Sunday 22 November 2020

ස්පාඤ්ඤ අධිරාජ්‍යයේ වර්ධනය හා අවනතිය

 


හැඳින්වීම                                                

ස්පාඤ්ඤයේ වර්ධනය.

ස්පාඤ්ඤයේ වර්ධනයට එරට සමාජීය බලපෑම.       

ස්පාඤ්ඤයේ වර්ධනයට ෆර්ඩිනන්ඞ් හා ඉසබෙලා යුවලගේ දායකත්වය.      

ස්පාඤ්ඤයේ වර්ධනයට පළමුවන චාල්ස් රජුගේ දායකත්වය.              

ස්පාඤ්ඤයේ වර්ධනයට දෙවන පිලිප් රජුගේ දායකත්වය.               

ස්පාඤ්ඤයේ පරිහානිය                                     

සමාලෝචනය                        


                      

ස්පාඤ්ඤයේ වර්ධනය

  ස්පාඤ්ඤයේ වර්ධනයට එරට සමාජීය බලපෑම.

     15වන සියවස පමණ වනවිට ස්පාඤ්ඤය ඇතුලූ යුරෝපයේ ජනගහනය වර්ධනය වූ අතර එම ජනකාය එවකට මතුවෙමින් පැවති නගරකරා සංක‍්‍රමණය වූහ.  ර්‍ණමැඞ්රිඞ්” නගරය එලෙස ස්පාඤ්ඤයේ වර්ධනය වූ නගරයකි. නමුත් ස්පාඤ්ඤය තුළ වර්ධනය වූ ජනතාවට තිබුනු ප‍්‍රධානතම ගැටලූව වූයේ එරට පස ගොවිතැනට නුසුදුසු වීමයි. ඒ හේතුවෙන් අවශ්‍යය ධාන්‍ය හා මස් ප‍්‍රමාණය ලබා ගැනීමට අපහසුවිය. වර්තමානයේදී පවා බටහිර යුරෝපා කලාපයේ (Western Europe) දුප්පත් කලාපයක් ලෙස අයබීරියන් අර්ධද්විපය සලකයි.

     තවද කුරුස යුද්ධය හේතුවෙන් කොන්ස්තන්තිනෝපල් නගරය බිඳවැටීම යුරෝපයේ ඈතින්ම තිබූ අයබීරියන් අර්ධද්වීපයට තදින්ම බලපෑවේය. මන්දයත් කොන්ස්තන්තිනෝපලය මුස්ලිම්වරුන්ට යටත් වීමත් සමඟ අපරදිග සිට යුරෝපයට ලැබුණු අත්‍යාවශ්‍යය කුලූබඩු වර්ගවල මිල ඉහළ ගිය අතර එය යුරෝපයේ ඈතින්ම තිබූ අයබීරියන් අර්ධද්විපයට ළඟා වීමේදී තවත් මිල අධික විමයි. එබැවින් ස්පාඤ්ඤය ජාතිකයන් මුහුද අශි‍්‍රත කර්මාන්තයන් වලට වැඩි අවධානය යොමු කළ අතර එරට නාවික ක්ෂේත‍්‍රයද වර්ධනය වීමට අවශ්‍යය අඩිතාලමද ඒ හරහා වැටුණි. අඩුවට කුලූබඩු ලබා ගැනීමේ අභිප‍්‍රායද සාර්ථක කරගැනීමට ස්පාඤ්ඤයන්ට හැකි වූවේ එලෙස වර්ධනය වූ නාවික කටයුතු හේතුවෙනි. නාවික කටුතු හේතුවෙන් ස්පාඤ්ඤය තුල වරායන් ආශි‍්‍රතව නගර වර්ධනය වූ අතර  "කාර්ඩීස්” (Cardiz) එවැනි නගරයකි. එය කලක් යුරෝපයේ වැදගත්ම හා ධනවත්ම නාවුක මෙන්ම වෙළද නගරක් ලෙසද පැවතුනි. 

     අතීතයේ පටන් අසල්වැසි රාජ්‍යයන් හා මුස්ලිම්වරුන් සමඟ යුද්ධ කිරීමෙන් ස්පාඤ්ඤයට තිබූ යුදෝපඥාණය එකළ අනිකුත් යුරෝපීය රාජ්‍යයන්ට සාපේක්ෂව ඉහළ තත්වයක තිබිණ. රට වටේට මුහුද තිබීමද, මුහුදුයාමේ පාරම්පරික පුරුද්ද හා නැව් පැදීමේ කුසළතාව හේතුවෙන්ද එරට නාවික බලය වර්ධනය කරගැනීමට ස්පාඤ්ඤයට හැකිවිය. තට්ටු කීපයක රුවල් නැව් තැනීම (Spanish Galleon) ස්පාඤ්ඤයයේ නැව් තනන්නන්ගේ විශේෂ නිර්මාණයකි.  

      දේශපාලනික වශයෙන් පැවති ස්ථාවරභාවයත්, සමාජීය වශයෙන් ආර්ථීක වාසි සොයා යාම සඳහා නැඹුරු වූ වර්ධනය වෙමින් පැවති වෙළඳ පන්තියකුත්, ආගමික අභිප‍්‍රායයන් වලට ඇල්මක් දැක්වු පිරිසකුත්, ස්පාඤ්ඤය තුළ ජීවත්වීම, එරට බලය වර්ධනයට හේතු වූ තවත් සාධකයක් විය.  

  ස්පාඤ්ඤයේ වර්ධනයට ෆර්ඩිනන්ඞ් හා ඉසබෙලා යුවලගේ දායකත්වය

  යුරෝපයේ පළමුවෙන්ම ශක්තිමත් රාජ්‍යයක් ලෙස එක්සත් වූ ස්පාඤ්ඤය, ජාතික රාජ්‍යයක් ලෙස ක‍්‍රමිකව වර්ධනය විය. ජාතික රාජ්‍යයක් යනු  ර්‍ණපරමාධිපත්‍යයෙන් යුත් ජාතියක් නිශ්චිත භූමි ප‍්‍රදේශයක් තුළ සංවිධානය වීමේ භෞතික ප‍්‍රකාශනය” යනුවෙන් හැඳින්විය හැකිය . එලෙස ජාතික රාජ්‍යයක් ලෙස වර්ධනය වීමේ පළමු පියවර ලෙස 1469 දී ඇරගන්හි ෆර්ඩිනන්ඞ් හා කැස්ටල්හි ඉසබෙලා කුමරියගේ විවාහය හැඳින්විය හැකිය.

    කැස්ටල්හි ඔටුන්නට හිමිකම් කී ඉසබෙලා කුමරිය ඇරගන්හි රජු වූ ෆර්ඩිනන්ඞ් සමඟ 1469දී විවාහ වීමෙන් එම රාජධානි දෙක එක්සත් වී ස්පාඤ්ඤ රාජ්‍යය ගොඩනැගුනි. එමඟින් ෆර්ඩිනන්ඞ් කුමරුට ස්පාඤ්ඤයේ රජ වීමට අවස්ථාවද හිමිවිය.

    උග‍්‍ර කතෝලිකයන් වූ ෆර්ඩිනන්ඞ් හා ඉසබෙලා යුවල 1492දී අයබීරියන් අර්ධද්වීපයේ තිබූ අවසාන මුස්ලිම් බලකොටුව වූ ග්‍රෙනේඩාවද ස්වකීය රාජ්‍යයට ඈඳා ගන්නා ලදී. 1512දී ඔවුන් හවාරේ රාජ්‍යයද ආක‍්‍රමණය කර යටත්කර ගන්නා ලදී.

     ෆර්ඩිනන්ඞ් හා ඉසබෙලා යුවලගේ අනුග‍්‍රහය මත ස්පාඤ්ඤයේ දේශගවේෂන කටයුතු වර්ධනය වූ අතර කොළොම්බස් හා තවත් එවැනිම දේශගවේෂකයන් ස්පාඤ්ඤය යටත්විජිත දකුණු ඇමෙරිකාවේ පිහිටවනු ලැබිය. එම යටත්විජිත මඟින් ස්පාඤ්ඤයට විශාල ධන සම්භාරයක් ලැබුණු අතර එමඟින් ඒ අවධියේ යුරෝපයේ ධනවත්ම රාජ්‍යය බවට පත්වීමටද ස්පාඤ්ඤයට හැකිවිය.

     ප‍්‍රංශය හා සටනට පිවිසීම මඟින් නේපල්ස්, සිසිලිය හා සාර්ඩිනියා යන ප‍්‍රදේශද ආක‍්‍රමණය කර ස්පාඤ්ඤයට ඈඳාගැනීමට ෆර්ඩිනන්ඞ් හා ඉසබෙලා යුවලට හැකිවිය. තවද ෆර්ඩිනන්ඞ් හා ඉසබෙලා යුවලගේ දියණිය වූ ජුවානා, එවකට ශුද්ධ රෝම අධිරාජ්‍යයා වූ හැප්ස්බර්ග් වංශික මැක්ස්මිලියන් රජුගේ සහ බර්ගන්ඩියේ මේරි බිසවගේ පුත් පිලිප් කුමාරයාට විවාහකර දීමෙන් ස්පාඤ්ඤය බලය තව දුරටත් වර්ධනය කර ගැනීමට හැකි වූ අතර එමඟින් ඔවුන්ගේ දරුවෝ ශුද්ධ රෝම අධිරාජ්‍යයට අයත් ඔස්ට‍්‍රියානු සහ ජර්මන් ප‍්‍රදේශ වලටද බර්ගන්ඩියේ මේරි බිසවට අයත්ව පැවති ප‍්‍රදේශ වලටද උරුමක්කරුවෝ වූහ.  

    ස්පාඤ්ඤයේ බලය වර්ධනය කිරීමේ තවත් පියවරක් ලෙස එරට නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා පොලීසිය ප‍්‍රථිසංවිධානය කිරීමට කටයුතු කළ අතර ස්ථිර යුධ හමුදාවක්ද ගොඩනඟා ගන්නා ලදී.  ර්‍ණීච්බසිය ්රප්ා්” (ආර්මඩා*  නම් නාවික හමුදාව ඉන් ප‍්‍රධාන වූ අතර එය එකල යුරෝපයේ ප‍්‍රබලම නාවික හමුදාවද විය.

     ස්පාඤ්ඤයේ සිටි වංශාධිපතීන්ගේ බලය මර්ධනය කිරීම සඳහා ඔවුන්ට පාරම්පරිකව හිමි වූ රජුගේ උපදේශක හා අනෙකුත් නිළතල අහෝසි කරමින් ඒ සඳහා වර්ධනය වෙමින් ආ මධ්‍යයම පන්තිය හෙවත් වෙළඳ ව්‍යාපාරිකයන්ගෙන් සැද්‍රුම්ලත් බුද්ධිමතූන් පත් කරනු ලැබීය. එමඟින් රජුගේ බලය වර්ධනය විමට අවශ්‍යය ප‍්‍රතිපාදන සකස්කර ගැනීමට ෆර්ඩිනන්ඞ් හා ඉසබෙලා යුවලට හැකිවිය.

    ස්පාඤ්ඤයේ වර්ධනයට පළමුවන චාල්ස් රජුගේ දායකත්වය.

    පළමුවන චාල්ස් හෙවත් 6වන චාල්ස් අධිරාජ්‍යයාගේ යුගයේදි ස්පාඤ්ඤය බටහිර යුරෝපයේ ධනවත්ම රාජ්‍යය මෙන්ම විශාලතම රාජ්‍යය බවටද පත්විය. ෆර්ඩිනන්ඞ් හා ඉසබෙලා යුවල අනුගමනය කළ ප‍්‍රතිපත්ති හේතුවෙන් ඔවුන්ගේ මුණුබුරු වූ චාල්ස්ට නේපල්ස්, සිසිලිය, සාර්ඩිනියා හා ස්පාඤ්ඤයේ අනිකුත් යටත්විජිත මවු පාර්ශවයෙනුත් ජර්මන් ප‍්‍රදේශ, ප්ලාන්ඩර්ස් හා ආටෝයීස් යන නෙදර්ලන්ත ප‍්‍රදේශද, ප‍්‍රංශයේ බර්ගන්ඩි කවුන්ටිය හා ලක්සන්බර්ග් යන ප‍්‍රදේශ පිය පාර්ශවයෙන්ද හිමිවිය. එවකට ශූද්ධ රෝම අධිරාජ්‍යයා වූ මැක්සිමිලියන්ගේ අභාවයත් සමඟ 1519දී ශූද්ධ රෝම අධිරාජ්‍යය තනතුරද චාල්ස්ට හිමිවිය. 

   ෆර්ඩිනන්ඞ් හා ඉසබෙලා යුවලගේ අනුග‍්‍රහය මත අරම්භවුනු දේශගවේෂන ව්‍යාපාරය චාල්ස්ගේ යුගයේදි තව¥රටත් වර්ධනය විය. කොළොම්බස් විසින් 1492දී ඇමරිකාව සොයාගැනීමෙන් පසු දිරිමත් වූ ස්පාඤ්ඤය ජාතිකයෝ 1519දී මෙක්සිකෝවද, 1524-1526 අතර ගෞතමාලා, නිකර්ගුවා, හොන්ඩුරාස් යන මධ්‍යයම ඇමරිකානු ප‍්‍රදේශ වලද  බලය ව්‍යාප්ත කිරීමට සමත්විය. මෙම දකුණු ඇමරිකානු යටත්විජිතවලින් ලැබුණු රන්, රිදී හේතුවෙන් ස්පාඤ්ඤය භාණ්ඩාගාර පිරී ඉතිරී ගියේය. 

      ස්පාඤ්ඤය සතුව පැවති නෙදර්ලන්ත ප‍්‍රදේශ, ස්පාඤ්ඤය ආර්ථීකයේ වර්ධනයට  හේතුවුණු කර්මාන්තපුරයක් බදුවිය. පෘතුගීසීන් විසින් පෙරදිග සිට ගෙනෙන ලද වෙළඳ ද්‍රව්‍යය අලෙවි කිරීමේ අතරමැදි වෙළඳාමකුත් එවැනිම සරුසාර ධීවර ව්‍යාපාරයකුත්, කෘෂිකාර්මික කටයුතුත් මඟින් නෙදර්ලන්තය උපයාගත් ධනයෙන් විශාල ප‍්‍රමාණයක් ස්පාඤ්ඤය භාණ්ඩාගාරයට හිම්ව්ය.  


    ස්පාඤ්ඤයේ වර්ධනයට දෙවන පිලිප් රජුගේ දායකත්වය.

      ස්පාඤ්ඤය අධිරාජ්‍යයේ උච්ඡුතම අවස්ථාව ලෙස 1580දී පෘතුගාලය ආක‍්‍රමණය කර ස්පාඤ්ඤයට ඈඳා ගැනීම දැක්විය හැකිය. 1580දී පෘතුගාලයේ සිහසුන හිස් වූ අතර එයට ස්පාඤ්ඤයේ පිලිප් රජු තම මවගෙන් මෙන්ම බිසවගෙන් ලැබුණු උරුමය ඉදිරිපත්කළ අතර පෘතුගාල ජනතාව එයට විරුද්ධ වී වෙනත් උරුමකාරයෙකුට සිහසුන පැවරීමට සූදානම් විය. නමුත් අල්වාහි ආදිපාදිවරයා යටතේ ස්පාඤ්ඤය හමුදාවක් යවා පෘතුගාලය ජය ගැනීමට පිලිප් රජුට හැකිවිය. එමඟින් සමස්ත අයබීරියානු අර්ධද්වීපයේම බලය ලබා ගැනීමට ස්පාඤ්ඤයට හැකිව්ය.

      නමුත් ස්පාඤ්ඤය පාලන තන්ත‍්‍රයේ ගැටලූ හා ආරවුල්වල වර්ධනයක් මෙකල දැකිය හැකිය. එබැවින් ස්පාඤ්ඤයේ උච්ඡුස්ථානය මෙන්ම පරිහානියේ ආරම්භයද මෙම යුගයේදී ඇති වූ බව පෙනී යයි.   


ස්පාඤ්ඤයේ පරිහානිය

   ස්පාඤ්ඤයේ පරිහානියට බලපෑ හේතූන් කීපයක් හදුනාගත හැක. අභ්‍යන්තර ආරවුල් එලෙස  ස්පාඤ්ඤයේ පරිහානියට බලපෑ  එක් හේතූවක් ලෙස හැඳින්විය හැක. එය ආරම්භ වූයේ චාල්ස් අධිරාජ්‍යයාගේ යුගයේ සිට බව පෙනී යයි. චාල්ස් අධිරාජ්‍යයා නෙදර්ලන්තයේ උපන් පුද්ගලයෙකු වු අතර පසුව ස්පාඤ්ඤය කිරීටය ලැබීමත් සමඟ ස්පාඤ්ඤයට පැමිණ පදිංචි විය. මුලදී ස්පාඤ්ඤය භාෂාව කතාකිරීමට පවා චාල්ස් රජුට නොහැකි විය. එබැවින් ඔහු පාලන කටයුතු පහසු කර ගැනීම සඳහා ප්ලෙමින් ජාතික ප‍්‍රධානීන්ගේ සහය ලබා ගන්නා ලදී. මෙය ස්පාඤ්ඤය රාජසාභාවේ සතුටට හේතු නොවීය.

      තවද ශූද්ධ රෝම අධිරාජ්‍යයා ලෙස ස්පාඤ්ඤයෙන් පිටත යටත්විජිත සඳහා ධනය වියදම් කිරීමට මෙන්ම වෙළඳාම් කිරීමේ අයිතිය එම යටත්විජිත වලට ලබාදීමට සිදුවීම හේතුවෙනුත් ස්පාඤ්ඤය ජාතිකයෝ විදේශිකයෙකු වූ චාල්ස් රජුට විරුද්ධ විය. 

      මෙහි උච්ඡුතම අවස්ථාව වූයේ චාල්ස් අධිරාජ්‍යයා ශූද්ධ රෝම අධිරාජ්‍යය තනතුරේ මෞලි මංගල්‍යය උත්සවය සඳහා ජර්මනියට යාමත් සමඟය. චාල්ස් රජු එලෙස ස්පාඤ්ඤයෙන් පිටත්ව යාමේදී ප්ලෙමින් ජාතික හෙඩි‍්‍රයන්ව ස්පාඤ්ඤයේ භාරකාර පාලකයා ලෙස පත්කරනු ලැබීය. මෙලෙස විදේශිකයන් ස්පාඤ්ඤය රාජ සභාව තුල ප‍්‍රබල තත්වයකට පත්වීම නොඉවසූ ස්පාඤ්ඤය ප‍්‍රභූවරුන් රජුට විරුද්ධව කැරලි ගැසූහ. මේ හේතුවෙන් චාල්ස් රජුට 1522දී පෙරළා ස්පාඤ්ඤයට පැමිණීට සිදුවූ අතර එම කැරලි සාර්ථකව මැඩපැවැත්වීමටද ඔහු සමත්විය. නමුත් ඉන්පසුව ඔහු  ස්පාඤ්ඤයෙන් පිටත දීර්ඝ කාලයක් වාසය නොකලේය.

            මෙම අභ්‍යන්තර ආරවුල්වල ප‍්‍රතිපලයක් ලෙස චාල්ස් රජුගේ තත්වය දුර්වල වූ අතර අධිරාජ්‍යයෙන් දුරස්ථ වූ ප‍්‍රදේශවන ඉතාලිය හා ජර්මන් ප‍්‍රදේශ ක‍්‍රමයෙන් ස්වාධීන රාජ්‍යයන් ලෙස වර්ධනය වී වැඩවසම් ප‍්‍රධානීන්ද ස්වාධීනව කටයුතු කිරීමට පටන් ගත්හ. එම අභ්‍යයන්තර ආරවුලේ අවසාන ප‍්‍රතිපලය වූයේ චාල්ස් රජුට සිය අවසාන කාලයේදී තමන්ගේම පුතා සහ සහෝදරයා වෙනුවෙන් සිහසුන අතහැරීමට සිදුවීමයි. ඔහුගේ පුත් පිලිප් ස්පාඤ්ඤය හා එයට අයත් විදේශීය අධිරාජ්‍යය පාලනය කළ අතර සහෝදරයා වූ ෆර්ඩිනන්ඞ්ට ශූද්ධ රෝම අධ්රාජ්‍යය තනතුර සමඟ ඔස්ටි‍්‍රයාව හිමිවිය.  

           දෙවන පිලිප්ගේ උග‍්‍ර කතෝලිකවාදී කි‍්‍රයා නිසාද ස්පාඤ්ඤයට යටත්ව තිබූ ප‍්‍රදේශ හා ධනය විශාල ලෙස අහිමි විය. දෙවන පිලිප් අධිරාජ්‍යයා විසින් විශේෂ අයබදු පැනවීමට කටයුතු කිරීම කැස්ටීල්හි නියෝජිත සභාවන්හි දැඩි දෝෂදර්ශනයටද ලක්විය. මේ හේතුවෙන් දෙවන පිලිප් අධිරාජ්‍යයාගේ රාජාණ්ඩුව හා නියෝජිත සභා අතර ගැටුමක් හටගත් අතර එමඟින් 1598 පමණ වනවිට රාජ්‍යය භාණ්ඩාගාරයද බංකොලොත් විය. 

          ආගමික යුද්ධවලට පැටලූණු ස්පාඤ්ඤයට රටේ යුද ශක්තිය පවත්වාගෙන යාමට මෙන්ම එය වැඩි දියුණු කිරීමටද විශාල ධනයක් වැය කිරීමට සිදුවිය. ෆර්ඩිනන්ඞ් හා ඉසබෙලා යුවලගේ උග‍්‍ර කතෝලිකවාදී ප‍්‍රතිපත්ති මුල්කාලීනව ස්පාඤ්ඤය ජාතික රාජ්‍යයක් ලෙස වර්ධනය වීමට හේතුවුවත් ස්පාඤ්ඤය අධිරාජ්‍යයක් ලෙස වැඩෙත්ම එහි යටත්විජිත පවත්වා ගැනීමේදී එම ප‍්‍රතිපත්ති මහත් බාධාවක් විය. පුනරුදයෙන් පසු මාර්ටින් ලූතර් හා ජෝන් කැල්වින් දෙදෙනා විසින් ප‍්‍රතිසංස්කරණය කරන ලද ක‍්‍රිස්තියානි ධර්මය ප‍්‍රංශයේ, එංගලන්තයේ, ස්විට්සර්ලන්තයේ හා ජර්මන් ප‍්‍රදේශවල ඉතා සීඝ‍්‍රයෙන් පැතිරුණි. එම ධර්මය ඉහත දැක්වූ ප‍්‍රදේශවල සිටි රජවරු, කුමාරවරු හා ජනතාව අතර ඉතා ප‍්‍රචලිත විය. නමුත් එම ප්‍රොතෙස්තන්ත‍්‍රවාදී ධර්මය රෝමානු කතෝලික ධර්මයට මහත් අභියෝගයක් විය. එබැවින් රෝමානු කතෝලික දහමේ ආරක්ෂකයා ලෙස ස්පාඤ්ඤය අධිරාජ්‍යය ඉදිරිපත් වූ අතර තම බල ප‍්‍රදේශවල ව්‍යාප්ත වෙමින් පැවති ප්‍රොතෙස්තන්ත‍්‍ර කි‍්‍රස්තියානි ධර්මය මර්දනය කිරීමටද පෙළඹුනහ. ඒ හේතුවෙන් යටත්විජිත ස්පාඤ්ඤය අධිරාජ්‍යයට විරුද්ධව කැරලි ගැසීමට පටන් ගත්හ. නෙදර්ලන්තය එලෙස ස්පාඤ්ඤය අධිරාජ්‍යයට විරුද්ධව කැරලි ගැසූ ප‍්‍රධාන රටක් විය.

        නෙදර්ලන්තය 15වන සියවසේදී ප‍්‍රදේශ 14කින් සමන්විත විය. ස්පාඤ්ඤයේ සෞභාග්‍යයට දායක වෙමින් එරට භාණ්ඩාගාරයට විශාල ආදායමක් ලබාදුන් නෙදර්ලන්තය පාරම්පරිකව ස්පාඤ්ඤයට ලැබුනු ප‍්‍රදේශයක් පමණක් වූ අතර එය ස්පාඤ්ඤය යටත්විජිතයක් නොවීය. නමුත් ස්පාඤ්ඤයේ පිලිප් රජු නෙදර්ලන්තය තම යටත්විජිතයක් සේ සලකා එරට හමුදාපති තනතුර සඳහා ස්පාඤ්ඤය ජාතිකයන් පත්කරන ලදී. තවද එරට නවතා තිබූ විශාල ස්පාඤ්ඤය හමුදාව නඩත්තු කිරීම සඳහා වැඩිවශයෙන් බදු රාශියක් අය කෙරිණ. දේපළවලින් 1%ක්ද දේපළ විකිණුම්වලින් 5%ක්ද ලෙස බදු අය කෙරිණ. භාණ්ඩයක් අලෙවිකරන සෑම අවස්ථාවකම අයකළ ඇල්කබෙලා බද්ද නෙදර්ලන්තයේ වෙළඳකටයුතු අඩපණ කිරීමටද හේතුවිය.  එමඟින් නෙදර්ලන්ත ජනතාවට ආර්ථික ප‍්‍රශ්න රාශියකට මුහුණ දීමට සිදුවිය.

          මේ හේතුවෙන් ස්පාඤ්ඤයේ පිලිප් රජු හා නෙදර්ලන්තවාසීන් අතර මතභේද උග‍්‍ර අතට හැරුණි. මෙම ක‍්‍රියාමාර්ගවලට විරුද්ධව නෙදර්ලන්ත ජනතාව නැගීසිටි විට ස්පාඤ්ඤය රජු ඔවුන් දරුණු ලෙස මර්දනය කිරීමට පියවර ගත්තේය. මෙබදු මර්දන කටයුතු හේතුවෙන් නෙදර්ලන්ත ජනතාව තුළ ස්පාඤ්ඤයට විරුද්ධව දැඩි කෝපයක්ද ස්වාධීනත්වය පිළිබඳ හැඟීම්ද ජාතිකාභිමානයද ගොඩනැඟුණි. මෙහි අවසාන ප‍්‍රතිපලය වූයේ 1576දී ගෙනට්හි සම්මේලනයක් පවත්වා ස්පාඤ්ඤයට විරුද්ධව නෙදර්ලන්තයේ ප‍්‍රදේශ 14ම එකතුව සටන් වැදීමට ගිවිස ගැනීමයි. මෙය ස්පාඤ්ඤය පාලනයට විරුද්ධව ඇති වූ නෙදර්ලන්ත විප්ලවය ලෙසද හදුන්වනු ලැබේ. එය මැඩපැවැත්වීමට මැඞ්ිරිඞ් තරම් දුරක සිට හමුදා සංවිධානය කිරීම ස්පාඤ්ඤයට අපහසු කරුණක් විය. 

      නමුත් මෙම එකමුතුව බීඳදමමින් විප්ලවය අඩපණ කිරීමට ස්පාඤ්ඤය හමුදාපතිවරයෙකු වූ පර්මාහි ආදිපාදවරයාට හැකිවිය. ඒ අනුව 1579දී ඇතිකරගත් ඇරාස් ගිවිසුමට අනුව දකුණු නෙදර්ලන්තයේ ප‍්‍රදේශ 7ක් ස්පාඤ්ඤයට පක්ෂපාතී වීමෙන් සටනින් ඉවත් විය. කෙසේවෙතත්  ඔරේන්ඡ්හි විලියම්ගේ නායකත්වයෙන් ඉතිරි ප‍්‍රදේශ හත ස්පාඤ්ඤයට විරුද්ධ සටන දිගටම ගෙන ගියහ. සටන අතරතුර විලියම් කුමාරයා මියගිය නමුත් එංගලන්තයේ පළමුවන එළිසබෙත් රැුජිනගේ ආධාර නෙදර්ලන්තයට ලැබුණු හෙයින් උතුරු ප‍්‍රදේශ හත ස්පාඤ්ඤයෙන් නිදහස ලබා ගත්හ. 

      මෙලෙස ස්පාඤ්ඤය ආර්ථිකය පෝෂණයකළ නෙදර්ලන්ත ප‍්‍රදේශ අහිමි වීමෙන් ස්පාඤ්ඤය භාණ්ඩාගාරයට ලැබුණු විශාල ධනයක් නැති වී ගියේය. නෙදර්ලන්තයට එංගලන්ත ආධාර ලැබීම පිළිබඳව කෝපයට පත් වූ ස්පාඤ්ඤයේ පිලිප් රජු එංගලන්තයට විරුද්ධව යුද ප‍්‍රකාශ කරන ලදී. එකළ යුරෝපයේ තිබූ අනභිභවනීය නාවික හමුදාව ලෙස කීර්තියක් දිනා සිටි ස්පාඤ්ඤය ආමේඩාවට අයත් යුද නැව් 130කින්  සමන්විත යුදභටයින් පිරිසක් 1588දී වැනල් සමුද්‍ර සන්ධිය හරහා යවන ලදි. නමුත් එළිසබත් රැුජිනගේ ඥාණ ශක්තිය සහ ඉංග‍්‍රීසින් සතුව තිබූ යුද ශක්තියද හේතුවෙන් ස්පාඤ්ඤයට විශාල අපකීර්තියක් මෙන්ම ආර්ථික පාඩුවක්ද ළඟාකර දෙමින් එංගලන්ත නාවික හමුදාව අතින් තීරණාත්මක ලෙස පරාජයට පත්වීමට සිදුවිය. ඒ සමඟම ස්පාඤ්ඤය බලවත් රටක් මෙන් බැබලූණු කාලයද අවසාන වූ බව කිව හැකිය. 

     යුරෝපයේ තිස් අවුරුදු යුද්ධයද (ක‍්‍රි.ව.1618-1648* ස්පාඤ්ඤය ප‍්‍රමුඛ ශූද්ධ රෝම අධිරාජ්‍යයේ කීර්තිය විනාශ වීමට බලපෑ එක් හේතුවකි. 13වන සියවස පමණ වනවිට ස්විට්සර්ලන්තය, ස්පාඤ්ඤය ප‍්‍රමුඛ ශූද්ධ රෝම අධිරාජ්‍යයේ කොටසක් විය. කැන්ටන් නම් වූ ප‍්‍රාදේශීය ඒකක වලට බෙදී පාලනය වූ ස්විට්සර්ලන්තය තුළ කැල්වින්වාදී රෙපරමාදු දහම ප‍්‍රබලව ව්‍යාප්තව තිබීණි. එය මර්දනය කිරීම සඳහා ශුද්ධ රෝම අධිරාජ්‍යය දරන ලද ප‍්‍රයත්නයට එරෙහිව එම කැන්ටන් එකතු වී සංගමයක් පිහිටුවා ගන්නාලද අතර 1315දී දෙපක්ෂය අතර මොගාටන් නම් ස්ථානයේ ඇතිවූ යුද්ධයේදී ශුද්ධ රෝම අධිරාජ්‍යය පරාජයට පත්කිරීමට කැන්ටන් සංගමයට හැකිවිය. එම යුද්ධමාලාව අවසානයේදී (1648* අත්සන්කළ වෙස්ට්ෆේලියා සාම ගිවිසුමෙන් ස්විට්සර්ලන්තය ද නිදහස් රාජ්‍යයක් ලෙස පිළිගැනීමට ශූද්ධ රෝම අධිරාජ්‍යයට සිදුවිය. තවද 1580දී යටත් කරගත් පෘතුගාලය නැවත 1640දී ස්පාඤ්ඤය ආධිපත්‍යයෙන් නිදහස් විය.

   ෆර්ඩිනන්ඞ් හා ඉසබෙලා යුවලගේ කාලයේදී ඔවුන් රදළ ප‍්‍රධානීන්ගේ බලය මෙල්ල කිරීමට කටයුතු කළ නමුත් පිලිප් රජුගේ කාලය වනවිට වැඩවසම් ප‍්‍රධානීන්ගේ බලය නැවත වරක් වර්ධනය වෙමින් පැවතිණ. ඒ හේතුවෙන් රජුගේ බලය ක‍්‍රමයෙන් දුර්වල වූ අතර රාජසභාව තුළ නිතරම ඇති වූ ආරවුල් උග‍්‍ර අතටද පත්විය. 

   ස්පාඤ්ඤය පරිපාලනයේ තිබූ දූෂිත නිළධාරීවාදයද, ස්පාඤ්ඤයේ අවනතියට තවත් හේතුවක් විය. දකුණු ඇමෙරිකානු මහද්වීපවලින් මංකොල්ලකනලද රන්, රිදී, මුතු, මැණික් ආදිය බෙදා ගැනීමට තැත්කිරීම හේතුවෙන් ස්පාඤ්ඤය රාජතන්ත‍්‍රය දුෂිත වීමට පටන්ගත් අතර අකාර්යක්ෂමද විය. එම නිළධාරීන් තමන්ගේ ධනය වර්ධනය කරගැනීමට අවධානය යොමුකළ අතර ස්පාඤ්ඤය භාණ්ඩාගාරයට හිමිවිය යුතු මුදල්ද චංචා කිරීමට පෙළඹුණහ. 

    ඒ හේතුවෙන් ස්පාඤ්ඤය තමන්ගේ යුද තාක්ෂණය වර්ධනය කරගැනීමට අවධානය යොමු නොකළ අතර යුරෝපයේ නැගී එමින් සිටි ප‍්‍රංශය, එංගලන්තය, නෙදර්ලන්තය හා ඩෙන්මාර්කය වැනි රටවල් ස්පාඤ්ඤයේ අඩුපාඩු අවබෝධ කරගනිමින් තමන්ගේ පාලන හා යුද ශක්තිය වර්ධනය කරගැනීමට පෙළඹුනහ. 

      තවද එංගලන්තයේ පළමු එළිසබත් රැුජිනගේ අනුග‍්‍රහය ලැබූ සර් ෆ‍්‍රැන්සිස් ඩ්‍රේක්, හොකින්ස් ආදී මුහුදු මංකොල්ලකරුවෝ ස්පාඤ්ඤය වෙත නව ලෝකයෙන් ගෙන එමින් තිබූ රන්, රිදී වස්තුව කොල්ලකා ගත්හ. 

      බලය ව්‍යාප්ත කිරීම සඳහා යූරෝපයේ අනෙකුත් ප‍්‍රබල රටවල්වන ප‍්‍රංශය, එංගලන්තය වැනි රටවල් සමඟ නිරන්තරයෙන්ම යුද්ධවලට පැටලීමත් ශුද්ධ රෝම අධිරාජ්‍යය ඇතුලූ දකුණු ඇමරිකානු මහාද්වීපවල පැවති තම යටත්විජිත නඩත්තු කිරීමට විශාල යුද හමුදාවක් යෙදවීමට සිදුවීමත් යන කාරණා සඳහා දැරිය නොහැකි තරම් වූ අධික මුදලක් යෙදවීමට ස්පාඤ්ඤය භාණ්ඩාගාරයට සිදුවිය. එයද ස්පාඤ්ඤයේ අවනතිය ඉක්මන්කරවූ තවත් එක් හේතුවකි. 

          ලතින් ඇමරිකානු රටවල තිබූ රන්, රිදී, බෙලෙක්, තඹ සහ තෙල් වැනි ඛණිජ සම්පත් අපනයනය කිරීම මඟින් ස්පාඤ්ඤයට විශාල ධනයක් ලබා ගැනීමට හැකිවිය. නමුත් ස්පාඤ්ඤය තම ලතින් ඇමරිකානු යටත්විජිතවල අනුගමනය කලේ ඉතා කෲර සහ දරුණු ප‍්‍රතිපත්තියකි. නමුත් ඇමරිකානු නිදහස් සටන, ප‍්‍රංශ විප්ලවය හා නැපෝලියන්ගේ යුද්ධ යනාදිය හේතුවෙන් වර්ධනය වූ මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ අදහස් ලතින් ඇමෙරිකාව පුරා ව්‍යාප්තවන්නට විය. 

       නැපෝලියන් විසින් ස්පාඤ්ඤය ආක‍්‍රමණය කොට එහි පාලකයා ලෙස තම සොහොයුරු ජෝසප් පත් කරන ලදි. මෙය අවස්ථාව කොටගත් මෙක්සිකෝව, වෙනිසියුලාව, පීරූ, ආජන්ටිනාව හා චිලී යන ප‍්‍රදේශ එකින් එක තම නිදහස ප‍්‍රකාශ කළහ. නමුත් නැපෝලියන් පරාජයට පත්වී 1815දී ඇති වූ වියානා සම්මුතියෙන් ස්පාඤ්ඤයේ රජු ලෙස හත්වන ෆර්ඩිනන්ඞ් පත්විය. ඔහු නැවතත් ලතින් ඇමරිකානු රටවල ස්පාඤ්ඤය බලය පැතිරවීමට කටයුතු යෙදීය. ඒ සඳහා ඔහු විශාල ස්පාඤ්ඤය හමුදාවක්ද දකුණු ඇමරිකාවට යවන ලදි. නමුත් එම හමුදාවන්ට දකුණු ඇමරිකානු රටවල් යටත් කර ගන්නවා වෙනුවට ඒවායේ ඇති වූ කැරලි වලට මුහුණදීමට සිදුවිය.

       සයිමන් බොලිවාර්ගේ නායකත්වයෙන් ආරම්භ වුණු ලතින් ඇමරිකානු නිදහස් සටන අවසානයේ ජයග‍්‍රහණය කළ අතර, දකුණු ඇමරිකාවේ ස්පාඤ්ඤය සතු සියලූම යටත්විජිත අහිමිකරමින් වෙනිසියුලාව, කොලොම්බියාව, ඉක්වදෝරය, බොලීවියාව හා පැනමාව යන රටවල් නිදහස ලබා ගන්නා ලදි. තවද හිඩල්ගෝ පියතුමාගේ නායකත්වයෙන් කෙරීගෙන ගිය මැක්සිකානු නිදහස් සටනේ අවසන් ප‍්‍රතිඵල වූවේ මැක්සිකෝවද සමූහාණ්ඩුවක් ලෙස නිදහස ලබා ගැනීමයි.

      මෙලෙස ස්පාඤ්ඤයට තමන් සතුව තිබූ දකුණු ඇමරිකානු යටත් විජිත සියල්ලම අහිමි විය. එමඟින් ස්පාඤ්ඤයට දකුණු ඇමරිකාවෙන් ලැබුණු විශාල ධනස්කන්දයද අහිමි විය. 

සමාලෝචනය 

  ෆර්ඩිනන් හා ඉසබෙලා යුවලගෙන් ආරම්භ වූ ස්පාඤ්ඤය හයවන චාල්ස් රජුගේ හා දෙවන පිලිප් රජුගේ කාලය වනවිට එහි උච්ඡුස්ථානයටම ළඟා විය. නමුත් ස්පාඤ්ඤය හමුදාව යාවත්කාලීන නොවීමත්, උග‍්‍ර කතෝලික ප‍්‍රතිපත්තියත්, නිරන්තරයෙන් යුරෝපය ඇතුලූ තම යටත්විජිතවල ඇති වූ අසීමිත යුද්ධත්, ශක්තිමත් පාලකයන් බිහි නොවීම හේතුවෙන් පාලනය විකේන්ද්‍රගතවී ප‍්‍රාදේශීය පාලකයන් ස්වාධීනවීමත්, ස්පාඤ්ඤය පරිපාලනයේ ඇතිවූ ¥ෂිත නිළධාරීවාදය හා අකාර්යක්ෂමතාත් යන හේතූන් ස්පාඤ්ඤයේ අවනතියට මූලික වූ බව දැක්විය හැකිය.

       යටත්විජිත ව්‍යාප්තියේදී  ස්පාඤ්ඤය අනුගමනය කරනලද ක‍්‍රියාමාර්ග ඉතාමත් විනාශකාරී විය. දකුණු ඇමරිකානු යටත්විජිත පිහිටුවීමේදී එම ප‍්‍රදේශ විනාශ කරමින් සිදුකල ජන සංහාරය අදටද ලෝකයේ විවේචනයට ලක් වේ. එම ම්ලේච්ඡුක‍්‍රියාද ස්පාඤ්ඤය අවනතියට ඍජුව හා වක‍්‍රව බලපාන ලදී. තවද එහි බලපෑම ස්පාඤ්ඤයට අභ්‍යයන්තරව මෙන්ම බාහිරවද බලපෑවේය. 

        16වන සියවස ස්පාඤ්ඤයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන අතර එම සියවස අවසානය වනවිට එහි පරිහානියද සනිටුහන් කරනු ලැබීය. අද වනවිට රැකියා විරහිතභාවයෙන් මෙන්ම උද්ධමනයෙන් හා අධික ණය බරින් පීඩාවිඳින ස්පාඤ්ඤය බටහිර යුරෝපා කලාපයේ දුප්පත්ම රටක් බවට පත්ව තිබේ. මෙලෙසින් ස්පාඤ්ඤය අවනතිය කරා ගමන්කළ ආකාරය සවිස්තරාත්මකව දැක්විය හැක.


ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය

උයන්ගොඩ ජයදේව,ජාතිය ජාතිකත්වය සහ ජාතික රාජ්‍යය දේශපාලන න්‍යාය සහ භාවිතය.,සමාජ විද්‍යාඥයන්ගේ සංගමය,12,සුලෙයිමාන් ටෙරස්,කොළඹ 05,2011.

ජයතිලක පී.ඩබ්., යුරෝපා ඉතිහාසය මධ්‍යකාලීන යුගයෙන් නූතන යුගය කරා පිවිසීම , කර්තෘ ප‍්‍රකාශන, නීති මධ්‍යස්ථානය, 243 ඒ,මංකඩ පාර, ඉහළ බියන්වල,කඩවත,2013.


රාවෝ බී.වී., ලෝක ඉතිහාසය,පරිවර්තනය මාහාචාර්ය මාලනී ඇඳගම, අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව, ඉසුරුපාය, බත්තරමුල්ල.,2003.

විෙඡ්තුංග නවනැලියේ, ලෝක ඉතිහාසයේ අමරණීය සිහිවටන, කර්තෘ ප‍්‍රකාශන,471රැු6, රාජසිංහ මාවත, උඩුමුල්ල, මුලූලේරියාව නවනගරය,2009.

යුරෝපයේ ඉතිහාසය, අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව, ඉසුරුපාය, බත්තර



Wikipedia Web Site





No comments:

Post a Comment