Sunday 22 November 2020

1857 මහා කැරැල්ල (සිපොයි කැරැල්ල )

 

  


හැඳින්වීම.

1857 කැරැල්ලේ ප‍්‍රභවය.

කැරැල්ල සම්බන්ධයෙන් ඉදිරිපත්වී ඇති මතවාද.

කැරැල්ලට හේතුවූ ප‍්‍රධානතම සාධක.

    x දේශපාලන හේතු.

    x සමාජීය හේතු.

    x ආගමික හේතු.

    x ආර්ථික හේතු.

    x යුධමය හේතු.

කැරැල්ලට ආසන්නම හේතු.

කැරැල්ල අසාර්ථක වීම.

කැරැල්ලේ ප‍්‍රතිඵල.

සමාලෝචනය.

ආශි‍්‍රත ග‍්‍රන්ථ නාමාවලිය.

ඇමුණුම්.


හැදින්වීම

      සිපොයි කැරැල්ල ලෙස හා හමුදා කැරැල්ල ලෙස හඳුන්වනු ලබන 1857 කැරැල්ල ඉන්දියානු ඉතිහාසයේ සුවිශේෂිත වූ සන්ධිස්ථානයකි. එය ඉන්දියානු සමාජය තුළ බි‍්‍රතාන්‍යයන්ට විරුද්ධව තිබූ පිළිකුල් සහගත ප‍්‍රතිවිරුද්ධතාවයේ ප‍්‍රතිඵලයක් ලෙස හැඳින්විය හැකිය. මෙම කැරැල්ල අසාර්ථක වුවත් පසුකාලීනව මෙමඟින් ඉන්දියානුවන්ට දිනාගත හැකි වූ ප‍්‍රතිඵලයන් රාශියකි. එය 1947 නිදහස ලබා ගැනීමේ මූලබීජය බදුවිය. මෙම කැරැල්ල ඉන්දියානුවන්ට පමණක් නොව බි‍්‍රතාන්‍යයන්ටද විශාල බලපෑමක් ඇතිකරන ලදී. ඔවුන්ට තම යටත්විජිත ප‍්‍රතිපත්ති පිළිබඳව නැවත සිතා බැලීමට මෙමඟින් සිදු වූ අතර විශාල ජීවිත හා දේපළ හානියකටද මුහුණ දීමට සිදුවිය. ඉන්දියාවෙන් පිටත අනිකුත් බි‍්‍රතාන්‍යය යටත්විජිත තුළද මේ පිළිබඳ රාවය පැතිර ගිය අතර ඒවායේ ජාතිකානුරාගී අදහස් වර්ධනය වීමටද මෙය හේතුවිය. එබැවින් මෙම 1857 කැරැල්ල සමස්ත බි‍්‍රතාන්‍යය අධිරාජ්‍යය සළිත කර වූ අවස්ථාවක් ලෙස හැඳින්විය හැකිය.


      මෙම කැරැල්ලේ ප‍්‍රභවය හා ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති මතවාදයන් පිළිබඳව මෙන්ම කැරැල්ලට හේතු වූ සාධක මෙමඟින් පුළුල්ව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වී ඇති අතර එහි පැතිරීම, අසාර්ථකවීම හා පසුකාලීනව ඇති වූ  ප‍්‍රතිඵල සම්බන්ධයෙන් සංක්ෂිප්ත විස්තරයක්ද ඉදිරිපත්කර ඇත.   


1857 කැරැල්ලේ ප‍්‍රභවය

     ඉතා දිගුකාලයක් තුළ මහජනතාවට පුරුදුව තිබූ පරිපාලනයේත් ජීවනෝපායේත් පරිවර්තන ඇතිකරලීමෙන් මෙන්ම ඉන්දියාවේ බි‍්‍රතාන්‍යය ආධිපත්‍යය ඉතා වේගයෙන් පැතිරීම නිසාත් ඉන්දීය ජන ජීවිතයේ තිබූ ශාන්ත ගතිපැවතුම් ක්‍රමයෙන් සංකීර්ණ විය. මේ හේතුවෙන් ඉන්දියාවේ ජනතාව තුළ අසහන තත්වයන් වර්ධනය වූ අතර බි‍්‍රතාන්‍යය පාලන තන්ත‍්‍රයේ තිබූ අදූරදර්ශී ක‍්‍රියා හේතුවෙන් සමාජයේ ඉහළ සිට පහළ දක්වා සියලූම පිරිස් අතර බි‍්‍රතාන්‍යය විරෝධී ආකල්පද ගොඩනැගෙන්නට විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස අවස්ථා කීපයකදී රටේ විවිධ පළාත්වල කැරලි ඇතිවිය. 

ඒ අතර,

x මදුරාසි ප‍්‍රසිඩන්සියේ ආණ්ඩුකාරතැන වූ විලියම් බෙන්ටින්ක් සාමිගේ සම්මුතිය අනුව මදුරාසියේ ප‍්‍රධාන අණදෙන නිළධාරියා විසින් නිකුත් කරනලද අලූත් නීතිවලට විරෝධය දැක්වීමක් වශයෙන් කර්ණාට ප‍්‍රදේශයේ වෙල්ලෝරයේ සිපොයි භටයන් විසින් 1806දී කරනලද කැරැල්ල. 

x අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුල්ලංඝනීය වූ ආඥාව අනුව සර් ජෝර්ඡ් බාලෝ විසින් වාඩි කොන්ත‍්‍රාත්තු පිළිබඳ ඇතැම් අතිරේක ලාභයක් නවත්වාලීම මූලික හේතුවකොට ගෙන  1808-1809 අතර කාලයේදී මදුරාසි හේවායන් අතර හටගත් කැරැල්ල.

x 1816 බරේලි විප්ලවය. 

x බුරුමයට මුහුදෙන් යන්නට දුන් අණට විරුද්ධව විරෝධතා දැක්වීමක් වශයෙන් කල්කටා ආසන්නයේ වූ බැරක්පූර්හි සිපොයිවරු 1824දී  කරනලද කැරැල්ල.

x 1831-1832 කෝලේ කැරැල්ල.

x 1855-1856 සන්තාල් කැරැල්ල.

     ආදී වශයෙන් කැරලි අවස්ථා ඇතිවිය. මෙහි උච්ඡ්තම අවස්ථාව වූයේ 1857දී හටගත් හමුදා කැරැල්ල හෙවත් සිපොයි කැරැල්ලයි. මෙය ඉන්දියාව තුළ බි‍්‍රතාන්‍යයන් ගොඩනගාගෙන සිටි අද්විතීය ආධිපත්‍යය හා ශක්තිය සළිත කරවිමට තරම් සමත්විය. 

      1856 පෙබරිවාරි මස අග‍්‍රාණ්ඩුකාර ධූරයේ වැඩ භාරගත් කැනිං සාමිගේ සය අවුරුදු පාලන යුගය තුළ සිදුවූ වැදගත් සිද්ධීන් මත මෙම කාලය ඉතා වැදගත්වේ. විශේෂයෙන්ම කලින් සිටි බි‍්‍රතාන්‍යය ආණ්ඩුකාරවරුන්ගේ පරිපාලනයේ ප‍්‍රතිඵලයක් වශයෙන් ස්ථාපිත වූ ඉන්දියාවේ බි‍්‍රතාන්‍යය පාලනය දෙකට බෙදන කඩඉමක් ලෙස හැඳින්විය හැකි 1857 කැරැුල්ලට මුහුණ දීමට සිදුවූයේ කනිං සාමිවරයාටය. 

        19වන සියවසේ මුල්භාගයේ සිටම ඉන්දියාව තුළ බි‍්‍රතාන්‍යයන්ගේ කටයුතුවලට ජනතාව තුළින් විරෝධතා මතුවිය. ඉංග‍්‍රීසින් ස්වකීය බල ව්‍යාප්තියේදී දේශීයයන්ගේ සිතුම් පැතුම් නොතකන ලදී. ඉන්දියාවේ මුල්කාලයේ සිටම ප‍්‍රාදේශික වශයෙන් විවිධ ජනතා විරෝධතාවන් මතුවූ අතර බි‍්‍රතාන්‍යයන් ඒවා එතරම් වැදගත්කොට නොසැළකීය. මේ සුළු කැරලි හා විරෝධතා ඒකාබද්ධකොට බි‍්‍රතාන්‍යය විරෝධී ව්‍යාපාරයක් බවට පත්කිරීමට හැකියාවක් හෝ සංවිධානයක් මුලදී ඉන්දියානුවන්ට නොවීය. මේ ආකාරයට ඉන්දියාවේ සෑම ප‍්‍රදේශයකම පාහේ උද්ගතවු විරෝධතා 1857වන විට උග‍්‍ර කැරැල්ලක් බවට පත්විය. 

 

කැරැල්ල සම්බන්ධයෙන් ඉදිරිපත්වී ඇති මතවාද

       මෙම ඉන්දීය හමුදා කැරැල්ලේ නිධානය හා එහි අදහස සම්බන්ධයෙන් ප‍්‍රධාන මත දෙකක් තිබේ. එනම්,

එය හුදෙක් යුධහමුදා කැරැල්ලකි.

බි‍්‍රතාන්‍යය පාලනය පිටුදැකීමට සංවිධානය කරනලද කුමන්ත‍්‍රණයකි.

 වශයෙනි .

        

          කෙසේ වුවද මේ සම්බන්ධයෙන් විවිධ අදහස් දැක්වූ අය අතරින් ප‍්‍රධානතම පුද්ගලයෙක්වන  ලෝරන්ස් සාමි” දක්වන්නේ  මෙම කැරැල්ලේ ආරම්භය හමුදාවෙන් හටගත් බවත්, එහි නුදුරු හේතුව පතරොම් සිද්ධිය බවත්, ඒ හැර කිසිවක් නොවන බවත්ය”. සිය මතය තවදුරටත් තහවුරු කරන ඔහු දක්වන්නේ  බ්‍රිතාන්‍ය පාලනය ගැන අප‍්‍රසාදයට පත්ව සිටි අය සිය පෞද්ගලික අරමුණු ඉටුකර ගැනීමට මේ කැරැල්ල පාදක කොටගත් නමුත් මෙය කිසිදු ආකාරයක පූර්ව කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් නොවන බවත්ය”. නමුත් මේ ගැන වෙනස් මතයක් ඉදිරිපත්කරන  සර් ජේම්ස් ඌට්මේ” දක්වා ඇත්තේ  බ්‍රිතාන්‍යන් කෙරෙහි වූ හින්දූන්ගේ ආකල්ප , ආයුධයක් කොටගත් මුස්ලිම්වරුන්ගේ කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් වූ බවයි” . කෙසේ වුවද කැරැල්ලේ පසුබිම හා හේතු සාධක පිළිබඳව විමසීමේදී 1857 හමුදා කැරැල්ල එක්තරා සුවිශේෂී වූ හේතුවකින් හටගත්තක් නොවන බවත් එය සිද්ධි හා හේතු රාශියක සංකලනයක ප‍්‍රතිඵලයක් බවත් පැහැදිලිය.

 

කැරැල්ලට හේතුවූ ප‍්‍රධානතම සාධක.

මෙම කැරැල්ලට පාදක වූ හේතු ප‍්‍රධාන කොටස් 5කට බෙදිය හැකිය. 

x දේශපාලන හේතු.

x සමාජීය හේතු.

x ආගමික හේතු.

x ආර්ථික හේතු.

x යුධමය හේතු.

x දේශපාලන හේතු

       දේශපාලනික කරුණු සම්බන්ධයෙන් ප‍්‍රධානවම වගකිවයුතු වන්නේ ඩැල්හවුසි සාමිය. මොහුට පෙර සිටම රටේ ජනතාව තුළ බි‍්‍රතාන්‍යය පාලනය කෙරෙහි විවිධ අමනාපකම් තිබුණත් ඒවා උත්සන්න වූයේ ඩැල්හවුසිගේ කාලයේදීය. විශේෂයෙන්ම ඩැල්හවුසිගේ අස්වාමිකවාදය හා ප‍්‍රදේශ ඈඳා ගැනීම මුළු ඉන්දියාව පුරාම දැඩි නොසන්සුන්තාවයක් හා සැකයක් ඇති කළේය. මෙහිදී ඔහුගේ අස්වාමිකවාදය යනු උරුමක්කාරයෙකු නොමැතිව ප‍්‍රාදේශීය නායකයා මියගියේ නම් ඔහු හදාවඩා ගත් කුමාරයෙකුට සිහසුන හෝ රජයන විරුදය හිමිනොවන්නේය යන්නයි. මේ අවස්ථාවලදී එම ප‍්‍රදේශ ඉන්දියාවේ බි‍්‍රතාන්‍යය අධිරාජ්‍යය පාලනයට හිමිවන බව ඔහු පෙන්වා දුන්නේය. මෙම න්‍යාය අනුව  "ජාන්සි මහාරාණිට” දරුවෙකු හදාවඩා ගැනීමට ඩැල්හවුසි ඉඩ නොදුන්නේය. තවද පෙෂ්වාහී දෙවන බාජී රා ඕගේ හදාවඩා ගත් පුතු වූ නා නා සහිබ් රාජ්‍ය උරුමක්කරු ලෙස නොපිළිගන්නා ලදී.  

      ප‍්‍රදේශ ඈඳා ගැනීමේදී ඩැල්හවුසි සාමි සතාරා, ජාන්සි සහ නාග්පූර් යන ප‍්‍රදේශ බි‍්‍රතාන්‍යය පාලනයට ඈඳා ගත්තේ ඉතාමත් වංචාකාරී ලෙසය.  මෙලෙස වෙළඳ සමාගමේ පාලකයින් එම සමාගමට අයත් භූමි ප‍්‍රමාණය පුළුල් කරගැනීමේ හා බි‍්‍රතාන්‍යය පාලනය තහවුරු කරගැනීමේ අභිප‍්‍රායෙන් ගෙනගිය ප‍්‍රදේශ ඈඳා ගැනීමේ ව්‍යාපාරය කෙරෙහි එම ප‍්‍රදේශවල පාරම්පරික පාලකයන් මෙන්ම සාමාන්‍යය ජනතාවද කිසිසේත්ම ප‍්‍රසාදයක් නොදැක්වීය. මරාත දේශය, සින්ඞ් රාජ්‍යය, නාග්පූර්, සතාරා වැනි ප‍්‍රදේශ සේම ඉතා ප‍්‍රබල ජාතියක් වූ සික්වරු පරදවා පන්ජාබයද අල්ලා ගැනීමටද බි‍්‍රතාන්‍යයන් සමත් වූහ. 

      විශේෂයෙන්ම අස්වාමිකවාදය යටතේ රාජ්‍යයකට උරුමක්කරුවෙකු තේරීමේදී බි‍්‍රතාන්‍යය පාලකයින්ගේ අවසරය ලබාගතයුතු වූ අතරම එවැනි කොන්දේසියක් පනවන ලද්දේ බි‍්‍රතාන්‍යයන්ට පක්ෂපාතී අයෙකු හෝ සිය හිතවතෙකු පත් කිරීමේ අරමුණෙනි. එසේම එමඟින් එම ප‍්‍රදේශ කෙලින්ම බි‍්‍රතාන්‍යය පාලනයට යටත් කරගත හැකිබව සිතීය. මේ අනුව මෙම අස්වාමිකවාදය යටතේ හින්දු රාජ්‍යය විශාල ප‍්‍රමාණයක් අල්ලා ගත්හ. මේ අතරම  "නවාබ්” හා  "රාජා” යන පදවි අහෝසි කිරීමත් කලින් සිටි අධිරාජ්‍යයාගේ විශ‍්‍රාම මුදල අහිමි කිරීමත් යනාදී සාධක මත ජනතාව මෙන්ම නායකයෝද කලකිරී සිටියහ. 

       තවද 1856දී මෝගල් අධිරාජ්‍යයාවන බහදූර් ෂාගේ මරණින් අනතුරුව එතෙක් නාමිකව පැවති මෝගල් අධිරාජ්‍යය පාලනය අවසන් කිරීමට බි‍්‍රතාන්‍යයන් තීරණය කළහ. එහෙත් මෙයට විරුද්ධ වූ ෂාගේ බිරිඳ වූ ශීනත් මහල් බි‍්‍රතාන්‍යයන්ට විරුද්ධව කුමන්ත‍්‍රණය කිරීමට පටන් ගත්තාය. තවද ඩැල්හවුසි විසින් බහදූර් ෂාගේ අනුප‍්‍රාප්තිකයන්ට තම මාළිගාව ලෙස රතු බළකොටුව පාවිච්චි නොකරන ලෙසත් කුතාබ් මිනාර් අසළ තැනක් තම වාසස්ථානය කරගන්නා ලෙසත් 1849දී ප‍්‍රකාශ කිරීමෙන් මූඝල් රජ පරම්පරාවට බරපතළ ලෙස අපහාස කරන ලදී. බි‍්‍රතාන්‍යයන් විසින් ඉක්මන්කාරීව ගන්නාලද තීරණයෙන් මුස්ලිම්වරුන් අතර මහත් අප‍්‍රසාදයක් ඇතිවූ අතර බි‍්‍රතාන්‍යය විරෝධී ව්‍යාපාරයකට පදනම වැටීමෙහිලා එයද සාධකයක් විය . 


x සමාජීය හේතු.

    සමාජීය වශයෙන් දේශීය රාජ්‍යයන් ඈඳා ගැනීමේදී රාජ්‍ය පරම්පරාවන් ඉවත් කිරීමට සිදුවූ අතර ඉන්දියානුවන්ට තමන් තුළ වූ දේශපාලන හා පරිපාලන දක්ෂතා පෙන්වීමටද ඉඩක් නොවීය. පාලකයින්ගේ පවුල්වල තත්වය මෙන්ම ස්වාධීනත්වයද එමඟින් බිඳී ගියේය.

     බෙන්ටින්ක් විසින් නිදහස් ඉඩම් භුක්ති ක‍්‍රමය යළි ඇතිකිරීම නිසා ඉඩම් හිමියන් ලැබූ ආදායම අඩුවිය. මෙය ඉඩම් හිමියන්ගේ ආදායමට පහර වැදීමක් විය. මේ නිදහස් භුක්ති ක‍්‍රමය ගැන පරීක්ෂණ පැවැත්වූ  "ඉනාමි” කොමිසම ඩෙකෑනයේ ඉඩම් 20,000ක් රජයට පවරා ගත්තේය. මෙය ඉතා දරුණු උවදුරුද ඇතිකරන ලදි. ඉතා විශාල පිරිසකට ජීවනෝපායන් අහිමිකිරීමටත් මෙම ක‍්‍රියාකලාපය හේතුවිය. 

      තවද බි‍්‍රතාන්‍යයන් අනුගමනය කළ උසාවි සම්බන්ධ නීති නිසාද ජනතාව අතර විවිධ නොසන්සුන්තා හටගත්තේය. යුරෝපීය විනිශ්චයකරුවන් රටේ භාෂාව හෝ සිරිත්විරිත් ආදිය නොදත්නිසා අලූත් අධිකරණ ක‍්‍රමය ඉන්දියානුවන් දුටුවේ ඉමහත් අන්තරාදායක දෙයක් ලෙසය. මනාව නීතිය අවබෝධකර නොගෙන යුක්තිය පසිඳලීමට ක‍්‍රියාකිරීමෙන් වූයේ එම කටයුතුවලට අනවශ්‍යය වියදමක් වැයවීම හා කල්ගතවීමයි. මෙය ජනතාවට දැඩි පීඩාකාරීවූ අතර රැුකියා විරහිතව සිටි ජනකොටස් වලට ඉමහත් හානිදායක විය. උසස් තනතුරුවලින් දේශීයන් ඉවත් කිරීමෙන් දේශීය ජනතාවම නැවත පීඩාවට ලක්විය. රදළවරු මෙතෙක් ඔවුන්ට සමාජයේ ලැබී තිබූ තත්වය අහිමිවී යාම නිසා මහත් පීඩාවට සේම අපේක්ෂා භංගත්වයට පත්විය. තම වරප‍්‍රසාද අහිමි කිරීමේ කනස්සල්ල මත කැරලිවලට සහය දීමට දේශීය ප‍්‍රභූවරුන් ඉදිරිපත් විය. ඒ අනුව මෙම ඉඩම් හිමි රදළවරුන්ගේ නායකත්වය යටතේ දකුණු ඉන්දියාවේ මයිසූර් ප‍්‍රදේශයේ හා මදුරාසියේ කැරලි තත්වයන් ඇතිවිය.

        මීටත් වඩා උග‍්‍ර බරපතළ ගැටළුව වුයේ ඉන්දියාව පුරා සිටි ගෝත‍්‍රික ජනකොටස් තම ස්වාධීන ජීවිතයට බි‍්‍රතාන්‍යය පාලනයෙන් තර්ජන එල්ලවීම නිසා කැරලි ඇතිකිරීමට ඉදිරිපත්වීමයි. මෙම කැරලි රාඡ්පුටානා, බිහාර් හා ඔරිස්සා ආදී ප‍්‍රදේශවල ඇතිවිය. මේ තත්වය මත 1857 පමණ වනවිට උද්ගත වූ තවත් අර්බුදයක් වූයේ බි‍්‍රතාන්‍යයන්ගේ උඩඟුකමයි. ඉංග‍්‍රීසි ජාතිකයන්, ඉන්දියානුවන් ඉතාමත් පහත් ජනකොටසක් ලෙස සළකනු ලැබීය. පරම්පරාගත, වංශවත් පවුල්වල අධිපතීන්ට වඩා ඉතා පහළ තනතුරු දැරූ ඉංග‍්‍රීසි සේවකයා සමාජ තත්වය අතින් උසස් කොට සැළකීමට බි‍්‍රතාන්‍යයන් ක‍්‍රියාකළහ. තමන්ට පාලන වරප‍්‍රසාදය ලබාදුන්නේ දෙවියන්වහන්සේය යන මතයේ එල්බ සිටි ඉංග‍්‍රීසින් සෑම ඉන්දියානුවෙක්ම නින්දාවට හා ගර්හාවට ලක් කළේය. ආත්ම ගරුත්වය ඉතා ඉහළින් සැළකූ අභිමානවත් ජාතියක් වූ ඉන්දීය ජනයා මෙය නොඉවසීය.

      තවද ආසියාතික ජාතීන්ට වඩා තමන් උසස් බවත් එම නිසාම ආසියාතිකයන් පාලනය කිරීමේ අයිතිය තමන් සතු බවත් ඉංග‍්‍රීසීන් සිතූහ. මේ තත්වය මත සෑම ඉන්දීය ජාතිකයෙකු තුළම ඉංග‍්‍රීසීන් කෙරෙහි කලකිරීමක් මෙන්ම පිළිකුලක්ද ඇතිවිය. 

       බි‍්‍රතාන්‍යයන් විසින් ඉන්දියාවට නවීන තාක්ෂණික ක‍්‍රමවේදයන්වන දුම්රිය හා විදුලි පණිවිඩ සේවා හªන්වාදීමද, නිවැරදිව තේරුම්ගැනීමට ඉන්දියානුවෝ අසමත් විය. විදුලිපණිවිඩ මාර්ගවල කණු සිටුවන්නේ ඉන්දීය ජනතාව ඒවායේ එල්ලා මරා දැමීම සඳහාය යන ප‍්‍රචාරයක් පැතිරගොස් තිබුණි. දුම්රිය මැදිරිවල බ‍්‍රාහ්මණයින් හා පංචමයින් එකට වාඩිවී යාම දැඩිමතධාරී හින්දූන්ගේ  මහත් උදහසට හේතුවිය. මෙවැනි තත්වයක් ඇති කිරීම තම කුලවාදය හා ආගම විනාශ කිරීමට හිතාමතාම කරන ලද්දක් බවට ඔවුහු විශ්වාස කළහ . 

      බි‍්‍රතාන්‍යයන් විසින් සතිපූජාව තහනම් කිරීමත් එය පැවැත්වීම නීතියෙන් දඩුවම් ලැබිය හැකි වරදක් බවට ප‍්‍රකාශ කිරීම, ළදැරියන් මරා දැමීම තහනම් කිරීම, වැන්ඳඹුවන්ට නැවත විවාහයට අවසර දීම, බහුභාර්යා සේවනය තහනම් කිරීම වැනි සුබවාදී ක‍්‍රියාද සාමාන්‍ය ජනතාව අතර දෙගිඩියාවක් ඇති කළේය. 

       තවද සෑම අවුරුදු 100කට වරක්ම ඉන්දියාවේ පාලකයන් වෙනස් විය යුතුය යන පිළිගැනීමක් ඉන්දියානුවන් තුළ පැවති අතර 1757දී ප්ලාසේ සටන දිනූතැන් පටන් අවුරුදු 100ක් ගතවන 1857 දක්වා බි‍්‍රතාන්‍යයෝ ඉන්දියාවේ පාලනය ගෙනගියහ. මේ නිසා අවුරුදු 100ක් ගියතැන බි‍්‍රතාන්‍යය පාලනයද අවසන්වනු ඇතැයි ඉන්දියානුවන් විශ්වාස කළේය.


x ආගමික හේතු.  

    ආගමික වශයෙන් මෙතෙක් ඉන්දියානුවන් තුළ පැවති ආගමික විශ්වාස මෙන්ම කුලභේදය ආදී සමාජගත ධර්මතාද ඉංග‍්‍රීසින්ගේ ආක‍්‍රමණයට හසුවිය. විශේෂයෙන් කතෝලික ආගම ප‍්‍රචාරය කිරීම සඳහා මිෂනාරීන් දැරූ වෑයමත්, ඔවුන්ගේ විචාරශීලි නොවූ අදහසුත් හා රජය විසින් ඔවුන්ට අනුබල දීමත් යන කාරණා හේතුවෙන් හින්දු හා මුස්ලිම් ජනතාව කලබලයට පත්වූහ. බි‍්‍රතාන්‍යයන් ඉන්දීය ආගම් පහත් සේ සැළකූ අතර 1850දී ඩැල්හවුසි පැනවූ නීතියකින් ආගම වෙනස්කර කතෝලික ආගම වැළඳගන්නා අයගේ පාරම්පරික දේපළවල අයිතීන් සියල්ල ආරක්ෂාකර දීමටත් බි‍්‍රතාන්‍යයන් ඉදිරිපත්විය. 

      බි‍්‍රතාන්‍යයන් විසින් නූතන අධ්‍යාපනය හඳුන්වාදෙමින් පාඨශාලා ආරම්භ කිරීම, එතෙක් සාම්ප‍්‍රදායික අධ්‍යාපන ආයතන මඟින් ඉගෙනීම පාලනය කළ හින්දු  "පණ්ඩිත්”වරුන්ගේත්, මුස්ලිම්  "මවුලවි”වරුන්ගේත් සමාජ අවශ්‍යතා අඩුකරන සාධකයක් විය . නව නීති හඳුන්වාදීම මඟින් හින්දු දේවාල හා මුස්ලිම් පල්ලිවලට බදු පනවන ලදී. මෙම හේතුන්ද ඉන්දියානු ආගමික මතධාරීන්ගේ කෝපයට හේතුවිය.


x ආර්ථික හේතු

        බි‍්‍රතාන්‍යය සමාගම ඉන්දියාවේ රෙදිපිළි, ඉන්ඩිගෝ, කුළුබඩු හා ධාන්‍ය වර්ග ඉතා සුළු මුදලට ලබාගෙන යුරෝපයේදී අධික ලාභ තබාගෙන විකුණන ලදී. විශේෂයෙන් ඉන්දියාවේ රෙදිපිළි වර්ගවලට එංගලන්තයේ රෙදිපිළි සමඟ තරඟ කිරීමට සිදුවූ අතර බි‍්‍රතාන්‍යය රජය එංගලන්ත රෙදිපිළි නිෂ්පාදකයන් ආරක්ෂාකර ගැනීම සඳහා ඉන්දියානු රෙදිපිළි වලට අධික බදු හා සම්බාධක පනවන ලදී. එමඟින් ඉන්දියානු රෙදිපිළි කර්මාන්තය අඩපණ වූ අතර ඉංග‍්‍රීසි වෙළඳ සමාගම ඉන්දියාවේ රෙදි අපනයනය කිරීම නවත්වා එංගලන්ත කර්මාන්තශාලා සඳහා කපු හා ජූට් ලබාගැනීමට උනන්දු විය. 


       මෙමඟින් ඉන්දියාව එංගලන්තයට අමුද්‍රව්‍යය සපයන රටක් බවට පත්වූ අතර ඉන්දියාවේ හස්ත කර්මාන්ත හා ගෘහාශ‍්‍රිත කර්මාන්ත එමඟින් බිඳවැටිණ. වෙළඳ සමාගම සීමාරහිතව එංගලන්තයේ නිෂ්පාදන නැවත ඉන්දියාවට ආනයනය කිරීම හේතුවෙන් ඉන්දියානු ආර්ථික සම්පත් පිටරටට ඇදීයන ලදී. ඒ හේතුවෙන් ඉන්දියානුවන්ට රැුකීරක්ෂා නැතිවූ අතර විරැකියාව, දිළිඳුකම හා සාගතය ඉන්දීය සමාජය පුරාම ව්‍යාප්තවන ලදී. බි‍්‍රතාන්‍යයන් ඉන්දියාවේ කරගෙන ගිය සූරාකෑම ගැන සඳහන් කරමින් එවකට මදුරාසි ආදායම් මණ්ඩලයේ සභාපතිව සිටි ඩෝන් සලිවාන් මෙසේ පැවසීය.  "අපේ ක‍්‍රමය තෙතමනය උරන මුහුදු හත්තක් (ස්පොන්ඡ්) මෙන් හරියටම ක‍්‍රියාත්මක වේ. මේ ක‍්‍රමය අනුව ගංඟා නදියේ ඉවුරුවල ඇති සියළුම හොඳදේ ගලාගෙන ගොස් එංගලන්තයේ තේම්ස් නදියේ තැන්පත් වේ.” 

x යුධමය හේතු

      මේ ආකාරයට රටේ විවිධ පළාත්වලින් ඉංගී‍්‍රසි පරිපාලනයට විරුද්ධව කැරලි මෙන්ම ජනතාව තුළ ක්‍රෝධය ඇතිවූ අතර ඒවා නිදහස් සටන් හා අරගල වශයෙන් ඉස්මතුවීමට පටන්ගත් බව පෙනේ. මෙවන් අවස්ථාවලදි සිපොයි හමුදා බි‍්‍රතාන්‍යය පාලනය හා සුහදව සිටියේනම් මෙම විරෝධතා මෙතරම් විශාල අරගල සේ දියත් නොවනු ඇත. නමුත් සිපොයි හමුදාව තුළද වෙළඳ සමාගම ගැන විශාල කලකිරීමක් හා කෝපයක් වර්ධනය වන ආකාරයක් දැකිය හැකිය. තවද මෙම කැරැුල්ල එක්තරා අතකට සමාජයේ සෑම තරාතිරමකටම අයත් ජනයා තුළ ඇතිවූ විරෝධතා පිටකිරීමට අවස්ථාවක් ලබාදීම වැනිය. කෙසේ වුවද සිපොයි හමුදාව තුළින්ද මෙම කැරැල්ලට බලපෑ හේතු සාධක මතුව ආ බව පෙනේ. 

       විශේෂයෙන්ම කාලයක සිට බෙංගාල හමුදාව තුළින් දුර්වලතා රාශියක්ම දැකගත හැකිවිය. මේ සඳහා කරුණු 3ක් බලපානලදැයි විශ්වාස කෙරේ. එනම් 

1. දක්ෂ යුධනිළධාරීන් කිහිපදෙනෙක්ම දේශපාලන කටයුතු සඳහා මාරුකිරීම හේතුවෙන් යුධහමුදාවේ නායකත්වය දුබලවී ගියේය.

2.  තත්වය ඉහළ කිරීම ජ්‍යේෂ්ඨත්වය අනුව සිදුවූ හෙයින් බොහෝ අදක්ෂ නිළධාරීන්ට උසස් තනතුරු ලැබිණි.

3. දැඩිලෙස පිළිගැනුණු වයස සීමාවක්ද නොවූ හෙයින් තමන්ගේ ශක්ති ප‍්‍රමාණය ඉක්මවූවනැයි පෙනෙන හේවායන්ටද සේවයේ යෙදෙන්නට ඉඩදෙන ලදී.

     1857 පමණ වනවිට බෙංගාල යුධහමුදාවේ වර්තමාන උත්තර් ප‍්‍රදේශය ආශ‍්‍රිතව සිටි යුරෝපීය හේවායන් හා නිළධාරීන්ගේ සංඛ්‍යාව ප‍්‍රමාණාත්මක වශයෙන් 19%ක් වැනි අඩු සංඛ්‍යාවකි. මේ වනවිට ඉන්දියාවේ සිටි බි‍්‍රතාන්‍යය හමුදාවේ සංඛ්‍යාව 45,322ක් පමණ වූ අතර ඉන්දියානු භටයන්ගේ සංඛ්‍යාව 233,000 පමණ විය . යුධ කටයුතු පිළිබඳ මනා පළපුරුද්දක් ඇති රාඡ්පුත් භටයන් මෙන්ම බ‍්‍රාහ්මණ වංශික භටයන්ද බි‍්‍රතාන්‍යයන් යටතේ සේවය කළ අතර ඔවුන් බි‍්‍රතාන්‍යයන් ඉන්දියාවේදී ලැබූ ජයග‍්‍රහණ රාශියකටම මුල්විය. නමුත් ඔවුන්ට නිතරම ලැබුනේ දෙවන පංතියේ සැළකිල්ලකි . යුරෝපීයන්ගෙන් වැඩිදෙනෙක්ම අළුතින් යටත්කර ගත් පන්ජාබ් ප‍්‍රදේශය ආශ‍්‍රිතව සිටිය අතර තවත් පිරිසක් ක‍්‍රිමියාවේ සේවයට ගෙනයන ලදී. දේශසීමාවල පරිපාලන කටයුතුවලට යුදභටයින් යෙදවීමත් මෙම විෂමානුපාතයට පාදකවූ තවත් කරුණකි. තවද සංග‍්‍රාමෝපාය සම්බන්ධයෙන් වැදගත්වු බොහෝ ස්ථානද, තුවක්කුවලින් වැඩි ගණනක්ද සිපොයි භටයන්ගේ පාලනය යටතේ පැවතිණි. යුධහමුදාවේ යුරෝපීයන්ගේ සංඛ්‍යාව ප‍්‍රමාණාත්මක වශයෙන් ශක්තිමත්ව පැවතුනේ නම් සිපොයි හමුදාවේ පැවති අප‍්‍රසාදය හා විනයානුකූල නොවීමද මෙතරම් අන්තරායකර නොවන්නට ඉඩතිබිණි . 

           සිපොයි හමුදාවට බඳවා ගන්නවුන්ගෙන් බොහෝ දෙනෙකුම එකම ප‍්‍රදේශයකට (වර්තමාන උත්තර් ප‍්‍රදේශයට) හා එකම කුලයකට අයත් වූවන් හෙයින් පවුල් සබඳකම් වැනි බැඳීමකින් ද එය එකමුතුව පැවැතිණි. විනය පිළිබඳ බටහිර අදහස් මඟින් සමාන බවක් ඇතිකරවන්නට ඉඩ නොදෙන තරමට කුලභේදය පිළිබඳ අදහස් උග‍්‍රව පැවතුණි. එබැවින්  ර්‍ණකුලීනත්වය මඟින් කැරැුල්ලට ලැබෙන්නේ රුකුලකි” යනුවෙන් සර් චාල්ස් නෙපියර් සඳහන් කළේය .

        තවද සිපොයි හමුදා නඩත්තුව වියදම් අධිකසහගත මෙන්ම අකාර්යක්ෂම වූවකි. පඩි ගෙවීමේදී ඉන්දියානු සොල්දාදුවන්ට අඩුවෙන් වැටුප් ලැබුණු අතර ඒ හා සමානම කාර්යයන් කරන බි‍්‍රතාන්‍යය සොල්දාදුවන්ට ලැබුණු වැටුප අටගුණයකින් වැඩිවිය. උසස්වීම් ලබාදීමේදීද බි‍්‍රතාන්‍යය හමුදා සෙබලූන්ට විශේෂත්වයක් ලැබුණු අතර ඉන්දියානුවන්ට ලබාගත හැකිවූ එකම උසස්වීම වුයේ  ර්‍ණසුබේදාර්”නම් වූ පහත්ම නිළයකි. 

        1856දී බි‍්‍රතාන්‍යය පාර්ලිමේන්තුවේ සම්මතකරන ලද  ර්‍ණපොදු යුදසේවයට බඳවා ගැනීමේ” පනතට අනුව ඉන්දියානු සොල්දාදුවන්ට බි‍්‍රතාන්‍යය වෙනුවෙන් විදේශයන්හි යුද්ධකිරීමට නියම කෙරිණි. එමඟින් බුරුමය, චීනය, ඇෆ්ගනිස්තානය හා පර්සියාව වැනි දුරබැහැර ප‍්‍රදේශවල සේවය කිරීමට ඉන්දියානු භටයන්ට සිදුවූ අතර එය ඔවුන්ට මහත් වෙහෙසකාරී විය. විශේෂයෙන්ම බුරුම යුද්ධය සඳහා ඉන්දියානු සෙබලූන් මුහුදු මාර්ගයෙන් ගෙනයාමට ගත් තීරණය බ‍්‍රාහ්මණ වංශික හමුදා සෙබලූන්ගේ කනස්සල්ලට හේතුවිය. මන්දයත් ඔවුන්ගේ සමාජය තුළ පිළිගත් චාරිත‍්‍ර ධර්ම අනුව බ‍්‍රාහ්මණයන් මුහුද තරණය කර එතෙර යාම තහනම් දෙයක් විය .  

     ඇෆ්ගන් යුද්ධයෙන් බි‍්‍රතාන්‍යයන් දරුණු ලෙස පරාජයට පත්වූ අතර එමඟින් බි‍්‍රතාන්‍යයන්ගේ කීර්තියද බිඳවැටිණි. බි‍්‍රතාන්‍යයන් පරාජය කළහැකි ජාතියක් යන හැඟීම ඉන්දියානුවන් අතර ඇතිවීමෙන් කැරැුල්ලට අවශ්‍යය එඩිතරබවද ලැබිණි. 

         ව්‍යාජ හේතු දක්වමින් ඉන්දියානු ප‍්‍රාදේශීය රාජ්‍යය බි‍්‍රතාන්‍යයන් විසින් ඈඳාගත් අතර ඒවායේ සිටි හමුදා විසුරුවාහරින ලදී. එමඟින් එම හමුදා භටයින්ට තම රැුකියා අහිමි වූ අතර ජීවත්වීමේ මාර්ගද අහිමිවිය. මේ තත්වයට තමන් පත්කිරීම ගැන ඔවුන් බි‍්‍රතාන්‍යයන් සමඟ වෛර බැඳගත් අතර බි‍්‍රතාන්‍යයන්ට විරුද්ධ ව්‍යාපාරයක් මහජනතාව අතර ගෙනයන බවට ඔවුහු දිවුරා ප‍්‍රකාශ කළහ . 


කැරැල්ලට ආසන්නම හේතු

   කැරැුල්ලට ආසන්නතම හේතුව වූයේ  ර්‍ණඑන්ෆීල්ඞ්” නම් අළුතින් හªන්වාදුන් තුවක්කුව සඳහා මේද තවරන ලද ග‍්‍රීස්වලින් යුක්ත වූ කඩදාසිවලින් ආවරණය කරනලද උණ්ඩයන්ය. රයිෆලයට උණ්ඩ ඇතුළු කිරීමට පෙර හමුදාභටයා විසින් එහි ආවරණය දතින් හපා ඉවත් කළ යුතුය. ආවරණය සඳහා ගත් මේදය ඌරු හා ගව තෙල් වලින් සකසන ලද්දක්ය යන ප‍්‍රචාරය පැතිර ගියේය . හින්ඳුන් ගවයන් ශුද්ධ වස්තුවක් ලෙස සැළකූ අතර මුස්ලිම්වරුන් ඌරන් අපවිත‍්‍ර ලෙස සැළකූහ. ඉන්දියානු හමුදාභටයන් විශාල සංඛ්‍යාවක් ඉහතකී උණ්ඩ පාවිච්චි කිරීම ප‍්‍රතික්ෂේප කළ අවස්ථාවේදි බි‍්‍රතාන්‍යයන් බලෙන් උණ්ඩ පාවිච්චි කිරීමට නියෝගකරන ලදී. එම අවස්ථාවේ බැරැුක්පූර් හමුදා කඳවුරේ සිටි  "මංගල් පාණ්ඩ” නම් බ‍්‍රාහ්මණ සිපොයි භටයෙක් උණ්ඩ පාවිච්චිය ප‍්‍රතික්ෂේපකොට බි‍්‍රතාන්‍යය හමුදා නිළධාරීන් දෙදෙනෙකු මරා දැම්මේය. එම වරදට ඔහුව එල්ලා මරණ ලද අතර මේ දඬුවම හේතුවෙන් මීරූත්, දිල්ලි, කාන්පූර්, ලක්නව්, රෝහිල්ඛාන්ද්, මධ්‍ය භාරතය, බුන්දල්ඛාන්ද්, ජාන්සි ඇතුළු හමුදා කඳවුරු රැුසකම කැරලි ආරම්භවිය. 


කැරැල්ල අසාර්ථක වීම

      ඉතා දරුණුවට ආරම්භ වූ කැරැුල්ල ඉන්දියාව පුරාම ව්‍යාප්තව ගියත් ඉතා විශාල පරිශ‍්‍රමයකින් පසුව එය මර්ධනය කිරීමට බි‍්‍රතාන්‍යයන්ට හැකිවිය. නිසි සැලැස්මක්, සංවිධානයක් හා නායකත්වයක් නොමැතිවීම, සියළු දෙනාටම පොදු වූූ අරමුණක් නොතිිබීම, ජාති භේද ආගම් භේද හා කුල භේද වශයෙන් ඉන්දියානුවන් එකිනෙකා කුලල්කා ගැනිම, බි‍්‍රතාන්‍යයන් සතුව දක්ෂ යුධහමුදා නිළධාරින් සිටීම හා දියුණු අවිආයුධ තිබීමත් සමහර දේශීය ජනකොටස් වල සහය බි‍්‍රතාන්‍යයන්ට ලැබීම හේතුවෙනුත් ඉතා විශාල ව්‍යසනයකින් පසුව කැරැුල්ල මැඩපැවැත්වීමට හැකිවිය.


කැරැල්ලේ ප‍්‍රතිඵල

         1857 කැරැුල්ල එහි මූලික අරමුණු දිනාගැනීමට සමත් නොවූවත් එයින් ඇතිවූ දීර්ඝකාලීන ප‍්‍රතිඵල ඉන්දියානු ඉතිහාසය හැඩගැසීමෙහිලා වැදගත් වේ. මෙම කැරැුල්ල බි‍්‍රතාන්‍යයන්ට විශාල අලාභ හානි ඇතිකළ බැවින් නැවත මෙලෙස ස්වදේශීය විරෝධතා ඇති නොවන ලෙසට තම ප‍්‍රතිපත්ති හා තීන්දුතීරණ කි‍්‍රයාත්මක කිරීමට බි‍්‍රතාන්‍යයන් උත්සුක විය. එහි ප‍්‍රතිඵල යහපත් හා අයහපත් ලෙස පසුකාලීනව ඉන්දියාවට බලපාන ලදී. 

       තමාට සිදුවූ පාඩුව පියවා ගැනීම සඳහා බි‍්‍රතාන්‍යයන් ඉන්දියාවේ ආර්ථිකය සූරාකෑමේ ප‍්‍රතිපත්තිය තවත් දැඩි කරන්නට විය. ජනතාව බි‍්‍රතාන්‍යය පාලනයට විරුද්ධව නැඟී සිටීම වළක්වනු සඳහා ඉන්දියාවට බෙදා පාලනය කිරීමේ ප‍්‍රතිපත්තිය :ෘසඩසාැ ්බා ඍමකැ* හªන්වා දෙන ලදී. එහි මූලික අරමුණ වූයේ කැරැුල්ලේදී එකමුතුව කටයුතු කළ හින්දු හා මුස්ලිම් ජනතාව භේදබින්න කිරීමයි. එම ක‍්‍රමය ඉතාමත්ම සාර්ථක වූ අතර 1947 ඉන්දියාව නිදහස ලබා ගන්නා විට රට ඉන්දියාව හා පාකිස්ථානය ලෙස බෙදී වෙන් විය.

     ඉන්දියාව තුළ සමාගම් පාලනය අවසන් වූ අතර 1858 වික්ටෝරියා රැුජිනගේ ප‍්‍රකාශනය මඟින් ඉන්දියාව, බි‍්‍රතාන්‍යය කිරීටය යටතට පවරා ගන්නා ලදි. තවද තම පාරම්පරික ආගමික නිදහස ඉන්දියානුවන්ට නැවත ලැබුණු අතරම 1947 ඉන්දියාවට නිදහස ලබාගැනීමට මුල් වූ මූලබීජයක් ලෙසද 1857 කැරැුල්ල හැඳින්විය හැකිය. එමඟින් ඉන්දියානුවන් තුළ ජාතිකානුරාගී අදහස් උද්දීපනයවන්නට විම මෙහි යහපත් ප‍්‍රතිඵල ලෙස දැක්විය හැකිය.    


 සමාලෝචනය

     සමස්තයක් වශයෙන් ගෙන බලනවිට 1857 කැරැුල්ල යුධභටයන්ගේ සහභාගීත්වයකින් පමණක් සිදුවූවක්සේ සැළකීම යුක්ති සහගතනොවේ. මන්දයත් සිපොයි භටයන් තුළ විවිධ කැරලි හා විරෝධතා මතුවන්නට පෙර සිටම ජනතාව අතරත් ඉන්දීය පාලක කොටස් අතරත් විවිධාකාර වූ විරෝධතා මතුවීමයි. ලෝරන්ස් සාමි විසින් කැරැුල්ල සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මතය වඩා නිවැරදි බව පෙනේ. එනම්  ර්‍ණඑම කැරැුල්ල ප‍්‍රධාන වශයෙන්ම යුධහමුදාවෙන් ඇරඹුනත් විවිධ හේතූන් මත සාමාජික හා දේශපාලනික, ආගමික වශයෙන් නොසන්සුන්තා පැවති සමයක මෙම කැරැුල්ල හටගත් බවත්, පෞද්ගලික අපේක්ෂා ඉටුකර ගැනීමට රිසිවූ අය එයට සම්බන්ධ වූ බවත් තම අරමුණු ඉටුකර ගැනීම සඳහා ඔවුනොවුන් තමන්ට රිසි සේ එය මෙහෙය වූ බවත්” කිව හැකිය. ඒ අනුව අවසාන වශයෙන් දැක්විය හැක්කේ 1857 කැරැුල්ල හුදෙක් හමුදා කැරැුල්ලක් නොවන අතර එය සමස්ත ජනතාවගේම විරෝධතා ව්‍යාපාරයක් වශයෙන් හමුදාව තුළින් මතුවූ බවයි. 

       තවද කැරැුල්ල අසාර්ථක උත්සාහයක ප‍්‍රතිඵලයක් වුවත් 1947 නිදහස ලබා ගැනීම සඳහා වූ අරගලයේ මූලබීජය විය. ආර්. සී. මුජුන්දාර් එය මෙසේ අර්ථකථනය කරයි. එනම්  ර්‍ණ මැරුණු ජූලියස් සීසර්, ජීවත්ව සිටි ජුලියස් සීසර්ට වඩා බලවත්ය යන කියමනක් ඇත. 1857කැරැුල්ල ගැනද කිවයුත්තේද එයමය. එහි මූලික ස්වරූපය කෙබª වුවද කැරැුල්ල මහා බලගතු බි‍්‍රතාන්‍යය අධිරාජ්‍යයට එල්ල වූ අභියෝගයේ සංකේතය විය. බි‍්‍රතාන්‍යය අධිරාජ්‍යයෙන් නිදහස ලබාගැනීමේ උදාර අරගලයට 1857 කැරැුල්ලෙන් සැපයුණු අගනා නිදසුන හැමදා බැබළෙන සංකේතයක් විය.”  යනුවෙනි.

 

ආශි‍්‍රත ග‍්‍රන්ථ නාමාවලිය


පින්තු, ක්ෂාවියර් සහ ඊ. ජී. මියාල්, ඉතිහාස ධාරා-දෙවන කොටස, සිංහල අනුවාදය: මාහාචාර්ය මංගල ඉලංගසිංහ, අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව, ඉසුරුපාය, බත්තරමුල්ල, 2007.

සිංහ, නරේන්ද්‍ර කෘෂ්ණ සහ අනිල් චන්ද්‍ර බැනර්ජි, ඉන්දියා ඉතිහාසය- 2 කාණ්ඩය, අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව, ඉසුරුපාය, බත්තරමුල්ල, 2005.

රොබට්ස්, පී. ඊ., සමාගම හා කිරීටය යටතේ බි‍්‍රතාන්‍ය ඉන්දියාවේ ඉතිහාසය - පළමු කාණ්ඩය, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව, බුලර් පාර, කොළඹ, 1962.


2 comments: