හැදින්වීම.
ප්‍රසිද්ධ වීමට ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම ක්‍රියාවක් කළ හැකි ය. නමුත් ජනප්‍රිය වීමට ජනතා ප්‍රසාදය දිනා ගත යුතු ය. ඒ අනුව 20වන සියවසේ ලොව ප්‍රසිද්ධ, මෙන් ම ජනතා අප්‍රසාදය වැඩියෙන් ම දිනා ගත් පුද්ගලයා ලෙස ඇඩොල්ෆ් හිට්ලර් හැදින්විය හැක. දෙවන ලෝක මහා සංග්‍රාමයේ දී ජර්මනිය ප්‍රමුඛ මිත්‍ර පිලට නායකත්වය ලබා දෙනු ලැබුවේ ඔහුය. යම් කිසි පුද්ගලයෙකුගේ ඒකාධිපති ස්වරූපය හුවා දැක්වීමට අප බොහෝමයක් දෙනා හිට්ලර්ව උපමා කර ගනී. ඒ තරමට ම ඔහු ලෝකවාසින් අතර ප්‍රසිද්ධ ය.
හිට්ලර් අතිමහත් වූ ලෝකවාසියන්ගේ වෛරයට පාත්‍ර වූ බව සැබෑ ය. ඒ හේතුවෙන් ම ඔහු පිළිබඳ ව ලියැවී ඇති පොත් පත්වලින් ඔහු ව දැඩි ලෙස හෙලා දැක තිබේ. 20වන සියවසේ ඉතිහාසඥයන්ගේ හා චරිත කතා කරුවන්ගේ වැඩි ම අවධානයට ලක් වූ පුද්ගලයා ද ඔහු ය. හිට්ලර් පිළිබඳ ලියා තිබෙන බොහෝමයක් එවැනි මූලාශ්‍ර ඔහු පිළිබඳ ව ඇති වූ දැඩි වෛරයෙන් හා ක්‍රෝධයෙන් ලියවූ බව පෙනී යයි. ඒවායේ ඇති යම් යම් තොරතුරු සත්‍ය මෙන් ම අසත්‍යය ද වේ.
නමුත් සැබෑ ලෙස ම හිට්ලර්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ ඉතිහාසය වාර්තාකරණයේ දී සිදු විය යුත්තේ ඔහුගේ අපරාධ සම්බන්ධයෙන් වෛරී ව තොරතුරු දැක්වීම නොව අපක්‍ෂපාතීව හා මධ්‍යස්ථ ව තොරතුරු දක්වීමය. මන්ද යත් හිට්ලර් යනු ඉබේ නිර්මාණය වූවෙකු නොවීමයි. මේ පිළිබඳ ව සුගතපාල ද සිල්වා මහතා විසින් ලියන ලද හිට්ලර් එල්ලා මරයි යන කෘතියේ අවසාන පිටුවේ ලියා ඇති අර්ථකතනය ඉතා වැදගත් වේ. එය මෙසේ ය;
“නට්සි රාජ්‍ය තුළ සියල්ල සිදු වූවේ තනි මිනිහකුගේ හිතුමනාපයට ය........ එවන් බලයක් මිට මොළවා ගැනීමට - මිට මොළවා ගත් බලය දැඩිව රඳවා ගැනීමට ඔහු සමත් වූවේ කෙසේ ද?..........එවැනි ආඥාදායකයන් ඕපපාතික ව බිහි වන්නේ නැත. එවැනි ආඥාදායකයන් ඕපපාතික ව බිහි වී පෝෂණය වන අද්භූත සත්ව විශේෂයක් නොවේ. ඔවුන්ගේ පැවැත්මට අවශ්‍ය අව් වැසි සුළං සපයා අම්ලකරය පිඹිනුයේ අප ම ය.”
(සුගතපාල ද සිල්වා, හිට්ලර් එල්ලා මරයි, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ, 2011.)
මෙයින් අප අවධානය යොමු කළ යුතු වන්නේ හිට්ලර් සාධාරණය කිරීමට නොව, අප සමාජය තුල එවැනි පුද්ගලයන් නිර්මාණය වන්නේ කෙසේ ද? හා එවැනි පුද්ගලයන්ට තම අවස්ථාවාදී කටයුතු කර ගෙන යාමට අවශ්‍ය ඉඩ ප්‍රස්ථා සැලසෙන්නේ කෙසේ ද යන්න පිළිබඳවයි.
හිට්ලර් පිළිබඳ ව විමසීමේ දී පෙනී යන වැදගත් ම කරුණ වන්නේ ඔහු ප්‍රසිද්ධ වූවේ, ඔහු විසින් ආරම්භ කරන ලද දෙවන ලෝක යුද්ධය නිසා ම පමණක් නොව, ඔහු විසින් අති ජාතිවාදී උන්මාදයෙන් ක්‍රියාත්මක කරන්නට යෙදුණු යුදෙව් විරෝධී ව්‍යාපාරය නිසා බවයි. මෙම ලිපිය මඟින් අවධානය යොමු කරනු ලබන්නේ හිට්ලර් විසින් සිදුකරන්නට යෙදුණු යුදෙව් සංහාරයයි. එහි දී යුදෙව් විරෝධී කටයුතු සඳහා ඔහු පෙලඹුණේ මන්ද?, හිට්ලර්ට පෙර යුරෝපයේ තිබූ යුදෙව් විරෝධයේ ස්වභාවය, යුදේව්වන් යනු කුමනාකාරයේ පිරිසක්ද?, ඔවුන්ගේ සම්භවය හා යුදෙව්වන් සංහාරය කිරීමේ දී හිට්ලර් අනුගමනය කළ ක්‍රියාමාර්ග යන්න පිළිබඳවයි.
යුදෙව්වන් යනු කවුරුන්ද?
යුදෙව්වන් හෙවත් හීබෲවරුන් යනු බයිබලයේ පළමු තෙස්තමේන්තුවේ සඳහන් වන සෙමිටික් ගෝත්‍රයට අයත් ජනතාවක් ලෙස පිළිගැනේ. අතීතයේ ඇති වූ මහා ගංවතුරෙන් පසු නොවාගේ දරුවන්ගෙන් කෙනෙකු වූ සෙම් නැමැත්තාගෙන් පැවත එන්නන් සෙමිටික් ගෝත්‍රකියන්ය යන විශ්වාසයක් පවතී . මොවුන් ක්‍රි.පූ. 2000දී පමණ මෙසපොතේමියාව ආශ්‍රිතව වාසය කර ඇත.
හීබෲ දහමට අනුව මෙසපොතේමියාවේ ඌර් ප්‍රදේශයේ සිට ජොහෝවා නම් දෙවියන් විසින් ප්‍රතිඥා කොට දෙන ලද භූමිය වශයෙන් සලකන ලද ප්‍රදේශයේ සිට පලස්තීනය දක්වා ඔවුන්ව රැගෙන ගියේ, යුදෙව් ජනතාවගේ ශ්‍රේෂ්ඨතම නායකයා ලෙස සලකන ඒබ්‍රහම් නැමැත්තා විසින් බව බයිබලයේ සඳහන් වේ. නමුත් ක්‍රි.පූ. 13වන සියවසේදී ඇතිවුනායැයි සැළකෙන සාගතයක් හේතුවෙන් ඔවුන්ට පලස්තීනය අතහැර ඊජිප්තුවට සංක්‍රමණය වීමට සිදුවිය. මුලදී හීබෲවරුන්ට ඊජිප්තුව තුළ පිළිගැනීමක් හිමිවුවත් පසුකාලීනව ඔවුන්ව වහලුන්ගේ තත්වයට හෙලන ලදි. නමුත් යුදෙව් සම්භවයක් ඇතැයි විශ්වාස කරන මෝසස් නැමති ඊජිප්තු නිලධාරියාට විසින් නායකත්වය දෙමින් ඊජිප්තුවේ වහල් ජීවිතියක් ගත කළ යුදෙව්වන් එයින් මුදවාගෙන නැවත තම පොරොන්දු දේශය වූ පලස්තීනය වෙත ගෙන ගිය බව සඳහන් වේ. එලෙස හීබෲවරු සමඟ ඊජිප්ත්වේ සිට පැන එද්දී සයිනාන් කදුකරය අසලදී මෝසස්ට දෙවියන් විසින් දස පනත ලබා දුන් බව බයිබලයේ සඳහන් වේ.
නැවත්ත පලස්තීනයට පැමිණි පසු ක්‍රි.පූ. 1000දී පමණ සාවුල් නම් රජු යටතේ හා ඔහුගෙන් පසු බලයට පැමිණි දාවිත් නම් රජු යටතේ එම ප්‍රදේශයේ වූ සමහර නගර අල්වා ගනිමින් අළුත් හා ශක්තිමත් යුදෙව් රාජධානියක් ගොඩනගා ගැනීමට හීබෲවරුන්ට හැකි විය. දාවිත් රජු යටතේ ජෙරුසලම ඔවුන්ගේ අගනවර වශයෙන් ගොඩ නැංවුණු අතර ඔහුට පසු බලයට පැමිණී ඔහුගේ පුත් වූ සොලමන්ගේ කාලයේදී යුදෙව් රාජ්‍යයේ පරිහානිය ආරම්භ වෙන ලදි. ඔහුගේ කාලයේදී යුදෙව් දේශය කොටස් දෙකකට බෙදුණු අතර උතුර ඊශ්‍රායලය ලෙසත්, දකුණ ජුදා වශයෙනුත් හදුන්වනු ලැබූ අතර පසු කාලීනව මෙම ප්‍රදේශ දෙක අතර නිරන්තර ගැටුම් ඇති විය. මෙම ගැටුම් හේතුවෙන් යුදෙව් දේශයේ බලය දුර්වල වූ අතර ඇසිරියන්වරු ක්‍රි.පූ. 722දී ඊශ්‍රායලයටද, නෙබුචැඩ්නෙසාර් නම් චැල්ඩින් රජු ක්‍රි.පූ. 586දී ජුදා දේශයද ආක්‍රමණය කරමින් යුදෙව් දේශය විනාශ කර දමන ලදි.
මෙම හීබෲ දහම පිළිබඳ ඇති බොහෝමයක් මතවාද හා සම්ප්‍රදායයන් ඉපැරැණි මෙසපොතේනින් හා බැබිලෝනියන් ශිෂ්ඨාචාරය ආශ්‍රය කරගෙන වර්ධනය වූ ඒවා ලෙස විශ්වාස කල හැක. විශේෂයෙන් ම බයිබලයේ පැරණි තේස්තමේන්තුවේ එන මහා ගං වතුර පිළිබඳ ව මතවාද මෙසපොතේනින් හෝ බැබිලෝනියන් ශිෂ්ඨාචාරය පැවති වකවානුවේ පැවති ගං වතුරක් බව ඉතිහාසඥයන්ගේ මතයයි. තවද හීබෲ දහමේ එන ඇසට ඇසක් යන මතය, එයට පෙර කාලවකවානුවේදී සිටි ඉපැරැණි බැබිලෝනියාවේ සිටි ශ්‍රේෂ්ඨතම රජ කෙනෙක් වන හමුරාබි නම් තැනැත්තාගේ නීති සංග්‍රහයේද අන්තර්ගත වේ. එය ලොව පළමු නීති සංග්‍රහය ලෙස ද සැලකේ. එයට අනුව වෛද්‍යවරයකු අතින් ශෛල්‍යකර්රමයක්දී වැරදීමෙන් හෝ රෝගියෙකුගේ ඇසක් විනාශ වුවහොත් එයට දඩුවමක් වශයෙන් එම වෛද්‍යවරයාගේද ඇසක් අහිමි කල යුතුයි, යන්න සඳහන් වේ. එලෙසින් හීබෲ දහමට ලැබූ ආභාෂයට විරුද්දව යමින් පසුකාලීනව ජේසූස් වහන්සේ තම මතවාද ඉදිරිපත් කරන ආකාරයක් දැකිය හැකි විය. විශේෂයෙන් ම ඇසට ඇසක් යන සංකල්පය ට අභියෝග කල ජේසූස් වහන්සේ ප්‍රකාශ කර සිටියේ "ඔබේ කම්මුලට යම් කිසිවෙකු පහරක් එල්ල කළහොත් ඔබ ඔබගේ අනෙක් කම්මුලද ඔහු දෙසට හරවන්න" හා "අසල්වැසියාට ප්‍රේම කරන්න" යන අවිහිංසාවාදී මතවාදයයි.
හිට්ලර්ට පෙර යුරෝපයේ තිබූ යුදෙව් විරෝධයේ ස්වභාවය.
යුදෙව්වන් යනු වසර 3000කටත් වඩා ඉතිහාසයකට හිමිකම් කියන්නා වූ ධෛර්යවන්ත ජන කොට්ඨාශයකි. ඔවුන් නිතරම තම අනන්‍යතාව ආරක්ෂා කර ගනිමින් යුරෝපයේ වාසය කරනුුලැබීය. එලෙස ජීවත් වීමේදී යුරෝපයේ අනෙකුත් ජනතාවගේ වෛරයට පාත්‍ර වන කරණා කීපයක් යුදෙව්වන් සතු විය.
ඉන් එක් සාධකයක් වූවේ යුරෝපයේ සිටි බහුතරය වූ අනෙකුත් කතෝලික ජනතාවට සාපේක්ෂව යුදෙව් ජනතාවගෙන් බහුතරයක් මූල්‍යමය වශයෙන් පොහොසත් පිරිසක් වීමයි. ඊට බලපාන ලද එක් සාධකයක් වූවේ කතෝලික ආගමේ නිර්මාතෘවරයා වූ ජේසුස් වහන්සේ විසින් තම භක්තිකයන්ට මුදල් පොළියට දීම තහනම් කර තිබීමයි. නමුත් මෙවැනි තහනමක් යුදෙව්වන්ට නොවූ අතර ඔවුන් වැඩි වශයෙන් කතෝලික ජනතාවට මුදල් පොළියට ලබා දී පොහොසතුන් බවට පත් වෙන ලදි. මධ්‍යතන යුගයේ දී මෙසේ මුදල් පොළියට ලබා දුන් යුදෙව් ජනතාව යුරෝපයේ සැලකිය යුතු ධනයක් එක් රැස් කර ගනිමින් බහුතරයක් වූ ව්‍යාපාරවල ප්‍රමුඛත්වය උසුලන්නට විය. මේ හේතුවෙන් ස්වාභාවිකවම රෝම අධිරාජ්‍ය යුගය පරිහානියට පත් වීමෙන් පසු අන්ත අසරණ තත්වයට පත් වී සිටි අනෙකුත් බහුතරයක් වූ සාමාන්‍ය කතෝලික ජනතාව යුදෙව්වන්ගේ මෙම අධිසුඛෝපභෝගී ජීවන පැවැත්ම දෙස වෛරීව බලන්නට විය.
මුදල් පොලියට දෙන ඕනෑම පුද්ගලයෙකු කරන ආකාරයට යුදෙව් පොලී කරුවන් ද ඉතා අසාධාරණ ලෙස තම ණය කරුවන්ගෙන් අධික ලෙස පොලී මුදල් එකතු කරමින් අසරණ ජනතාව තවත් අන්ත තත්වයට පත් කරන ලදි. මුදල් පොලියට දෙන සෑම දෙනා ම මෙවැනි අසාධාරණ කටයුතු කරනු ලැබුවත්, බහුතරයක් වූ අසරණ කතෝලික ජනතාව, යුදෙව් පොලී කරුවන් කෙරෙහි මෙන් ම සමස්ත යුදෙව්වන් කෙරෙහිද සමාන වෛරී ආකල්පයෙන් බලන්නට විය. මේ හේතුවෙන් අන්ත අසරණ දුගී ජනතාව කල්පනා කරනු ලැබුවේ යුදෙව්වන් විසින් තම ජනතාව මෙසේ දුක්ඛිත තත්වයකට පත් කර ඇති බවයි. මධ්‍යතන යුගයේ යුදෙව් පොලී කරුවන් කෙතරම් ජනතාවගේ වෛරයට පාත්‍ර ව සිටියේ ද යන්න පිළිබඳ ව හොඳ අවබෝධයක් විලියම් ශේක්ෂ්පියර්ගේ වැනීසියේ වෙළෙන්දා තුලින් අනාවරණය වේ. “වැනීසිය ප්‍රසිද්ධ නගරයකි. එය වඩාත් ම ප්‍රසිද්ධ වෙළඳාමට ය. එහි පොලියට මුදල් දීම ජීවනෝපාය කර ගත් ප්‍රසිද්ධ පුද්ගලයෙක් සිටියේ ය. ඔහු ෂයිලොක් නම් විය. ඔහුගේ පොලී ක්‍රමය ඉතාමත් අසාධාරණ. අසාධාරණ පොලියට මුදල් දීමෙන් ම ඔහු මහා ධන සම්භාරයක හිමිකරු වී සිටියේය. මේ පොලී ක්‍රමය නිසාම ෂයිලොක්ගේ නම බොහෝ මිනිසුන් පිළිකුල් කළහ.”
ශේක්ෂ්පියර්ගේ මෙම කතාවේ නපුරු පොලී කරුවා බොහෝමයක් ස්ථානයන්හි දක්වා ඇත්තේ යුදෙව් පොලී කරුවා ලෙසයි. එමගින් සමස්ථ යුදෙව් ජනතවටම පොලී මුදලාලිගේ තිබෙන්නා වූ අසාධාරණ ක්‍රියා ආරෝපණය කර ඇති ආකාරයක් දැකිය හැකිය. මෙවැනි අදහස් ශේක්ෂ්පියර්ගේ පමණක් නොව සමකාලීන අනෙකුත් ලේඛකයන්ගේ කෘති වල ද දක්නට ලැබීම තුළින් පෙනී යන්නේ එකල සමාජයේ සිට ම යුදෙව්වන් කෙරෙහි පැවති විරෝදයයි.
මේ හේතුවෙන් ම පසු කාලීන ව යුදෙව් විරෝධී හා වර්ගවාදී දාර්ශනිකයන් හා පත පොත යුරෝපයේ ප්‍රසිද්ධ වන්නට විය. ඒ අතර සිටි එක් වර්ගවාදී අදහස් දැරූ ප්‍රකට පුද්ගලයෙක් වූවේ නියට්ෂේ නම් දාර්ශනිකයායි. ඔහු මනුෂ්‍ය ප්‍රජාව උසස් රුධිරය ඇති හා පහත් රුධිරය ඇති ලෙස කොටස් දෙකකට බෙදන ලදි. තවද ඔහුට අනුව පන්තිමය භේදයක් හෝ සටනක් ලොව නොමැති අතර ඇත්තේ රුධිරය අතර සටනක් බව ප්‍රකාශ කරනු ලැබීය. තවද එවැනි ම වර්ගවාදී අදහස් පල කරන ලද පුද්ගලයන් ලෙස ගොබිනෝ, ලපූජ්, අම්මෝන් හා වෝලට්මන් වැන්නන් හැදින්විය හැක. මොවුන්ගේ පත පොත 18වන හා 19වන සියවස්වලදී යුරෝපයේ සැලකිය යුතු පාඨක ප්‍රජාවකගේ අවධානය යොමු කර ගැනීමට සමත් විය. ඒ අතර සිට එක් පුද්ගලයෙකු වූවේ හිට්ලර් ය.
විශේෂයෙන් ම හිට්ලර් ද තම කුඩා කල ඉතා දූගී ජීවිතයක් ගත කල පුද්ගලයෙකු විය. හිට්ලර්ගේ පියා ඉතා දරදඬු පුද්ගලයෙකු වූ අතර පියාගේ තාඩන පීඩන දරා සිටීමට හිට්ලර්ට මෙන්ම ඔහුගේ මවටද ඉතා අසීරු විය. නමුත් හිට්ලර්ට සිටි එකම බලාපොරොත්තුව හා පිහිට වූවේ ඔහුගේ මව වූ අතර ඔහු මවට තද බල ලෙස ආදරය කරනු ලැබීය. මවගේ අසනීප තත්ත්වය හා 1වන ලෝක යුද්ධය ඔහු උග්‍ර යුදෙව් විරෝධියකු ලෙස නිර්මාණය වූ අන්තර්කාලය ලෙස සැලකිය හැකිය. විශේෂයෙන් ම මවගේ අසනීප තත්ත්වය හමුවේ අන්ත අසරනව සිටි හිට්ලර් හට යුදෙව් වෛද්‍යවරුන්ගේ යම් යම් නොමනා වාණිජ හැසිරීම් බලවත් යුදෙව් විරෝධයකට හැරවෙන්නට විය. හිට්ලර්ට අනුව ඔහුගෙ මවගේ මරණයට හේතුව ඔහු මවගේ අසනීප තත්ත්වයට බෙහෙත් ලබා ගැනීමට ගිය යුදෙව් වෛද්‍යවරයා මුදල් මතම කටයුතු කිරීමත් හා නිසියාකාරව ප්‍රතිකාරයන් නොකිරීමත්ය.
පලවන ලෝක සංග්‍රාමයෙන් පසු ව ජර්මනිය ඉතා පරාදීන තත්ත්වයකට ඇද වැටුණු අතර රැකියා වියුක්තිය ඉතා ඉහල ගිය අතර උද්ධමනය අහස උසට නඟින්නට විය. එකල ජර්මනියේ පාන්ගෙඩියක් මිලදී ගැනීමටද ට්‍රොලියකින් මුදල් රැගෙන යන්නට සිදු වූ බව කියනු ලැබේ. නමුත් මෙලෙසින් ජර්මනිය අන්ත අසරන වීමට එකම හේතුව යුද්ධය පරාජය වීම පමණක්ම නොවීය. යුද්ධය පරාජය වීමෙන් අනතුරුව ජයග්‍රාහී පාර්ශව විසින් කරනු ලැබූ ඉතා අසාධාරණ ප්‍රතිපත්තීන්ය. ඒ හේතුවෙන් ජර්මන් සමාජය හා එහි ජනතාව අන්ත අසරණ වූ අතර ඔවුන්ගෙ කෝපය යුදෙව්වන්ගේ කරපිටින් ගලන්නට වැඩි කල් නොයන්නට ද විය.
ඒ හේ්තතූන් මත පළමු ලෝක මහා සංග්‍රාමය පරාජය වීමට හේතුව ද යුදෙව්වන් බව හිට්ලර්ගේ විශ්වාසය ද විය. යම් විට එයට පදනමක් තිබිය හැක. මන්ද යත් ජර්මනියේ සිටි වෙළද ප්‍රජාවගෙන් සැලකිය යුතු පිරිසක් යුදෙව් ව්‍යාපාරිකයන් විය. සමාන්‍ය ලෙසින් ම යුද්ධය ව්‍යාපාරිකයන්ට හිතකර නොවන අතර එය ඔවුන්ගේ ව්‍යාපාරවලට අහිතකර ලෙස බලපාන්නට විය. විශේෂයෙන් ම යුදෙව්වන් ජර්මනියට පමණක් සීමා වූ ජනවර්ගයක් නොවූ අතර සමස්ථ යුරෝපයේම ඔවුන්ගෙ ජනවර්ගය ව්‍යාප්ත ව පැවතිණ. එය ආධාරයෙන් යුරෝපීය යුදේව්වන් ව්‍යාපාර කාටලයක් පවත්වාගෙන ගිය අතර එය ජර්මනියෙන් භාහිරව පැවති අන්තර්ජාතික වෙළදාමට දායකතිවයක් සැපයීමක් විය. එබැවින් ජර්මනිය විසින් ආරම්භ කරන ලද යුද්ධයේ දී භාහිර ව්‍යාපාරයන්ට බලපෑමක් ඇතිවේ යැයි සිතූ යුදෙව්වන් ජර්මනියට පක්ෂ නොවීමට බලපන්න ඇතැයි උපකල්පනය කල හැක. "වැල යන පැත්තට මැස්ස ගැසීම" යුදෙව් නොවන අනෙකුත් ව්‍යාපාරිකයන්ගේ ද පොදු ලක්ෂණයක් වූ නමත් ජර්මනියේ යුදෙව්වන්ට එය පාරාවළල්ලක් වන ආකාරයක් දැකිය හැකි ය. ජර්මන් ජන සමාජයේ පැවති මෙම මතවාදය හිට්ලර්ගේ මනසට තදින් කාවදින්නට වූ අතර ඔහු විසින් මෙම මතවාද ප්‍රවර්ධන කිරීමත් එය විශ්වාස කිරීම සාධාරණයැයි අනෙකුත් අතිමහත් ජර්මන් ජනතාවත් විශ්වාස කරන්නට විය. එයට එකම විසදුම ලෙස හිට්ලර්ගේ වැඩපිළිවෙළ වූවේ යුදෙව් නැමැති පිළිලය ජර්මනියෙන් සදහටම උගුලුවා දැමිය යුතු බවයි. ඔහුගේ මතයට අතිමහත් ජර්මන් ජනතාවගේ ප්‍රසාදය හිමි වූ අතර රටේ බලය එමඟින් ලබා ගැනීමට ද හිට්ලර් සමත් විය. බලය ලබා ගැනීමෙන් පසු පොරොන්දු වූ පරිදි ඔහුගේ ප්‍රධානතම කාර්යයක් වූ යුදෙව්වන් විනාශ කිරීම හෙවත් "අවසන් විසඳුම"(Final Resolution) ක්‍රමානුකූල ව කියාත්මක කිරීමට හිට්ලර් සමත් විය. එය ප්‍රතිපලදායක විය. මන්ද යත් දෙවන ලෝක සංග්‍රාමය අවසන් වන විට යුරෝපයේ සමස්ත යුදෙව් ජනගහනයෙන් ලක්ෂ 60ක් පමණ ප්‍රමාණයක් ඉතා කුරිරු ලෙස ඝාතනය කිරීමට "අවසන් විසදුම" සමත් වීමයි.
අවසන් විසදුම තනි පුද්ගලයෙකුගේ වැඩසටහනක් නොවන අතර විශාල පිරිසකගේ දායකත්වයෙන් සංවර්ධනය වූ හා තවත් විශාල ජර්මන් පුරවැසියන්ගේ අනුග්‍රහය හා ප්‍රසාදය හිමිකරගත් ව්‍යාපෘතියක් ද විය.
No comments:
Post a Comment