Saturday, 21 November 2020

මිසර සභ්‍යයත්ව වාසීන්ගේ ආගමික සංකල්ප අතර මරණින් මතු ආත්මය පිළිබඳ වූ විශ්වාසයට හිමිවන වැදගත්කම

 

     ඊජිප්තු වැසියන් දෙවිවරු සිය ගණනක් ඇදහූ බහු දේව ආගමිකයන් විය. ඔවුන්ගේ ශිෂ්ටාචාරයේ මුල් අවධියේ ඔවුන් ස්වභාවධර්මයේ බලවේග වලට වන්දනාමාන කළහ. කෙසේවුවද කල්යෑමේදී සෑම ලොකු කුඩා නගරයකම පාහේ එම නගරයට සුවිශේෂී වූ දෙවිකෙනෙකු සිටින්නට විය. මෙම සෑම දෙවියෙක්ම සතු වූයේ මනුෂ්‍යය හා සත්ව අංගයන්ය. මෙම දෙවිවරුන් අතරින් විශේෂ දෙවිවරුන් කිහිපදෙනෙක් මිසරවාසීන් අදහනු ලැබීය. මිසරවාසීන් ඔවුන් ඇදහූ දෙවිවරුන්ට ගෞරව පිණිස අලංකාර සිද්ධස්ථානද ඉදිකරන ලදී. එම සිද්ධස්ථානවල යාතිකා හා උත්සව මෙහෙයවනු ලැබූවේ පූජකවරු විසිනි. දිනකට තුන්වරක් දේව පූජා පවත්වන ලද අතර ආහාර වර්ග, පැන්, මල් හා සුවඳ ද්‍රව්‍ය එම පූජාවට අයත්ය. 

     දෙවියන් අතර නායකයා වූ ආමන් රේ” හෙවත් සූර්ය දිව්‍යරාජයා (“රා” දෙවියා මේ අතර ප‍්‍රධාන විය.) අනෙක් දෙවිවරු ඔහුගේ දේව මණ්ඩලයේ වැඩවෙසෙන බව විශ්වාස කළහ. එම  ආමන් “රේ” දෙවියා මිසරයේ ප‍්‍රධාන දෙවිවරුන් නවදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක නායකයා විය. රටේ පාලකයන්ද දේවත්වයේලා සැළකීමට මිසර වැසියන්ගගේ පුරුද්ද විය. රජවරුන්  “රා” දෙවියන්ගේ පුතුන් ලෙස සැළකූහ.

      පැරණි මිසර වැසියන්ගේ ආගමේ පැවති ප‍්‍රධාන ලක්ෂණයක් වශයෙන් දැකිය හැක්කේ මරණින් මතු ආත්මය පිළිබඳ වූ විශ්වාසයවන සදාකාලික පැවැත්මක් ඇති බවයි. මියයාමට ආසන්න මිනිසුන්ගේ ආත්මය දෙවියන් ඉදිරියට යන බවත් එහිදී අසනු ලබන ප‍්‍රශ්න වලට පිළිතුරු දීමට සිදුවන බවත් විශ්වාස කෙරුණු අතර එම ප‍්‍රශ්නවලට පිළිතුරු දීමට අවශ්‍යය දැනුම වර්ධනය කිරීම සඳහා  “මළවුන්ගේ පොත” නැමැති කෘතියක්ද සකස්කොට තිබී ඇත. කිසියම් පුද්ගලයෙකුට මෙම පරීක්ෂණයෙන් සාර්ථකව සමත් වීමට නොහැකි වුවහොත් ඔහු අපාගතවන බව විශ්වාසය විය.

      එමනිසා මිසර වැසියන් මරණින් පසුව ඇතිවන ජීවිතය පිළිබඳව අවධානය යොමු කළහ. මරණය ජීවිතය අඛණ්ඩව පවත්වා ගැනීමේ සම්බන්ධතාවක් ලෙස මිසර වැසියන් විශ්වාස කළහ. එබැවින් ඔවුහු මෘතදේහය වැදගත් වස්තුවක් ලෙස සිතූහ. එසේම ඒවා නරක් නොවී කල්තබා ගැනීමට උත්සාහ කළහ. මෘතදේහ සොහොන්වල තැන්පත්කර එම සොහොන් සිතුවම් හා ලිපි මඟින් අලංකාර කළ අතර මියගිය තැනැත්තාට පරලොවේදී ප‍්‍රයෝජනය සඳහා ඔවුන් කැමති වස්තු ඒවායේ තැන්පත් කළේය. විශේෂයෙන් රජවරුන් හා ධනවත් අය අතර මේ සිරිත පැවතිණ.

       මරණින් පසු ජීවිතයක් විශ්වාස කළ පාරාවෝවරු සිය මෘතදේහ සුරක්ෂිතව තැන්පත් කිරීමට විශාල ස්මාරක ඉදිකළහ. විශේෂ ක‍්‍රමවේදයකට බෙහෙත් ගල්වා වසර දහස් ගණනක් පවතින ලෙස මෙම මෘතදේහයන් සකස්කර පිරමීඩ ලෙසින් හªන්වන ස්මාරක තුළ තැන්පත්කරන ලදී. මෘතදේහ විනාශ වුවහොත් ආත්මයද විනාශ වෙතැයි ඔවුන් විශ්වාස කළ බැවින් මෙසේ මෘතදේහයේ බෙහෙත් ගල්වා කල්පවතින ලෙස තබාගැනීමට හැකිවන ආකාරයෙන් සකස් කරන්නට ඇතිබව අනුමාන කළ හැකිය. 

      මරණයට හා පුනුරුප්පත්තියට අධිපති ඔසිරිස්(Osiris) නම් දෙවි කෙනෙක්ද මිසර වාසීන්ගේ වන්දනාමානයට ලක්වී ඇත. නයිල් ඟගේ ජලය, පොළවේ සම්පත් හා ඉරහඳ යන මේවා එක්වන්නට සලසන ඔසිරිස්,  ස්වභාවධර්මයාගේ උත්පාදක බලවේගයන්ගෙත්, ජීවිතයේ විශිෂ්ඨ භාවයේත් මහා සංකේත ලෙස සැළකේ”.

       මිනිසාට ආත්ම දෙකක් ඇතිබව මිසර වාසීන් විශ්වාස කළහ. එනම්  ර්‍ණබ” සහ  ර්‍ණක” විය.  ර්‍ණබ” යන්නෙන් නිරූපණය කළේ යටි රැුවුල සහිත මිනිස් හිසකින් යුත් කුඩා පක්ෂියෙකි.  ර්‍ණක” යන්න දැක්වූයේ වැලමිට ළඟින් නැමුණු මිනිස් දෑතකිනි. ඇතැම් තැනක යටි රැුවුල ඇති කුඩා මිනිස් රුවක්ද ඊට එකතුකොට ඉහත කී දෑත එම මිනිස් රුවට පැළඳ වූ කිරුළක් ලෙස දක්වයි. මෙම ආත්ම දෙක මරණින් පසුව පවත්වා ගෙන යාමටනම් මළ තැනැත්තාගේ මළසිරුර එසේම රැුකගත යුතු විය. ඒ නිසා මළමිනී එම්බාම් කොට දිගටම රැුකගැනීමට මෙන්ම ඒවා තැන්පත් කිරීමට විශාල ශ‍්‍රමයක් හා ධනයක් වැයකරමින් මිසර වාසීන් දැවැන්ත පිරමිඩ ඉදිකළේත් මේ නිසාය. පිරමීඩයක් තුළට පිවිසෙන කෙනෙකුට පාරාවන්ගේ හා ප‍්‍රභූ පන්තියේ පමණක් නොව සකල මිසර ජනතාවගේම ජීවන රටාවේ හරස්කඩක් දැකීමට හැකිවේ. පරලොව පරිහරණය හා පරිභෝජනය සඳහා තැන්පත් කෙරුණු භාණ්ඩ හා ආහාරපාන ආදී ද්‍රව්‍යයමය වශයෙන් පමණක් නොව ඔවුන්ගේ දිවිපෙවත කැටපත්වන මූර්ති, කැටයම් හා චිත‍්‍ර වශයෙන් නිරූපිත අවස්ථාද එහි දැකිය හැකිය.  

    ආත්මයත් ශරීරයත් දෙකක් වශයෙන් සළකන ලද අතර ආත්මය අමරණීය දෙයක් ලෙස සළකන ලදී. මියගිය පාරාවරුන් පමණක් නොව යහපත් ක‍්‍රියාවන්හි යෙදුණු සියලූදෙනාට අමරණීය තත්වයන් හිමිවන බව අධිරාජ්‍යය අවධියේදි ප‍්‍රචලිතව පැවති විශ්වාසයක් විය. එම ආත්මය මියගිය ශරීරය තුළට යලිත් එක්වන බවට පිළිගැනීමක්ද පැවතුණි. එබැවින් මෘතදේහය නරක් නොවී කල්තබා ගැනීම අත්‍යාවශ්‍යය විය. මධ්‍ය රාජධානි යුගයේ ඇතිවූ සමාජමය වෙනස්කම් නිසා දෘෂ්ටිවාදයද වෙනස්වී ගිය බැවින් භෞතිකවාදයට වඩා මානවීයවාදයට වැඩි අවධානයක් යොමුකරන ලදී. මේ හේතුව නිසා සාමාන්‍ය ජනයාටද දෙවියන්ට මෙන්ම මරණින් මතු ජීවත්වීමට හැකි බවට විශ්වාසයක් ගොඩනැගුණි.

      ඔවුන්ගේ විශ්වාසය අනුව යමෙක් මියගිය පසුව ඔහුගේ භූත ආත්මය පාතාල ලොවට ගමන් කරයි. ඒ යන ගමන ඉතාමත් දුෂ්කර එකකි. ගමන්කරන අතරතුරදී නොයෙක් දුෂ්කරතා වලට මුහුණදීමටද සිදුවේ. උපද්‍රව සහිත මාර්ගද හමුවේ. සමහර තැන්වල දොරටු සවිකර තිබෙන අතර ඒවා අසල මුරකරුවෙක්ද සිටී. දිය පාරවල්ද හමුවන අතර ඒවායෙන් එගොඩ කිරීමට තොටියන්ද සිටී. එහෙත් එහිදී පිහිට ලබාගත හැක්කේ ඔවුන්ගේ නම් දැනගත් අයට පමණි. එම බාධක ජයගෙන යන අතර දරුණු යක්ෂයන්ටද, අªරේ සැඟව සිටින භයානක සතුන්ටද මුහුණ දීමට සිදුවේ. ඔවුන්ගේ නම දැනසිටි අයට එම බාධක මර්ධනය කරගෙන ඉදිරියට යාමට හැකියාව ලැබේ. එසේ ගියකළ ඔවුන්ට මළවුන්ට අධිපති  ර්‍ණඔසිරිස්” දෙවියාගේ රාජධානියට ළඟාවිය හැකිය. එහිදී එම දෙවියා වෙත ගොස් ඔහුගෙන් තීරණයක් ගතයුතු වෙයි. මෙහිදී මළගිය තැනැත්තා විනිශ්චයකරුවන් හතළිස්දෙනෙකු ඉදිරියට පැමිණිය යුතුය. එම දෙවිවරු ඔහු මෙලොවදී කරනලද යහපත් වැඩ ගැන විමසති. 

       අනතුරුව  ර්‍ණඔසිරිස්” දෙවියා හමුවේ ඔහුගේ හදවත තරාදියක තබා කිරා බලනු ලැබේ. මෙසේ සිදුකරනු ලබන්නේ  ර්‍ණඅනූබීස්” නැමැති හිවල් දෙවියා විසිනි. මෙම අනුබීස් නැමැති දෙවියා පාරාවෝ රජවරුන්ගේ සොහොන් ආරකෂා කරන්නෙකු වශයෙන් මුලින් ප‍්‍රකටව සිට ඇත. මෘතදේහ එම්බාම්කරන ස්ථානද ආරක්ෂා කළේ ඔහුය. යන්ත‍්‍ර මන්ත‍්‍ර චාරිත‍්‍ර වලදී අනුබීස් විශාල වැඩකොටසක් ඉටු කළේය.

      ඔවුන්ගේ හදවත කිරා බැලීමේදී එක තැටියක හදවත තබන අතර අනෙක් තැටියේ තබන්නේ කුරුළු පිහාටුවකි. එය සත්‍ය නියෝජනය කරන්නකි. මළගිය තැනැත්තා බොරුකියා ඇත්නම් හෝ පව්කාර ලෙස ජීවත් වූවෙක්නම් හදවත ඇති තැටිය සත්‍යයේ පිහාටුව ඇති තැටියට වඩා බර වේ. එහි ප‍්‍රතිඵල සටහන්කරනු ලබන්නේ අයිබීස් පක්ෂි හිසක් ඇති  ර්‍ණතොත්”:ඔයදඑය* දෙවියා විසිනි. මෙම තොත් දෙවියා සª දෙවියෙක් ලෙස සැලකේ. මිසරයේ පැරණි දේශීය දෙවියෙකු වූ මොහු විශාල වශයෙන් වැªම් පිදුම් මෙන්ම කීර්තියක් ලබාගත් දෙවි කෙනෙකි. මිසරයේ කාලය මැනීමේ ස්වභාවික මිනුම චන්ද්‍රයා බැවින් තොත්ව බොහෝ සේ සළකනු ලැබූවේ චන්ද්‍ර දෙවියා නමිනි. මොහු දෙවියන්ගේ පණිවිඩ ගෙනයාම, ලිවීම, කාලය මැනීම, ගණිතය හා ඉන්ද්‍රජාලික කටයුතු වලටද සම්බන්ධව සිටියේය. තෝත් දෙවියා ප‍්‍රතිඵල සටහන් කරගැනීමෙන් පසු ඔසිරිස් දෙවියා විසින් විනිශ්චය ලබා දෙනු ලැබේ. මේ විනිශ්චය අනුව පව්කාර ලෙස ජීවත් වූ අයට අමරණීය ජීවිතයක් නොලැබේ. 

       හදවත කිරා බලා එය කුරුළු පිහාටුවකටත් වඩා බර අඩුනම් යහපත් ජීවිතයක් ගතකළ අයෙක් යැයි සලකා ඔවුහු  ඉලු” නැමැති සාමකාමි සුන්දර මිටියාවත වෙත පිටත්කර හරින බවට මිසර වාසීන්ගේ විශ්වාසය විය.

       මෘතදේහ මමී බවට පත්කිරීමේදී හදවත ඉතිරි කළේද මේ හේතුව නිසාය. එසේම මළගිය ආත්මයට කටහඩ අවශ්‍යය වූ බැවින් මිනිය සොහොනේ තැබීමට පෙර එය කෙළින් අතට සිටුවා චාරිත‍්‍රයක් වශයෙන් මුඛය විවෘත කිරීමේ උත්සවයක් පවත්වනු ලැබේ. මළගිය තැනැත්තාගේ පුත‍්‍රයා විසින් මෙය සිදුකරන ලද අතර එය කරන ලද්දේ ඒ සඳහා නිමවා තිබුණු ආයුධයකින් මුව ස්පර්ෂ කිරීමෙනි. කථනය ප‍්‍රකෘතිමත් කිරීම මෙයින් අපේක්ෂා කෙරුණි.

       නයිල් නදිය ආශ‍්‍රිත ශිෂ්ටාචාරය ක‍්‍රමයෙන් වර්ධනය වීමේදී එහි ආගමද ක‍්‍රමයෙන් වර්ධනයවන ආකාරයක් දැකිය හැකිය. එම ආගමික සංකල්ප අතර ප‍්‍රධානම විශ්වාසය වූයේ මරණය හා පුනුරුප්පත්තියයි. සූර්යයා උප්පත්තිය සංකේතවත් කිරීම හේතුවෙන් සූර්ය වන්දනාවට ප‍්‍රමුඛත්වයක් හිමිවිය. මෙලෙස වර්ධනය වූ මිසරයේ ආගමික සංකල්ප අතර මරණයෙන් පසු ආත්මය පිළිබඳ වූ විශ්වාසයටද ප‍්‍රමුඛත්වයක් හිමිවන බව ඉහත කරුණු අධ්‍යයනයේදී පෙනීයයි.


1 comment: