Monday, 30 November 2020

ෆැසිස්ට්, නාසි, කොමියුනිස්ට් හා ලිබරල්වාද පිළිබඳ කෙටියෙන් වාචික පැහැදිලි කිරීමක්

 



    සුප්‍රකට ලේඛක ⁣ජෝර්ජ් ඕවල් තම 1984 කෘතිය සිංහලට පරිවර්තනය කල ආරියවංශ රණවීර මහතා තම පෙරවදනින් ප්‍රකාශ කර ඇත්තෙ "දෙවියන් නික්ම යාම නිසා පාළු වූ, මිනිස් සන්තානය අත්පත්කර ගැනීමට ප්‍රබල ලෙස අභියෝග කල මතවාදයන් දෙකක් වන්නෙ කොමියුනිස්ට්වාදය හා ෆැසිස්ට්වාදය " ලෙසයි. එමඟින් මෙම මතවාදයන් මිනිස් සංහතියට කරන ලද බලපෑම් මැනවින් අවබෝධ කර ගත හැක. මෙම සෑම මතවාදයක්ම එයට ම ආවේනික වූ ඉතිහාසයකට හා උත්පති කතාවකට හිමිකම් කියුන ලබන බව තේරුම්ගත යුතුය. මෙම ලිපිය මඟින් එම ඉතිහාස කතාව පිළිබඳ වාචික පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරනු ලැබේ.

ෆැසිස්ට්වාදය කියන වචනය හැදෙන්නෙ fascio කියන ඉතාලි වචනය ආශ්‍රයෙන්. ඒ කියන්නෙ එකමුතු කම වගේ  අදහසක්. ෆැසිස්ට්වාදයේ පියා විදිහට හඳුන්වන්නෙ ඉතාලියේ බෙනීටෝ මුසොලීනි. ඉතාලියේ තිබ්බ අස්ථාවර  තත්ත්වයට ගැලපෙන්න තමයි බෙනීටෝ මුසොලීනි 1921 දී විතර ෆැසිස්ට්වාදය හඳුන්වා දෙන්නෙ. ඒකෙන් තනි පුද්ගලයෙකුට අසීමිත බලයක් ලබා දෙනවා රටක් පාලනය කරන්න. අධිකරණ හා ව්‍යවස්ථාදායකය නාම මාත්‍රිකයි. සරලව කියනවනම් ඒකාධිපති. අනුහස් නායකයෙකු හෙවත් සුපිරි පාලකයෙකුට තමන්ව පාලනය කිරීමට ඉඩ දීමෙන් තමන්ට අවශ්‍යය සියලුම අවශ්‍යයතාවයන් හා සැප සම්පත් ලැබෙන්නේ ය යන්න මෙම මතවාදය තුලින් ජනාතව තුල ඇති කරනු ලබයි. එසේ කටයුතු කිරීමට ප්‍රිය කරන ජනතාව "එරික් ෆ්‍රොම්" නැමැති දාර්ශනිකයා හඳුන්වා ඇත්තේ "නිදහස නිසා පැන නඟින වගකීම්වලට බියෙන්, නිදහසින් ගැලවෙන්නට කැමති පිරිසක්" වශයෙනි


නාසි වාදය( Nazi) කියන්නේ ජාතික සමාජවාදය කියන (National Socialism ) කියන එකට. (ඇත්තටම ඒක තුළ ඇති සමාජවාදයක් නෑ.) ඇඩොල්ෆ් හිට්ලර් විසින් ජර්මනිය තුළ ඇති කරපු හා බලය ලබා ගන්න ක්‍රියාත්මක කරපු වැඩ පිළිවෙළ හා මතවාදය. ඒක එක අතකට මුසොලීනි ගේ ෆැසිස්ට්වාදයේ ජර්මන් version එකමයි. පළවන ලෝක යුද්ධයෙන් නට්ටම් වෙලා විනාශවෙලා, අස්ථාවර වෙලා තිබ්බ, ජර්මන් මිනිස්සුන්ගෙ ඉච්ඡාභංගත්වයට පිංසිද්ධ වෙන්න, ජර්මනියට ගැලපෙන්න තමයි හිට්ලර් ඒ මතවාදය හැදුවේ. ඒකත් ඒකාධිපති පාලන ක්‍රමයක්. ෆැසිස්ට්වාදයේ එක පැතිකඩක් විදිහට හඳුන්වනවා.


    මාක්ස්වාදය කියන්නෙ කාල් මාක්ස්ගෙ මූලිකත්වයෙන් හා ⁣ෆෙඩ්‍රික් ඒංගල්ස් විසින් 1833 දී විතර කොමියුනිස්ට් ප්‍රකාශය හා ප්‍රාග්ධනය කියන කෘති මඟින් හඳුන්වා දීපූ සවිස්තරාත්මක මතවාදයක්. ඒක විද්‍යාත්මක සමාජවාදය විදිහටත් අඳුන්වනවා. සමාජවාදය කියන විෂය ඇතුලෙ අනු විෂයක් විතරයි මාක්ස්වාදය කියන්නෙ. නැතුව සමාජවාදය කියන්නෙ මාක්ස්වාදයට නෙමෙයි. මොකද සමාජවාදී ක්‍රම ගණනාවක් තියනවා මාක්ස්වාදය නොවන. හරියට ෆේබියන් සමාජවාදය වගේ. මාක්ස්වාදය තුළත් තියෙන්නෙ තනි පක්ෂයක් රට පාලනය කිරීමයි. මාකස්වාදය තව දුරටත් සංවර්ධන වීම හා ප්‍රායෝගික වීම තුල තමයි කොමියුනිස්ට්වාදය ඇති වෙන්නේ (කොමියුනිස්ට් කියන වචනය Commune කියන වචනනේ ආදර්ශ කරගෙන හැදිලා තියනවා. ඒ කියන්නේ එකට ජීවත්වන සහ දේපළ හා වගකීම් බෙදාහදා ගන්නා පිරිසක් කියන එක. ඒක තවත් සමාන වෙන අදහසක් තමයි community නැත්නම් ප්‍රජාව කියන්නේ). සෝවියට් දේශය,මහජන චීනය, වියට්නාමය, ලාඕසය, කියුබාව උදාහරණය විදිහට ගන්න පුලුවන්. ඒ රට වල අපේ රටේ වගේ බහු පක්ෂ නෑ. මහ මැතිවරණත් නෑ. මාක්ස්ට අනුව රාජ්‍යය බලය ලබා ගත යුත්තේ සන්නද්ධ අරගලයක් කිරීම මඟින් ධනපති පාලනය නෙරපා හැරලා. ඒ කියනනේ විප්ලවයක් මඟින් කියන එක. බලය ලබා ගත් පසු රටේ ක්‍රියාත්මක වෙන්නෙ එක පක්ෂයයි (කොමියුනිස්ට් පක්ෂය ). හැබැයි ඒ හැම රටකම ආඥාදායක පාලනයක් තමයි ක්‍රියාත්මක වුනේ හා ක්‍රියාත්මක වෙන්නේ. මධ්‍යගත පාලනයක් යටතේ තමයි ආර්ථිකය ක්‍රියාත්මක වෙන්නෙ. අපේ රටේ වගේ විවෘත ආර්ථික් නෑ මාකස්වාදය තුළ. රජය නියම කරන භාණ්ඩ හා නිෂ්පාදන පමණයි වෙළදපොලේ තියෙන්නෙත්. තමන්ට අවශ්‍යය ආකාරයට පෞද්ගලික වත්කමක්වත් තබා ගන්න බෑ. (නමුත් වර්ථමානය වන විට චීනය හා වියට්නාමය කියන මාක්ස්වාදී රාජ්‍යයන් තම ආර්ථිකය විවෘත ආර්ථික මොඩලය යටතේ ලේකයට විවෘත කර තිබෙනවා)

    ලිබරල්වාදය කියන්නෙ මාතවාද ගණනාවක එකතුවකින් හා ඒවගේ ම සැලකිය යුතු කාලයක් තිස්සෙ බටහිර යුරෝපය තුල සංවර්ධන වෙච්ච මතවාදයක්. ඒකදි ආර්ථික හා දේශපාලන කියන අංශවල නිදහස හා විවෘතබාවය අගය කරනවා. දේශපාලන පක්ෂ දෙකක් හෝ කීපයක් ක්‍රියාත්මක වෙන අතර ම ආර්ථිකයට රාජය මැදිහත්වීම අවම විය යුතුයි කියල තමයි පිළිගන්නෙ. සෑම විටම පෞද්ගලික ව්‍යවසායන් දිරි ගන්වනවා. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස් මැතිවරණ, නිදහස් ජනමාධ්‍ය, භාෂණයේ නිදහස….etc. වගේ අසීමිත නිදහස ලිබරල්වාදේයේ ලක්ෂණ. කාලයකදී අවම රාජ්‍යය සංකල්ප, රාජ්‍යය නිර්බාධවාදය හා සුබසාධන රාජ්‍ය සංකල්පය වගේ සංකල්ප ලිබරල්වාදය තුළ ක්‍රියාත්මක වුනා.

No comments:

Post a Comment