Friday 30 April 2021

“ඉතිහාසඥයාට ඓතිහාසික කරුණු අවශ්‍ය වන්නේ ඇයි ?, ඉතිහාසකරණය අනුසාරයෙන් පැහැදිලි කිරීමක්”

 



ඉතිහාසකරණය

-Historiography-

 (Historical Method and Philosophy of History)

 

සර දහස් ගණනක් තුළ මිනිස් වර්ගයා රැස් කර ගත් අතීත අත්දැකීම් සම්භාරයෙන් හට ගත් ඥාන ධනය ද එමගින් උදාවන ප්‍රඥාව ද ඒ සා දීර්ඝ කාලයක් හරහා දිවෙන ගමන්මග ඔස්සේ ගෙනයනු ලැබ, වර්තමාන මිනිස් පරපුර අතට පත් කරනු ලබනුයේ ඉතිහාසය විසිනි. ශ්‍රී ලංකාවේ මෙන් ම වෙනත් බොහෝ රටවල ද අඩු වැඩි පමණින් ඒ අත්දැකීම් මෙනෙහි කරනු ලැබේ. එලෙස මානවයාගේ ඉතිහාසය දැන ගැනීම අනාගත මනුෂ්‍ය ක්‍රියාකාරකම් සඳහා අත්‍යාවශ්‍ය සාධකයක් වී ඇත. කෙසේ වෙතත් එලෙස සොයා බැලෙන ඉතිහාසය ඉබේ නිර්මාණය වූවක් නොවන අතර ඉතිහාසඥයෙකුගේ මැදිහත් වීම එයට ප්‍රමාණාත්මක ව ලැබී ඇත. මෙලෙස අප අධ්‍යයනය කරනු ලබන ඉතිහාසය නිර්මාණය කිරීමේදී වැදගත් ම කාර්යභාරයක් ඉටු කරනු ලබන්නේ ඉතිහාසඥයායි. සමස්ත අතීතයෙන් තෝරා ගනු ලැබූ කරුණු කාරණාවන් පිළිබඳ වඩා සාධනීය ලෙසින් සාක්‍ෂි විමසා එම කරුණු නැවත නූතන මානවයා වෙත සම්ප්‍රේෂණය කරනු ලබන්නේ ඉතිහාසඥයා විසිනි. එනම් සමස්ත අතීතයෙන් නිරවද්‍යවූත්, තෝරාගනු ලැබූත් කරුණු (Facts) ඉතිහාසය වෙත ලබා දෙනු ලබන්නේ ඉතිහාසඥයායි.

ඉතිහාසඥයා සමස්ත අතීතයෙන්, සිය ඉතිහාසය ගොඩනැගීමේ දී සෑම විටම ප්‍රධාන ගැටලු දෙකක් වෙත තම අවධානය යොමු කළ යුතු වේ. ඔහු විසින් වැදගත් කරුණු සොයා ගැනීමේ සහ ඒවා ඉතිහාසයේ කරුණු බවට හැරවීමේ කාර්යය ද, නොයෙකුත් නොවැදගත් කරුණු නිර්-ඓතිහාසික ලෙස බැහැරලීමේ කාර්යය ද යනුවෙන් දෙවැදෑරුම් කාර්යයන් කළ යුතු ව තිබේ.

එනම්;

1.                 සිදු වූවේ කුමක්ද??

2.             සිදු වූවේ ඇයි??

ඉතිහාසඥයා විසින් අතීත කරුණු අධ්‍යයනය කරමින් සිදු විය යුතු කුමක්ද?, සිදු විය හැකි කුමක්ද? හෝ ඒ ගැන ක්‍රියාකර තේරුම් ගන්නා තෙක් එම කිසිම තොරතුරක අරුතක් නැතැයි ඊ. එච්. කාර් ප්‍රකාශ කරන ලදි. නිරවද්‍ය වු (Aජජමර්ජහ) කරුණු සමස්තය, කෙලෙසින් නූතන මානවයා වෙත ඉදිරිපත් කළ යුතුද යන්නත්, ඊට සාධාරණ විසඳුමක් ඉදිරිපත් කිර’මත්, මේ නිසා සමස්ත අත’තයෙන් නිරවද්‍ය වූත් තෝරාගනු ලැබුවාවූත් කරුණු සමුහය —ඉතිහාසය˜ මැයෙන් ඉදිරිපත් කරනු ලබන්නේ ඉතිහාසඥයාය. මෙහි දී නූතනය තුළ ජීවත්වන ඉතිහාසඥයා අතීතය පිළිබඳ දකින, සිතන, කරන හා ලියන ආදී ක්‍රියාවලිය පිළිබඳ වූ විධිමත් ආකෘතිය සකස් කිරීමේදී අන්තර්ගත වන්නා වූ මූලික සාධකයක් ලෙස ඓතිහාසික කරුණු හැදින්විය හැක. මෙහි දී කරුණු යනු සිදු වූ දෙයක ශේෂයන් නැතහොත් අතීතය පිළිබඳ මතකයන් යමෙකු විසින් කරනු ලැබූ හෝ නිර්මාණය කරනු ලැබූ දෙයක් ලෙස හැඳින්විය හැක. මේ හේතුවෙන් ඉතිහාසඥයා මෙම ඓතිහාසික කරුණූ හඳුනාගනු ලබන්නේ අතීතයෙන් ලද ශේෂයන් ලෙස ය.


The Historical Facts is not the Past event, But a Symbol of Simple Statement which enable us to recreate it imaginatively.

 

 


ඉතිහාසයේ කරුණු යනු ඉතිහාසය නොවන අතර ඒවා අමුද්‍රව්‍ය පමණක් වේ. නිර්ඓතිහාසික කරුණක් ඓතිහාසික කරුණක් වන්නේ එම කරුණේ ඇති වැදගත්කම නිසා නොව ඉතිහාසඥයා ඊට ලබා දෙන ඇගයීම මතය. ඒ අනුව තෝරා ගැනීමේ හා ඉවත් කිරීමේ තීරණාත්මක ක්‍රියාවලියකින් තොරව ඓතිහාසික කරුණක් තීරණය නොවේ. ඒ හේතුවෙන් ම ඓතිහාසික කරුණකට කිසි විටෙකවත් ඉතිහාසඥයෙකුගෙන් තොරව පැවතිය නොහැක. ඉතිහාසගත තොරතුරු කිසිවිටකත් නිර්මල නොවන අතර එම ඉතිහාසගත තොරතුරු අපට ලබාදෙන්නේ ඉතිහාසඥයා විසින් ඒ ගැන සිතාමතා සකස් කිරීමෙන් අනතුරුවය. කවර කරුණු, කවර අයුරින් කථා කළ යුතු ද යන්න තීරණය කරන්නේ ඉතිහාසඥයාය.

ඉතිහාසඥයාට කරුණු වැදගත් වන්නේ එමගින් සත්‍ය දැනගත හැකිවීම හෝ සත්‍ය තහවුරු කරගත හැකි වීම හේතුවෙන් ය.

ඉතිහාසඥයා තමා ඉදිරිපත් කරන ඉතිහාසයට වගකිව යුතු වන බැවින් තමන් ඉදිරිපත් කරන ලබන කරුණුවල සත්‍යයතාවද තහවුරු කර ගත යුතු වේ. ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ කරුණ යනුවෙන් අර්ථ ගන්වා ඇත්තේ මෙසේය; A think known to be true. මහාචාර්ය ආර්. එල්. එච්. ගුණවර්ධන මහතාට අනුව කරුණක් Prelude to State ලෙස හැදින්විය හැක.

 

 මෙහි දී ඊ. එච්. කාර් විසින් කරුණක් යනු කුමක්ද යන්න අර්ථ දක්වා ඇති ආකාරය අවබෝධ කර ගැනීම වැදගත් වේ.

ඔහුට අනුව

පොදු ව්‍යවහාර ඥානයට අනුව ඉතිහාසයේ නාරටිය ඉතිහාසගත කරුණු වන අතර සෑම ඉතිහාසඥයෙකුට ම පොදු වූ කරුණු වරද්දා ගත නොගත යුතු ය. එය භෞස්මාන් නම් ඉතිහාසඥයාට අනුව වගකීමක් මිස සීලයක් නොවේ. තවද තම විග්‍රහයට පදනම් වන කරුණු හා දත්ත ඉතිහාසඥයා විසින් සකස් කිරීම, ගෘහ නිර්මාණ ශිල්පියෙකු තම නිර්මාණයට හොද ලී, ගඩොල් හා වැලි තෝරා ගැනීමක් වැනිය. ඉතිහාසඥයාට සිය දත්තවල නිරවද්‍යතාව පරීක්ෂා කිරීම සඳහා පුරාවිද්‍යාව, නාණක විද්‍යාව, ශිලා ලේඛන විද්‍යාව, රසායන විද්‍යාව හා භෞතික විද්‍යාව වැනි විද්‍යාවන්ගේ සහය ලබා ගත හැකිය. එමගින් එම තොරතුරුවල සත්‍යතාව තවදුරටත් තහවුරු කර ගත හැකිය.”

මෙහිදී ඉතිහාසඥයා විසින් තම ප්‍රමුඛ අවධානය යොමු කළ යුතු වන්නේ ඓතිහාසික හා නිර්ඓතිහාසික කරුණු වෙන් කර ගැනීමටයි. මන්ද යත් සෑම අතීත කරුණක් ම ඓතිහාසික වශයෙන් වැදගත් නොවීමයි. නිදසුන් ලෙස දක්වන්නේ නම් ඉතිහාස රචකයෙකුට සෑම ගැහැණියකගේ ම නාසය වැදගත් නැත. එහෙත් ක්ලියෝපැට්‍රාගේ නාසය ඉතා වැදගත් ය. ජෝසෆ් ස්ටර්ලින්ගේ බිරිඳ රුසියානු ඉතිහාසයට වැදගත් නොවන නමුත් මාඕ සේතුන්ගේ අවසාන බිරිඳ චීන ඉතිහාසය වැදගත් වේ. ලංකාවේ කලක් රජකම් කළ සීවලී, ලීලාවතී වැනි රජ බිසෝවරුන්ගේ සදාචාර පැවැත්ම ලංකා ඉතිහාසයට වැදගත් නොවනමුත් අනුලා බිසවගේ සදාචාර පැවැත්ම ලංකා ඉතිහාසයට වැදගත්ය. එවැනි කරුණු ඓතිහාසික කරුණු බවට පත් වන්නේ ඉතිහාසඥයාගේ මැදිහත් වීමෙන් පමණි. ඉතිහාස රචකයෙකුට තම ඉතිහාසයට අදාළ ඇතැම් කරුණු ඓතිහාසික වශයෙන් වැදගත්සේම නොවැදගත් වන අවස්ථා ද තිබේ. එහිදී ඉතිහාසඥයා තම අවධානය යොමු කළ යුතු වැදගත් අංශ දෙකක් පවතී.

එනම්;

1.     ඓතිහාසික කරුණු තේරුම් ගැනීම.

2.     නිර්ඓතිහාසික කරුණු බැහැර කිරීම.

අත’තය යන්නෙන් සමස්ත යටගියාවම ආවරණය කෙරෙන අතර ඉතිහාසඥයාගේ කාර්යයභාරය වන්නේ සමස්ත අත’තයෙන් තෝරා ගන්නා ලද යම් සිද්ධීන් පිළිබඳව වඩාත් සාධනීය ලෙසින් සාක්ෂ්‍යය විභාග සහිතව එම කරුණු නූතන මානවයා වෙත සම්ප්‍රේක්ෂණගත කිර’මයි. ඉතිහාසඥයෙකුට ‍ඓතිහාසික කරුණු අවශ්‍යය වන්නේ ඇයිද යන්න මෙහිදී අවබෝධ කර ගත යුතු වේග


එහිද’,

 

මූලාශ්‍රයක් වුවද අවශ්‍ය කරුණූ නොලැබේ නම් එය නිර්ඓතිහාසික කරුණක් ලෙස සැලකිය හැකිය. සිය ප්‍රස්තුතයට ඍජුව ම දායක කර ගත හැකි මූලාශ්‍රයන් තුළින් ලබා දෙන නිරවද්‍ය කරුණූ සමූහය නැතහොත් සත්‍යය බවට විශ්වාස කළ හැකි තොරතුරු සමූහය ඓතිහාසික කරුණූ ලෙස සැලකීමට ඉතිහාසඥයාට ඉඩ ප්‍රස්තාව පවතී. ඓතිහාසික කරුණු නිවැරදිව ගනිමින් සිය අතීත දැනුම ප්‍රතිනිර්මාණය කරමින් ඉතිහාසය ලිවීමේ දී මතු වන බාධාකාරී, සැකයට තුඩු දෙන තත්ත්වයන් මඟහැරීමත් ඉතිහාසඥයාගේ වගකීම වේ. එබැවින් ඉතිහාසඥයා නිරන්තරයෙන් ප්‍රාථමික හා ද්විතීයික මූලාශ්‍ර ග‍වේෂණය තුළින් එසේත් නැතහොත් ශිල්ප’ය මෙවල‍ම් සහ සංකල්පන’ය මෙවලම් යන ‍විධික්‍රම භා‍විතයෙන් එම සිද්ධිය හෝ සිද්ධිදාමය,

ඞී  සිදුවූයේ කෙසේද?

ඞී  සිදුවූයේ කෙදිනද?

ඞී  කිනම් ආකාරයටද?

ඞී  සිදු වූයේ කොහේද?

ඞී  එසේ සිදුවූයේ ඇයි?

ඞී  මෙම මොහොත :ැඩැබඑ- හඳුනාගැන’මේ වැදගත්කම කුමක්ද?

යන ප්‍රශ්න සඳහා නිරන්තරයෙන් පිළිතුරු සපයයි.


මෙම ප්‍රශ්නාවලිය තුළ විභාග වෙමින් නිරවද්‍ය වු (Aජජමර්ජහ) කරුණු සමස්තය, කෙලෙසින් නූතන මානවයා වෙත ඉදිරිපත් කළ යුතුද යන්නත්, ඊට සාධාරණ විසඳුමක් ඉදිරිපත් කිර’මත්, මෙනිසා සමස්ත අත’තයෙන් නිරවද්‍ය වූත් තෝරාගනු ලැබුවාවූත් කරුණු සමුහය —ඉතිහාසය˜ මැයෙන් ඉදිරිපත් කරනු ලබන්නේ ඉතිහාසඥයාය.


කාලය, අවකාශය හා සිද්ධීන් එක්තැන් කරමින් ආ ගමන පිළිබඳ විස්තර ඉදිරිපත් කිරීම මුල්කාලීන ඉතිහාසඥයන්ගේ දැක්මක් බවට පත්විය. කෙසේ නමුත් ඉතිහාසය තුළ —සිද්ධිය˜ ඓතිහාසික කරුණක් බවට පත්කෙරෙනුයේ ඉතිහාසඥයා විසින්ය. එමනිසා ර්‍ණඉතිහාසඥයෙකුගේ මැදිහත්වීම මත අත’ත මානව දැනුම සිය දැනුමෙන් අල්ලා ගනමින් නූතන මානව දැනුමට සම්ප්‍රේෂණය කිර’ම˜ ඉතිහාසය හරහා සිදුවේ.


"ඉතිහාසඥයාට සත්‍යයට මඟ එළි කරනු ලබන මාර්ගය කරුණුවේග”


                           -ජීග ආර්ග එල්ටන්-

  

කරුණු කතා කරනුයේ කරුණු කෙ‍රෙහි පමණි. ඒ නිසා පුද්ගල සාධකය කරුණුවලට එක් වීම අවම කළ යුතුය. ඊ. එච්. කාර් පෙන්වා දෙන්නේ අර්ථ නිරූපනය, කරුණු කෙරෙහි බලනොපාන බවත්, ඉතිහාසය අර්ථ නිරූපනය කිරීම ඔස්සේ කිලිටි වන බවත්, ඒ අනුව කරුණු හා අර්ථ නිරූපනය කිරීම යන කාර්යයන් දෙකම කිරීම තුළින් ඉතිහාසඥයාට සත්‍ය කරා ලඟා විය නොහැකි බවත් ඔහු පෙන්වා දේ. Haden White නම් ඉතිහාසඥයාට අනුව ඉතිහාසය යනු භාෂාත්මක නිර්මිතයක් ඔස්සේ ගොඩනැගෙන අතීතය පිළිබඳ අධ්‍යයනයකි. ඔහුට අනුව ඓතිහාසික නවකතාවක හා ඓතිහාසික අධ්‍යයනයක විශාල වෙනසක් නොමැත. White අනුව භාෂාවක් යනු යථාර්ථයකි. සිදුවීම හා ප්‍රපංචයන් ලෝකය තුළ ඇති විට ඒවා විස්තර කරන්නේ භාෂාව තුළිනි. එහිදී කරුණු සඳහා මග පෙන්වීම කරනු ලබන්නේ එම භාෂාව මාර්ගයෙනි.

ඓතිහාසික ප්‍රකාශයක නිවැරදි භාවය සරල ලෙසින් විග්‍රහ කිරීමෙන් පමණක් එය අර්ථ නිරූපනය කළ නොහැක. අතීතය ඍජු පරීක්‍ෂණයකට ලක් කළ නොහැක. අතීතය විසින් වර්තමානයට ඉතිරි කරන ලද බොහෝ දෑ මඟින් මෙම විභාගය කළ හැක. අතීතය විග්‍රහ කිරීම තුළින් සත්‍ය හා කරුණු අතර සමබර බවත් අවශ්‍ය වේ. ඉතිහාසයේ කරුණු රැස් කිරීමේත්, විශ්ලේෂණය කිරීමේත්, අගය කිරීමේත් හා තේරුම් ගැනීමේත් අවසානයක් නැත. අතීතය පිළිබඳ ගවේෂණ නිරන්තරයෙන් ම කෙරීගෙන යයි. මේ හේතුවෙන් අළුත් කරුණු නිරන්තරයෙන් මතුවෙයි. ඒ හේතුවෙන් පැරණි නිගමන යළි සලකා බැලීමක් සිදු කළ යුතු වේ. සමාජය නිරන්තරයෙන් ම වෙනස් වේ. ඒ අතර අතීතය දෙස බලන පැතිකඩ ද, දෘෂ්ටියද වෙනස් වේ. අළුත් කරුණු සොයා ගැනීම තුළින් අර්ථකතනයේ ද වෙනස්කම ඇති වේ. එහෙයින් ඉතිහාසය යළි යළිත් ලිවීම අත්‍යාවශ්‍ය වේ. ඉතිහාසය සම්බන්ධයෙන් ඉතිහාසඥයා,


Ø  අදාළ දෙය (ඓතිහාසික කරණු) නිම_ාණය කරන ලද පුද්ගලයා නිශ්චය කොට දැනගතයුතුය. 

Ø  කෙසේ වීදල කුමන ස්ථානයකල කුමන ආකාරයකට වීදල එය නූතනයට සම්බන්ධ වන්නේ කෙසේද යන්න ආදිය අධ්‍යයනය කළ යුතුය. 

Ø  ලේඛනයන් වඩා සමීපයෙන් සිට ඉතා නිවැරදිව අධ්‍යයනය කළ යුතුය.

Ø  තම දැනුම නැවත භාවිතා කරමින් අත’ත දැනුම නිශ්චයකොට තමා වෙතට ඇද ගන්නේ කෙලෙසද යන්නත් එහි ඇති අඩුපාඩු මොනවාද යන්නත් පිළිබඳව සෙවිය යුතුය. 

Ø  ඉන් ඉවත්ව ඇති දෑල නැතිවී ඇති දෑල පිළිබඳව එහි වන තොරතුරු වලින් යම් නිගමනයක් ලබා ගත යුතුය. 

Ø  බහුවිධ මූලාශ්‍ර මගින් ලබාදෙන කරුණුවලට එකගවීම් හා එකග නොවීම් මොනවාද යන්න පිළිබඳ අර්ථ විග්‍රහයන් ඉදිරිපත් කළ යුතුය. 

ඉහත සියලු කරුණ අධ්‍යනයේ දී පෙනී යන පොදු කරුණක් තිබෙන බව පෙනී යයි. එය ඊ. එච්. කාර්ගේ වචනයෙන් ම විස්තර කරන්නේ නම් “ඉතිහාසකරණයේදී ඉතිහාසඥයා කර ගෙන යන්නේ තම කරුණු තම නිරූපනයටත්, තම නිරූපනය තම කරුණුවලටත් හැඩ ගැස්වීමේ අඛණ්ඩ ක්‍රියාවලියක් වන බවයි” තවද අවසාන වශයෙන් ඉතිහාසඥයාට ඓතිහාසික කරුණුවල වැදගත් කම පෙන්වා දෙමින් ඔහු ප්‍රකාශ කර සිටියේ “ඉතිහාසඥයා, ඉතිහාසකරණයේදී තම කරුණු අතර අන්‍යෝන්‍ය හා අඛණ්ඩ ක්‍රියාවලියක යෙදෙන බවත් එය වර්තමානය හා අතීතය අතර නිමක් නැති සංවාදයක් වන බවත් ය. එනම් එහි සරල අර්ථය වන්නේ ඉතිහාසඥයාට, ඉතිහාසකරණයේදී ඓතිහාසික කරුණු නොමැති වන්නේ නම් ඉතිහාසඥයා ද ඉතිහාසය තුළ අප්‍රාණික තත්ත්වයකට පත් වන බවයි.

 

 

No comments:

Post a Comment