර නිවසකටම පාහේ හේනක් හෝ කුඹුරක් අයත්ව පැවතුණි. උදාහරණ ලෙස දීයබැද්ද හේන ආදිය පෙන්වා දිය හැකිය.

ඇතැම් පුද්ගලයන් සතුව හේන හා කුඹුර යන ඉඩම් දෙකම පැවතුණි. ඒ අනුව කුඹුරෙන් බත සපයා ගන්නා අතරම හේන ම`ගින් එළවළු, පළා වර්ග ආදිය සපයා ගැනීමේ අවස්ථාව ප‍්‍රදේශයේ ගැමියන්ට හිමිවිය . 


ගොවිතැන් ස`දහා ජලය ලබා ගැනීම

ගොවිතැන් ස`දහා අවශ්‍ය ජලය සපයා ගැනීමට ගමට වැව් නොතිබුණු අතර ඒ ස`දහා ප‍්‍රධාන වශයෙන්ම ජලය සපයා ගන්නා ලද්දේ ජල උල්පත් ම`ගිනි. මෙහිදී විශේෂයෙන් ස`දහන් කළ යුත්තේ ප‍්‍රදේශය පුරා ස්වභාවික සම්පතක්ව පවතින උල්පත් ජලය කෘෂිකර්මාන්තය උදෙසා වසරේ  ඕනෑම මොහොතක ලබා ගැනීමේ හැකියාව ගොවීන්ට පැවතුනි. එම නිසා වැසි ජලය කෘෂිකර්මාන්තය ස`දහා මුලිකවම අවශ්‍ය නොවිණි. එම නිසාම මෙම ප‍්‍රදේශය අතීතයේ සිටම හ`දුන්වනු ලබන්නේ 


බොකන්+ඔරුව නමිනි. එනම් කුඹුරු යාය හා ඒ ආසන්නයේම උල්පතක් පිහිටා තිිබේ. රූපසටහන 1 හා 2 තුළින් එය දැක්වේ. 

එමෙන්ම ‘අමුණාතොට’ නමින් ප‍්‍රචලිත ඇළ මාර්ගයක් හා තවක් ඇළ මාර්ග කිහිපයක් ගම සතුව පවතී. ඊට අමතරව ඇතැම් ගොවීන් පහසුව උදෙසා කුඹුර තුළම ළි`දක් සකසා ඒ ම`ගින් වගාවන්ට අවශ්‍ය ජලය සම්පාදනය කර ගනියි. වගාවන් ස`දහා උල්පත් ජලය සපයා ගැනීමේදී උල්පතේ සිට හේන හෝ කුඹුර කෙත් දිය පහරක් ම`ගින් ජලය සපයාගනු ලබයි.


බිම් තේරීම හා බිම සකස් කිරීම    

ප‍්‍රධාන වශයෙන් මෙම ප‍්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු සිදු කරන්නේ යල හා මහ කන්න දෙක මුල් කරගෙනය. යල හෝ මහ කන්න යන දෙකේදීම ගැමියන් වී වගා කරන්නේ නැත. කන්න දෙකෙන් එකක් වි ගොවිතැන සිදු කරන අතර අනෙක් කන්නයේ හේන් ගොවිතැන ස`දහා කාලය ගත කරයි. බොහෝ විට හේන් ගොවිතැන මාස් මෝසම එළඹීමත් සම`ග සිදු කරයි. හේන් ගොවිතැන සිදු කිරීමේදී වැසි කාලය එළඹීමට මත්තෙන් බිම් සකස් කිරීම සිදු කරයි. 

හේන් ගොවිතැන ස`දහා බිම් සකස් කිරීමේ දී හේන් ගිනි තැබීම සිදු කරයි. විශේෂයෙන් මෙම ගම මධ්‍යස්ථ උෂ්ණ කලාපයට අයත් ප‍්‍රදේශයක් බැවින් හේන් ගිනි තැබීම අවශ්‍ය වේ. එහිදී සිදු කරන්නේ  වල් උදුරලා තැනතැන ගොඩකර ගිනිතබා හේන හෝ කුඹුර සුද්ධ කිරීමයි. අතීතයේ නම් හේන් සුද්ධ කිරීම ගැමියන් විසින්ම සිදු කළ අතර අත්තම ස`දහා එන පිරිස් ද බිම් සකස් කිරීමේදී හේන හෝ කුඹුර උදුළු ගෑමටද විටෙක සහාය වෙති. එය තනිව සිදු කිරීම තරමක් අපහසුය. නමුත් මීට දශක කිහිපයකට පෙර සිට ගොවිතැන් ස`දහා බිම උදුළු ගෑම නවතා වල් නාශක භාවිතයට ගොවියෝ පුරුදු වී ඇත. විශේෂයෙන් අත්තම් ක‍්‍රමය කෘෂිකර්මාන්තයෙන් ඈත්ව යෑමත්, මුදලට සහාය වීමේ ක‍්‍රමය අනුගමනය කිරීමත්, පහසුවෙන් බිම සුද්ධ කිරීමේ හැකියාව නිසත් දැන් ගොවියෝ වල් නාශක භාවිතයට හුරු වී සිටිති. ඉන් පසු වල් මැරුණු කළ කුඹුරු කෙටීම හෝ හේන සකස් කිරිම සිදුවේ.

මෙම ප‍්‍රදේශයේ කෘෂි කටයුතු සිදු කිරීමේ දී ඇතැම් වෙලාවට කුඹුරු හෝ හේන් අ`දයට දීම සිදු කරයි. එය අ`ද ගොවිතැන වේ. එනම් වෙනත් පුද්ගලයකුගේ කුඹුරක් හෝ හේනක් අ`දයට ගෙන ගොවිතැන් කිරීමත් ලැබෙන අස්වැන්නේ භාගයක් ඉඩමේ හිමිකරුට ලබා දීමේ ක‍්‍රමයයි. එහිදී මුදල් 


හුවමාරුවක් සිදු නොවන අතර අස්වැන්නේන් හරි අඩක් ඉඩමේ හිමිකරුට අනිවාර්යයෙන් ලබා දිය යුතුය.

අ`ද ගොවිතැන තුළ තවත් අ`ද ක‍්‍රමයක් පවතී. එය කරු අ`දය ලෙස හ`දුන්වයි. එනම් යම් කුඹුරක් හෝ ඉඩමක් අ`දයට ගන්නා පුද්ගලයාගෙන් වෙනත් පුද්ගලයකු එම ඉඩම අ`දයට ඉල්ලා වගා කිරීමත් ලැබෙන් අස්වැන්න කොටස් 03ට බෙදා එක් කොටසක් ඉඩමේ හිමිකරුටත්, තවත් කොටසක් මුල් අ`දයේ හිමිකරුටත් ලබා දී අනෙක් කොටස වගා කළ පුද්ගලයාගේ බුන්තිය ස`දහා ගැනීමත් සිදු කරයි. 


ගොවිතැන් සිදු කිරීම

යල හා මහ කන්නයට සිදු කරන වගා කටයුතු ආරම්භ කරන්නේ දෙසැම්බර් මාසයේය. එතැන් සිට ගොවීන් අස්වනු නෙලිම දක්වා විශාල පරිශ‍්‍රමයක්, කාර්යයක් සිදු කරයි. ඉන් පසු මාර්තු මාසයේ අග ගොයම් කැපීම සිදු කරනු ලබයි. බක්මහට එළඹෙන අළුත් අවුරුදු අලලා සිදු කරන ගොවිතැන බක්මහේ ආරම්භය සම`ග අස් වනු නෙලා ගෙට ගනියි. මෙහිදී අපේ‍්‍රලි මාසයේ යෙදෙන අළුත් අවුරුද්දට සහල් සපයා ගැනීමට අවශ්‍ය නිසාම දෙසැම්බර් මාසය ගොයම් සිටුවීම ස`දහා සුදුසුම කාලය වේ. සිංහල අළුත් අවුරුද්දට ගොවිතැනෙන් මිදී සිටින ගොවියන් මීළ`ගට නැවත ගොවිතැන ස`දහා සූදානම් වන්නේ ජූනි හෝ ජූලි මාසයේය. එම කන්නයේ දී බොහෝ දුරට සිදු කරන්නේ හේන් වගාවයි. එහෙත් වර්තමානයේ කන්න සදහා වෙන්වන මාසයන් වෙනස් වී ඇතග

මෙලෙස වසරේ කන්න දෙක තුළ වී ගොවිතැන හා හේන් ගොවිතැන යන දෙකම සිදු කිරීම ගොවීන් හ`දුන්වන්නේ සෂ්‍ය මාරු ක‍්‍රමය ලෙසය. එනම් එලෙස සෂ්‍ය මාරු ක‍්‍රමය යටතේ ගොවිතැන් සිදු කරන්නේ අස් වැන්න වැඩි කර ගැනීම ස`දහාය. එනම් ජූනි, ජූලි මාසයේ හේන් වගා කිරීමෙන් පසු දෙසැම්බර් මාසයේ වී වගා කිරීම ම`ගින් වී අස්වැන්න වැඩි කර ගැනීමට හැකිවන බව ගොවියෝ පවසති. 

ගොවිතැන් කටයුතු සිදු කිරිමේදී ප‍්‍රථමයෙන්ම සිදු කරන්නේ මී හරකුන් ලවා කුඹුර සී සෑමයි. සී සෑම සිදු කොට සති එක හමාරක් පමණ ගතවීමේදී ඉන් එක් ලියද්දක් සකස් කර බිත්තර වී පැළ කොට තාවන් ලියද්ද සකස් කරනු ලබයි. වී පැළ වෙන අතර තුර අනෙක් ලියදි ද සකස් කිරීම සිදු 


කරයි. රූපසටහන 3 තුළින් දැක්වේ. එහිදී නියර බැ`ද කුඹුර කොටා ලියදි සකස් කරයි. තාවන් ලියද්දේ ගොයම් සෑදුණු පසු පැළ නෙලීම සිදු කරයි. මෙහිදී පැළ නෙලීම සිදු කරන්නේ කාන්තාවන් විසිනි. රූපය

කුඹුරේ පැළ සකස් කිරීමෙන් අනතුරුව දිනෙන් දින ලියදි වලට ජලය සැපයීම, පොහොර වර්ග යෙදීම, කුඹුර ආරක්ෂා කිරීම සිදු කල යුතුය. එහිදී ගොවීන් කුඹුරේ කුඩා පැළක් අටවා ගනියි. ගොයම ආරක්ෂා කරනු ලබන්නේ රාත‍්‍රී කාලයේදීය. මෙහිදී ගොයම හෝ බෝග ආරක්ෂා කර ගත යුත්තේ ඌරන්, ඌරු මීයන්, ඉත්තෑවන් වැනි සතුන්ගෙන්ය. රූපසටහන 5න් එය පැහැදිලි වේ. රාත‍්‍රී කාලයේ කුඹුරේ හෝ හේනේ පැළක් අටවා පැල් රකින විට පැල් කවි ගායනා කරයි.

කල් බලා නොවෙද ගොවිතැන්   කරන්නේ

මල් වරා නොවෙද කිරිවැද පැසෙන්නේ

පව් කළා නොවෙද වැසිපල නොදුන්නේ

ලොව් තුරා බුදුන් කවදද   දකින්නේ

 

මෙහිදී විශේෂයෙන් දැක්විය යුත්තේ මෙම ගමේ පැල්, බිම් ප‍්‍රදේශයේම තනා ගැනීමයි. එනම් අලි ඇතුන්ගේ උවදුරු නොමැති බැවින් ගස් මත පැල් ඇටවීමේ ක‍්‍රමයක් මෙම ප‍්‍රදේශයේ නොතිබිණි. 

ගොයම් පැළ වැඞී එන විට කෘමි උවදුරෙන් ගොයම ආරක්ෂා කිරීම ස`දහා කොහොඹ ඇට කොටා එහි ඉස්ම ගොයමට ඉසියි. තවද කැකුණ කොළ මඩට දා පල් වෙන්න හැරිය විට ගොයමට එන පණුවන්ගෙන් ගොයම ආරක්ෂා කර ගැනීමේ උපක‍්‍රමයක්ද පවතී. නමුත් මෑත කාලයේ සිට ගොවීන් එවැනි ක‍්‍රම වෙනුවට වඩාත් පහසු ක‍්‍රමයක් වන කෘමි නාශක යෙදීම සිදු කරයි. ගම් වැසියන් කෘෂිකර්මාන්තය ආශ‍්‍රිතව යොදා ගන්නා කෙම් ක‍්‍රම අනුගමනය කරයි.

-කෙම් ක‍්‍රම

 ගොයම කුරුල්ලන්, කෘමීන්ගෙන් බේරා ගැනිම ස`දහා ගොවීන් භාවිත කරන කෙම් ක‍්‍රමයක් පවතී. එනම් ප‍්‍රදේශයේ ගොවිතැන් ස`දහා ප‍්‍රසිද්ධ කිවුලේගෙදර දේවාලය නම් ස්ථානයට ගොස් යාතිකා කිරීමත්, දෙවියන් උදෙසා භාරහාර වීමත්, පොල් මලක් කුඹුරේ හතර කොනේ එල්ලයි. එමෙන්ම පිරිත් පැන් කුඹුරට ඉසිනු ලබයි.  

   

බණ්ඩි ගොයම මාස් දෙකකින් පමණ පූදින්නට පටන් ගනී. මෙහි ඊළ`ග අධියර වන්නේ ගොයම් කරල කිරි වැදීමයි. ඉන් මසකින් පමණ එම කිරි වැදුණු කරල් පැසීම සිදුවේ. එහිදී ගිරවුන් වැනි සතුන්ගෙන් ගොයම ආරක්ෂා කිරීම ස`දහා පඹයින් සෑදිම සිදු කරයි. රූපසටහන 6න් එසේ කුඹුරු ආශ‍්‍රිත පඹයන් සකස්කර ඇති ආකාරය පැහැදිලි වේ. මාස හතරකින් පහකින් පසු ගොයම් කැපීමේ කාලය උදාවෙයි. ගොයම් කැපීමට පෙර කමත සකස්කර ගනියි. එහිදී කමතේ ගොම ආලේප කරයි. බොහෝ දෙනෙක් චාරිත‍්‍රයක් වශයෙන් කමත මැද රවුමක් ඇද එහි පොල් ගෙඩියක් හා සක් ගෙඩියක් තබා එය මතට අස්වනු දැමීම සිදු කරනු ලබයි.මුත්තා ලෙස එය ගමිවැසියන් හදුන්වනු ලබයිග බිම් සකස් කිරීමේ සිට අස්වනු නෙළීම දක්වා කාර්යයේදී පුරුෂ පාර්ෂවය මෙන්ම කාන්තාවන් විසින් ද විශාල පරිශ‍්‍රමයක් හා දායකත්වයක්  සපයනු ලබයි. 

කමතේ ගොඩගහන අස්වනු ගොයම් කොළය ලෙස හ`දුන්වයි. ඉන් පසු එම ගොයම් කොළ මී හරකුන් ලවා ම`ඩිනු ලබයි. වර්තමානයේ මී හරකුන්ගේ කාර්යය කොළ ම`ඩින යන්ත‍්‍රය විසින් ඉටු කරයි. කොළ ම`ඩින අතරතුර උකුණු ගහ නැමැති ආයුධයෙන් කොළ හොලවනු ලබයි. එවිට වී සියල්ල කමත තුළට වැටේ. වී, කොළයෙන් වෙන්වූ පසු එය කමතේ කොනක පිදුරු වශයෙන් ගොඩකරයි. එහිදී එක්වන වී, බැත නමින් හ`දුන්වයි. එම බැත පසු දින කමත තුළම වේලා කුල්ලේ ආධාරයෙන් බොල් ඉවත් කරයි. එය බැත පාහිනවා ලෙස නම් කරයි. ඉන් පසු බැත ගෙට ගැනීම සිදු වේ. විශේෂයෙන් ග‍්‍රාමීය කෘෂිකර්මාන්තය තුළ ගැමියන් අනුගමනය කරන ප‍්‍රධානම චාරිත‍්‍රය වන්නේ පරිභෝජනයට ප‍්‍රථමයෙන් මුල්ම වී කොටස බුද්ධ පූජාව ස`දහා වෙන් කිරීමත් අළුත් සහල් මංගල්‍ය ස`දහා වෙන් කිරීමත්ය. 

මෙහිදී ඉතිරි වන පිදුරු නිවෙස් වල වහලවල් සෑදීමට, හරකුන්ගේ ආහාර ස`දහා මෙන්ම වෙනත් බොහෝ කටයුතු ස`දහා ද ප‍්‍රයෝජනයට ගනියි. ගැමියන් වී තැන්පත් කරනු ලබන්නේ වී බිස්සකය. නමුත් මෙම ප‍්‍රදේශයේ වී බිස්ස සකස් කරන්නේ නිවසින් පිට ස්ථානයක නොවේ. බොහෝ විට වී බිස්ස ලෙස නිවස තුළම විශාල ලී වලින් සකසා ගත් පෙට්ටියක් භාවිත කරයි.







ශ‍්‍රම හුවමාරුව හා මුත්තෙටිටුව

මෙම ග‍්‍රාමයේ කෘෂිකාර්මික කටයුතු වලදී ශ‍්‍රම හුවමාරුව සිදු කරන ලද්දේ අත්තම් ක‍්‍රමය යටතේය. එනම් ගැමි සමාජයන් විසින් කෘෂි කටයුතු වලදී ශ‍්‍රමය හුවමාරු කිරීම හා ශ‍්‍රමය කළමනාකරණය කරයි. එනම් ගැමියන් තම ශ‍්‍රමය සපයා ගනු ලැබුවේ ශ‍්‍රම හුවමාරුව ම`ගිනි. බොහෝ විට අතීතයේ මෙම ප‍්‍රදේශයේ කෘෂිකර්මාන්තයේ එක් අංගයකි ශ‍්‍රම හුවමාරුව. එහිදී ස්ත‍්‍රී හා පුරුෂ ශ‍්‍රමය භාවිතයට ගනු ලැබිණි. විශේෂයෙන්ම මෙම ගමේ ශ‍්‍රම හුවමාරුව ක‍්‍රම කිහිපයක් යටතේ සිදු විය. එනම්, පවුලේ ශ‍්‍රමය, සහයෝගී ශ‍්‍රමය හා කුලී ශ‍්‍රමයයි. බොහෝ විට හේන් ගොවිතැනේදී පවුලේ ශ‍්‍රමය භාවිත කළ අතර වී ගොවිතැනේදී අත්තම් ක‍්‍රමය හා කයිය භාවිත කරන ලදී. අත්තම යනු තමන්ගේ ගොවිතැන ස`දහා පිරිස් ශ‍්‍රමය ලබා ගැනීමයි. එනම් කෙනෙක්ගේ ගොවිතැන් කටයුතු වලදී උපකාර කිරීමයි. නමුත් මෙහිදී මුදල් ගෙවීමකින් තොරව ශ‍්‍රමය සපයන අතර ශ‍්‍රමයට ශ‍්‍රමයක් ලෙස අන් අයගේ ගොවිතැන් කටයුතු වලදී ද සහාය විය යුතුය. බොකන්ඔරුව ගමේ බොහෝ විට කෘෂිකර්මාන්තයේදී යොදා ගනු ලැබුවේ අත්තම් ක‍්‍රමයයි. එහිදී ගමේ සියළුම පිරිස් හ‍්‍රමයෙන් දායක වෙයි. කයියේ දී සිදු වන්නේ කෘෂිකටයුතු ස`දහා කන්ඩායමක පුළුල් ශ‍්‍රමය හුවමාරු කර ගැනීමයි. ඊට අමතරව අද වන විට බහුලව සිදු වන්නේ කුලී ශ‍්‍රමය ලබා ගැනීමයි. ඊට හේතුව වන්නේ අද වන විට කෘෂිකර්මාන්තය මෙම ප‍්‍රදේශයේ මූලික අර්ථ රටාව නොවන බැවින්ය. වර්තමානයේ කෘෂිකර්මාන්තයේ යෙදෙන්නේ සීමිත පිරිසකි. 

ශ‍්‍රම හුවමාරුවේදී ශ‍්‍රමය පමණක් නොව ගොවිතැන් කටයුතු ස`දහා අවශ්‍ය උපකරණ වන න`ගුල, වියගහ, උදළු, පෝරුලෑල්ල, කුණු දැත්ත, බෝලත්ත, උකුණු ගහ, අම්බරුවන් ආදිය ද සපයාගනු ලබයි. අතීතයේ නම් ගමේ සෑම නිවසකටම පාහේ මෙම කෘෂි උපකරණ පැවති අතර ඒවා අඩුපාඩු අවස්ථා වලදී හුවමාරුව සිදුවිය. එමෙන්ම අතීතයේ බොහෝ නිවසකටම පාහේ හරකුන් සිටි අතර මී හරකුන් සිටියේ අතලොස්සකට පමණි. එවැනි අවස්ථා වලදී මී හරකුන් අයිතිකරුවන්ගෙන් සුළු මුදලකට මිලදී ගැනීමට ගොවීන්ට සිදුවිය.

මීළ`ගට ග‍්‍රාමීය කෘෂිකර්මාන්තයේ ඉතාමත් වැදගත් අංගයක් වන්නේ ඇඹුල හුවමාරු කිරීමයි.  එම ප‍්‍රදේශයේ එය හ`දුන්වන්නේ ඇඹුල ලෙසය. අත්තම් ක‍්‍රමය යටගේ ශ‍්‍රමය සපයන පිරිසට ආහාර ලබා දීම සිදු කරන්නේ ගොවිතැන් සිදු කරනු ලබන නිවසෙන්ය. එහිදී ගමේ කාන්තාවන් එම නිවසට රැුස්වී ආහාර සකස් 


කිරීමටත් ඇඹුල ගෙන යාමටත් සහාය වෙති. ඇඹුල කමත වෙත ගෙන ගොස් එහිදී ආහාර ගැනීම සිදු කරයි.

ඇඹුල කුඹුර වෙත ගෙන යනු ලබන්නේ කුරුණි පෙට්ටිය නම් පෙට්ටියක කෙසෙල් කොළ මත අතුරාය. කුරුණි පෙට්ටිය පන් කොළ වලින් වියන ලද පෙට්ටියකි. ඇඹුල ලබා දීමේ දී එය අතුල් පත නමින් හ`දුන්වන පන් කොළ වලින් වියන ලද පි`ගානක් වැනි සෙයක් මත කෙසෙල් කොළ අතුරා බෙදනු ලබයි. ඇඹුල බෙදීමේ කාර්යයේදී ගමේ කාන්තාවන්ගේ සහාය ලැබේ. 

උදෑසන ආහාරය ලෙස බොහෝ විට ඉඹුල් කිරිබත්, කුරහන් රොටී සම`ග කහට තේ පිළිගන්වයි. දහවල් ඇඹුල ලෙස තම්බපු හාලේ බත් සම`ග බොහෝ විට වට්ටක්කා, ගෝවා කොළ මැල්ලූම්, කරවල, බටු, කැකිරි මාළුව වැනි වෑංජන සම`ග පිළිගන්වයි. සවස් වරුවේ අග්ගලා සම`ග තේ පිළිගන්වයි. 


බීජ සපයා ගැනීම හා හේන් ගොවිතැන

බීජ සපයා ගැනීමේ දී අතීතයේ බොහෝ දුරට වී ගොවිතැන මෙන්ම හේන් ගොවිතැන ස`දහා ද බීජ සපයා ගන්නා ලද්දේ ගොවියන් විසින්මය. එසේත් නැතිනම් බීජ හුවමාරුව සිදු විය. විශේෂයෙන් වී ගොවිතැන ස`දහා බිත්තර වී  සපයා ගත් අතර මෑත කාලීනව ගොවි ජන සේවා ආයතනය යටතේ ගොවින්ට බීජ ලබා දෙයි. හේන් ගොවිතැනේ දී ශ‍්‍රමය පවුල තුලින්ම සපයා ගන්නා ලදී. එහිදී කාන්තාව විශාල කාර්යයක් ඉටු කරයි. රූපසටහන 7 තුළින් දක්වා ඇත. හේනේ බිම සකස් කිරීම, බීජ සිටුවීම, ජලය සැපයීම, බෝග ආරක්ෂා කර ගැනීම, අස්වනු නෙලීම ආදී කටයුතු වලදී පුරුෂයා හා සමාන කාර්යයක් කාන්තාවන් ඉටු කරයි. 

මෙම ප‍්‍රදේශයේ පවතින හා පැවති හේන් ගොවිතැන දෙස අවධානය යොමු කිරීමේදී මීට පෙර ද ස`දහන් කළ පරිදි සෂ්‍ය මාරු ක‍්‍රමය යටතේ වසරේ එක් කන්නයක හේන් ගොවිතැන සිදු කරයි. විශේෂයෙන්ම මෙම ප‍්‍රදේශයේ ගොවීන් වී ගොවිතැනේදී ගොයම් සාදා නියර දිගට ද මෑකරල් වැනි බීජ වගා කරයි. ඊට අමතරව හේන් ගොවිතැන් වලදී වගා කරන බෝග අතර කරවිල, ගෝවා, තක්කාලි, බෝංචි, බටු, මිරිස්, වැටකොළු ආදී වගාවන් සිදු කරයි. එමෙන්ම එදිනෙදා ආහාරය ස`දහා මෙන්ම වෙළදාම් කිරීම ස`දහා ද අවශ්‍ය පලා වර්ග ද හේන් තුළින් සපයා ගනියි.


ඒ අනුව බොකන්ඔරුව ප‍්‍රදේශයේ කෘෂිකර්මාන්තය පිළිබ`ද අධ්‍යයනය කිරීමේ දී වසරේ යල හා මහ යන කන්න දෙක තුළ වී ගොවිතැන හා හේන් ගොවිතැන යන අංශ දෙකම සිදු කරන බව පැහැදිලියි. අතීතයේ මෙම ප‍්‍රදේශයේ සාම්ප‍්‍රදායිකව පැවති පාරම්පරික කෘෂිකර්මාන්තය නම් මීට දශක තුනක් පමණ කාලයක සිට යම් පරිහානියකට පත් වූ අතර අද වන විට එහි බොහෝ අංග අභාවයට ගොස් නවීකරණයේ ලක්ෂණ වල බලපෑමට ලක් වී තිබේ. එහෙත් සාම්ප‍්‍රදායික කෘෂිකර්මාන්තය හා පැවති සමාජ, ආර්ථික, සංස්කෘතික අංගයන් බොකන්ඔරුව ප‍්‍රදේශයෙන් ගිලිහී ගිය ද තව දුරටත් කෘෂිකර්මාන්තය හා කුඹුරු, හේන් ශේෂව පවතී. නමුත් බොහෝ කුඹුරු පුරන් වී යාමේ තර්ජනයට හා කැලෑ වීමේ තර්ජනයට ලක්ව ඇත.  

  


ආශ‍්‍රිත ග්‍රන්ථ 

අත්තනායක, එම්. එම්, (2003* ග‍්‍රාමීය ආර්ථික ක‍්‍රියාකාරිත්වයන් මූල්‍යකරණය පිළිබ`ද ඇතැම් ප‍්‍රශ්න, ආර්ථික විමසුම.

අමරසේකර, දයා, (1988* ශ‍්‍රි ලංකා සමාජය, දිවුලපිටිය, සරස්වතී ප‍්‍රකාශකයෝ.

එපිටවත්ත, එස්, (2006* ඇඹුල්අඹේ ගම, පන්නිපිටිය, ස්ටැම්පර්ඞ් ලේක් ප‍්‍රකාශනයකි.

ඒකනායක, ජී, (1998* ගමක ජීවය, කොළඹ 07, එස්. ගොඩගේ ප‍්‍රකාශකයෝ.

වෛද්‍යනාත, ඩබ්. ජී. එස්, (2003* ග‍්‍රාමීය ආර්ථිකයේ වැදගත්කම, ආර්ථික විමසුම.

ග‍්‍රාම නිළධාරි වාර්තාව (2013*

No comments:

Post a Comment