Saturday 21 November 2020

චීනයේ නව ශිලා යුගයේ සංස්කෘතීන්හි දක්නට ලැබෙන ප‍්‍රධාන අංග ලක්ෂණ.

   




   චීනය ප‍්‍රධාන වශයෙන් ජලාශි‍්‍රතවන්නේ සිකියෑං, යැංසි සහ හොවැංහෝ (කහ ගඟ* යන ගංඟා තුනෙනි. මේ සියලූම ගංඟා බටහිර දෙස සිට නැගෙනහිර දෙසට ගලා ගොස් පැසිපික් මුහුදට එකතු වේ. චීනයේ පැරණි ශිස්ටාචාරවල ආරම්භය සිදුවූයේ හොවැංහෝ ගංඟාවේ මිටියාවතේය. ටිබෙට් කªවැටියෙන් ආරම්භවී සැතපුම් 3000කට ආසන්න දුර ප‍්‍රමාණයක් ගලායන හොවැංහෝ ගඟ දෙපස ගොවිතැන් කටයුතුවලට සුදුසු පස් තට්ටු පුළුල් ලෙස තැන්පත්වී ඇත. කහ ගඟ වශයෙන්ද හªන්වනු ලබන හොවැංහෝ ගඟ මිනිස් ජීවිත හා දේපළවලට මහත් හානි පමුණුවමින් කිහිපවරක්ම එහි ගමන්මග වෙනස්කර ඇති බැවින් එය  ර්‍ණචීනයේ ශෝකය” වශයෙන්ද හªන්වනු ලැබේ. 


     චීනයට ඇති ස්වාභාවික බාධක නිසා බොහෝ කලක් යන තෙක්ම පැරණි චීනය හා එහි වැසියෝ බාහර ලෝකය සමඟ සම්බන්ධතා නොපැවැත්වීය. ඒනිසා ඔවුන් තමන්ටම සුවිශේෂ වූ ශිෂ්ටාචාරයක් ගොඩනගාගැනීමට සමත්විය. පීකිං මානවයාගේ නටබුුන් වලින් සනාථවන ආකාරයට පූර්ව පාෂාණ යුගයේ සිට චීනයේ මිනිසුන් වාසයකළ බවට සාක්ෂි ලැබේ. චීන ජාතිකයන් ප‍්‍රධාන වශයෙන් මොන්ගොලොයිඞ් ජනවර්ගයට අයත්වේ. 


       චීන ශිෂ්ටාචාරයේ වඩාත් වැදගත් තොරතුරු ලැබෙන්නේ නව ශිලා යුගයේදීය. එනම් ක‍්‍රි.පූ.7000න් පසු යුගයයි. 


     පුරාවිද්‍යාත්මක කැණීම් මඟින් සොයාගන්නා ලද සාධක හා මෙකල ජනකතා අතර සම්බන්ධතාවක් තිබෙන බව පෙනීයයි. එම ජනකතා වලට අනුව  ර්‍ණජී”(න්‍ස* හා  ර්‍ණජියැන්ග්”(න්‍ස්බට* නම් සුප‍්‍රසිද්ධ ගෝත‍්‍ර දෙකක් කහ ගං මිටියාවතේ වාසය කරමින් තිබී ඇති අතර පසුව මෙම ගෝත‍්‍ර දෙක එකට එකතු වී සන්ධානයක් ඇතිකරගෙන තිබේ. මෙම  ර්‍ණජී” (න්‍ස* ගෝත‍්‍රයේ ප‍්‍රධානියා  ර්‍ණ්‍යම්බට-ඔස” හෙවත්  ර්‍ණකහ අධිරාජ්‍යයා” වූ අතර  ර්‍ණජියැන්ග්”(න්‍ස්බට* ගෝත‍්‍රයේ ප‍්‍රධානියා වී ඇත්තේ  ර්‍ණශ්බට-ඔස”  නම් පුද්ගලයාය. මුල් යුගයේදී එම ගෝත‍්‍ර  ර්‍ණඋැස” ගංඟාව ආශ‍්‍රිත මිටියාවතේ වාසය කරමින් සිට ඇති අතර පසුව චීනයේ විවිධ ප‍්‍රදේශවලට පැතිර ගොස් තිබේ. චීන ජනකතා වලට අනුව  ර්‍ණජී”(න්‍ස* ගෝත‍්‍රයේ ප‍්‍රධානියා වූ  ර්‍ණ්‍යම්බට-ඔස”  යුද්ධ කිරීමට මෙන්ම නව නිෂ්පාදන කිරීමටද දක්ෂයෙකු ලෙස ප‍්‍රසිද්ධ වී තිබේ.


     චීනයේ නව ශිලා යුගය  ර්‍ණශ්බට ීය්ද” හා  ර්‍ණඛමබට ීය්බ” යන ප‍්‍රධාන සංස්කෘතීන් දෙකට අමතරව තවත් අනු සංස්කෘතීන් කීපයකින් යුක්ත වේ.


           ර්‍ණශ්බට ීය්ද” සංස්කෘතිය ප‍්‍රධාන වශයෙන්ම කහ ගංඟාවේ මධ්‍ය ප‍්‍රදේශය ආශ‍්‍රිතව තිබෙන  ර්‍ණහොනාන්”(්‍යදබ්බ* හා  ර්‍ණදකුණු ෂැංසි”(ීය්බිස* ප‍්‍රාදේශ කේන්ද්‍රකොට ගනිමින් ව්‍යාප්තව තිබී ඇත. මේ පිළිබඳ මුල්ම සාධක සොයාගන්නා ලද්දේ  ර්‍ණහොනාන්” පළාතේ  ර්‍ණශ්බට ීය්ද” ගමෙන්ය. එබැවින් මෙය  ර්‍ණශ්බට ීය්ද” සංස්කෘතිය ලෙසද හªන්වනු ලැබේ. මෙය දළ වශයෙන් ක‍්‍රි.පූ.5000-ක‍්‍රි.පූ.3000 දක්වා කාල පරාසයකට අයත්යැයි විශ්වාස කෙරේ. ජනප‍්‍රවාදවලට අනුව කහ අධිරාජ්‍යයාගෙන් පැවත එන්නන් මෙම ප‍්‍රදේශයේ විසූ බවට විශ්වාස කෙරේ.


         ර්‍ණජෝන් ඇන්ඩර්සන්” නම් ස්විස් ජාතික පුරාවිද්‍යාඥයා විසින් කළ කැණීම්වල ප‍්‍රතිඵලයක් ලෙස 1921දී ප‍්‍රථම වරට මෙය සොයාගන්නා ලදී. මුල් කැණීම්වල ප‍්‍රතිඵලයක් ලෙස සත්ව ඇටකටුවලින් කළ ආයුධ හා විවිධ වර්ගයේ මැටි බªන් සොයාගන්නට හැකිවී  ඇත. ඒ අතරින් ගල් භාවිතාකර නිර්මාණය කළ පිහි, පොරෝ, කෙටීමට භාවිතාකරන උපකරණ, ඇªම් විවීමට භාවිතා කරන්නට ඇතැයි සිතන ගල් උපකරණ හා ඇටකටුවලින් නිර්මාණය කරනලද ඉඳිකටු වැනි උපකරණ සොයාගැනීම ඉන් ප‍්‍රධාන වේ. වර්තමානය වනවිට මෙම සංස්කෘතියට අදාලව 1000කට අධික ස්ථානවලින් සාධක සොයාගැනීමට හැකිවී ඇත. 


      මෙම සංස්කෘතියට අදාලව සොයාගන්නා ලද මැටි බªන් මෙහි විශේෂ අංග ලක්ෂණ විදහාපාන සාධකයක් ලෙස දැක්විය හැකිය. ඒ අතරින් ආහාර ගැනීමට හා පිසීමට භාවිතාකරන උපකරණයැයි සැකකරන මැටි බªන් සොයාගෙන ඇත. මේවා බොහෝමයක් විවිධ චිත‍්‍ර හා රටාවලින් සමන්විත වර්ණාලේපිත මැටි බªන්ය. එමනිසා මෙය  ර්‍ණවර්ණාලේපිත මැටි බªන් සංස්කෘතිය” (ඡු්සබඑැා ඡුදඑඑැරහ ක්‍මකඑමරු* ලෙසද හªන්වනු ලැබේ. 

මෙම වර්ණාලේපිත මැටි බªන්වල චිත‍්‍රණය කරඇති රූප අතර මානව රූප, මාළු, මාළු දැල් ආදීන්හි රූප දැකිය හැකිය. තවද මෙම මැටි බªන්වල පිටත රතු පැහැයෙන් යුක්තවන අතර ඇතුලත හොඳින් ඔප දමා ඇත. මෙම චිත‍්‍ර ඇතුලත් මැටි බªන් වලින්  ර්‍ණශ්බට ීය්ද” සංස්කෘතියට අයත් ජනතාවගේ ජීවන තත්වයන් පිළිබඳ අවබෝධයක් ලබාගත හැක.


         මෙම සංස්කෘතියට අයත් ජනතාවගේ ප‍්‍රධාන ජීවනෝපාය වී ඇත්තේ කෘෂිකර්මාන්තයයි.  ර්‍ණීය්බංස”  පළාතේ  ර්‍ණඞසහසබ” ගමෙන් සොයාගත් නටබුන් මඟින් ග‍්‍රාමීය සංස්කෘතියක අංග ලක්ෂණ නිරූපනය වේ. කැණීම් මඟින් කුඩා කාමර රැුසක නටඹුන් සොයා ගැනීමට හැකි වී ඇත.  ර්‍ණීය්බංස”  පළාතේ  ර්‍ණඡු්බ ඡුද” :ඊ්බ ඡුද* ගමෙන් සොයාගන්නා ලද පුරාවිද්‍යාත්මක සාධක ඉතාමත් වැදගත්වේ. වර්ගකිලෝමීටර් 50000 ප‍්‍රදේශයක පැතිර ඇති මෙහි, වාසස්ථාන තිබූ ප‍්‍රාදේශ වෙනමත්, මැටි බදුන් නිෂ්පාදනය කළ ප‍්‍රදේශ වෙනමත්, සොහොන් ප‍්‍රදේශ වෙනමත් ආදී වශයෙන් සංවිධානාත්මකව නිර්මාණය කර ඇත. 


      මෙම ගමේ 1954-1957 දක්වා කරනලද කැණීම් වලදී  ර්‍ණශ්බට ීය්ද” සංස්කෘතියට අයත් ගල් ආයුධ (ගල් පොරවක්*, ඇටකටුවලින් කළ නඟුල්, මැටිබදුන් නිෂ්පාදනය කරන පෝරණු 6ක්, වැඩිමහල්ලන්ගේ සොහොන් 174ක් හා ළමුන්ගේ සොහොන් 73ක් ආදී වශයෙන් සාධක සොයාගෙන ඇත. මෙම ගම්වාසීන් තම ප‍්‍රධාන ජීවනෝපාය ලෙස කෘෂිකර්මාන්තයේ නිරත වී ඇති අතර තම වගාවන් සඳහා විවිධ ධාන්‍ය වර්ගද භාවිතාකර ඇත. ධාන්‍ය තැන්පත් කිරීම සඳහා භාවිතා කරන්නට ඇතැයි විශ්වාසකළ හැකි විශාල භාජනයක් සොයාගැනීමට හැකිවීම තුළින් පෙනීයන්නේ මෙහි ගම්වාසීන් තම වැඩි අවධානය කෘෂිකර්මාන්තය වෙත යොමුකරන්නට ඇති බවයි. 


       ඌරන්ගේ, අශ්වයන්ගේ, හරකුන්ගේ, බල්ලන්ගේ හා කුකුළන්ගේ වැනි සතුන්ගේ අස්ථි හමුවීම තුළින් පෙනීයන්නේ මෙම සංස්කෘතියට අයත් ගම්වාසීන් කෘෂිකර්මාන්තයට අමතරව සත්ව පාලනයද කරඇති බවයි. තවද  ර්‍ණඞසහසබ” ගමේ කරනලද කැණීම් වලදී හමු වූ මැටිදීසි අධ්‍යයනය කිරීම තුළින් මෙහි මැටිබªන් කර්මාන්තයද පැවති බවට නිගමනය කළහැකිය. සිදුකරන ලද කැණීම් වලදී ගබඩාවක් වැනි ස්ථානයක තිබී ඇªම් විවීමට භාවිතා කරන්නට ඇතැයි විශ්වාස කළහැකි ඇටකටු වලින් සකස්කළ ඉඳිකටු හා විදුම් උපකරණ විශාල වශයෙන් හමුවීම තුළින් පෙනීයන්නේ ඇªම් මැසීමේ කර්මාන්තයද වැදගත් තලයක තිබූ බවයි.  


       මීට අමතරව ගල්වලින් සාදන ලද දුනු ඊතල සම්බන්ධ සාදක හමුවීම තුළින්  දඩයමද, මැටි භාණ්ඩවල ඇති රූප අතර මසුන් හා දැල් දක්නට ලැබීමෙන්  මසුන් ඇල්ලීමද යම් තරමකින් තිබෙන්නට ඇති බවටද පෙනීයයි.


      මෙම සංස්කෘතිය පැවති ප‍්‍රදේශ අතර භාණ්ඩ හුවමාරු කිරීම මඟින් වෙළඳ සබඳතා පවත්වන්නට ඇති බවටද අනුමාන කළහැකිය. මෙම ප‍්‍රදේශයේ සුලබව දක්නට නොමැති  ර්‍ණජේට්” පාෂාණයෙන් කළ දීසි වැනි භාජනද, සිප්පිකටුද හමුවීම තුළින් අනුමාන කළ හැකිවන්නේ මේවා  ර්‍ණඨ්බිම” පළාතෙන් ගෙනෙන්නට ඇති බවයි. 


     ගෘහනිර්මාණ ශිල්පය පිළිබඳ අධ්‍යයනයේදී 2005 වර්ෂයේදී  ර්‍ණීය්බංස” දී කරණලද කැණීමක ප‍්‍රතිඵලයක් ලෙස  ර්‍ණශ්බට ීය්ද” සංස්කෘතියේ මධ්‍ය හෝ අවසාන කාලය නියෝජනය කරන්නට ඇතැයි අනුමානකළ හැකි විශාල නිවසක් සොයාගෙන ඇත. මෙය  ර්‍ණඊසබ” නිවස ලෙසද හªන්වනු ලැබේ. මෙහි ඇති අනෙකුත් නිවාසද කුඩා ප‍්‍රමාණයේ සිට තරමක් විශාල ප‍්‍රමාණයන් දක්වා ඉදිකර තිබෙන්නට ඇතිබව කැණීම් මඟින් පෙනී යයි. මුල්කාලීනව නිර්මාණය කරනලද නිවාස රවුම් ආකාරයකින් යුක්තවන අතර චතුරස‍්‍රාකාර නිවාසද පසුකාලීනව නිර්මාණය කරතිබේ. එම ඉදිකිරීම් අතර යම්යම් ගම්වල නිවාස අතර සමානාත්මතාවයක් තිබීමෙන් පෙනීයන්නේ එම ප‍්‍රදේශ අතර මනා සම්බන්ධීකරණයක් තිබූ බවයි. මේවායේ තාක්ෂණය පිළිබඳව විමසීමේදී පෙනීයන්නේ මෙම ගෙවල්වල බිත්ති මැටි භාවිතාකර නිර්මාණය කර ඇතිබවත් බිත්තිවල මැදට තෘණ වර්ග මිශ‍්‍රකර ඇති බවත්ය. එසේම නිවාස අවට රැුදෙන ජලය බැසයාමට හොඳ කාණු පද්ධතියක්ද සකස්කර තිබී ඇත. මෙම ඉදිකිරීම් සම්බන්ධයෙන් ඇති හොඳම නිදසුන වන්නේ දකුණූ  ර්‍ණීය්බංස”  පළතේ ඇති  ර්‍ණඡු්බ ඡුද” ගමේ නිවාසයි. 


       මෙහි සමාජතත්වය පිළිබඳ විමසීමේදී පෙනීයන්නේ මාතෘ මූලික අවධියේ උච්ඡුතම හා පරිහානියත් පීතෘ මූලික සමාජයේ ආරම්භයත් මෙම සංස්කෘතියේදී සිදුවූ බවයි. 


      ර්‍ණඛමබට ීය්බ” සංස්කෘතියද කහ ගෙඟ් මධ්‍ය ප‍්‍රදේශයේ සිට පහළ ප‍්‍රදේශය දක්වා ඇති  ර්‍ණීය්බ ඔයමබටල ්‍යැබ්බල ීය්්බංස” හා  ර්‍ණීය්බංස”  යන පළාත්වල පැතිර ගිය නවශිලා යුගයේ පසුකාලයට අයත් සංස්කෘතියක් ලෙස හැඳින්විය හැකිය. ක‍්‍රි.පූ.3000-2000 අතර කාලයට අයත්යැයි සැළකිය හැකි මෙම සංස්කෘතියේ සාධක 1928දී  ර්‍ණීය්බ ඔයමබට” පළාතේ  ර්‍ණන්‍සබ්බ” අගනගරයේ  ර්‍ණඛමබට ීය්බ”  නැමැති ප‍්‍රදේශයෙන් සොයාගන්නා ලදී. එබැවින් මෙය  ර්‍ණඛමබට ීය්බ” සංස්කෘතිය ලෙසද හªන්වනු ලැබේ.


      මෙම සංස්කෘතියේ ඇති විශේෂතම ලක්ෂණයක් වන්නේ සකපෝරුව භාවිතයෙන් ඉතා ඉහල තත්වයේ මැටිබදුන් නිෂ්පාදනය කොට තිබීමයි. මෙම මැටි බදුන් කලූ පැහැයෙන් යුක්තවීම හේතුවෙන් මෙම සංස්කෘතිය  ර්‍ණඊක්ජන ඡුදඑඑැරහ ක්‍මකඑමරු” ලෙසද හªන්වනු ලැබේ. මේ අවධියට අයත් නගර හා නගරප‍්‍රාකාරද සොයාගෙන ඇත.


      ඉහත දැක්වූ  ර්‍ණශ්බට ීය්ද” සහ  ර්‍ණඛමබට ීය්බ” යන ප‍්‍රධාන සංස්කෘතීන් දෙකට අමතරව චීනයේ නව ශිලා යුගයට අයත් අනුසංසකෘතීන්ද දැකිය හැකිය. 1951දී සොයාගන්නා ලද ක‍්‍රි.පූ.4500 සිට ක‍්‍රි.පූ.2300 දක්වා තිබෙන්නට ඇතැයි අනුමාන කෙරෙන  ර්‍ණක්‍යසබට-ඛසැබ-ණ්බට”  සංස්කෘතිය චීනයේ නව ශිලා යුගය දක්වන තවත් එවැනි සංස්කෘතියකි. මෙය  ර්‍ණක්‍ය්බටඑමබට” පළාතේ මධ්‍යයේ සිට  ර්‍ණන්‍ස්බටිම”  පළාතේ දකුණු ප‍්‍රදේශයේද, උතුරේ සමහර ප‍්‍රදේශවලත් හා  ර්‍ණයංස” නදිය කේන්ද්‍රකොට ගත් ප‍්‍රදේශවලත් ව්‍යාප්තව තිබී ඇත. 


     මෙම සංස්කෘතියට අයත් මැටිබªන් විශාල ප‍්‍රමාණයක් දක්නට නොලැබෙන අතර ඒවා රළුව නිර්මාණය කර ඇත. රතුපාටට හුරු මෙම මැටි බªන් ආහාර අනුභවයට යොදාගන්නට ඇති බවට අනුමානකළ හැකිය. කෘෂිකර්මාන්තය සඳහා භාවිතාකරන නඟුල්, සවල් හා ගල් පොරෝ වැනි ආයුධ හමුවී ඇති අතර සතුන්ගේ ඇටකටු වලින් සාදනලද මසුන් ඇල්ලීමට හා සතුන් දඩයම් කිරීමට තැනු උපකරණද හමුවී ඇත. පුරාවිද්‍යාඥයන්ගේ විශ්වාසයට අනුව මෙහි ගල් ආයුධයන්හි දියුණුවක් දැකිය හැකිය. 


     මෙම සංස්කෘතියේ ජනතාව අතර විවිධ විශ්වාස තිබු බව මිනීවැළලීමේදී අනුගමනය කරන ලද විවිධ සිරිත් විරිත් අධ්‍යනයෙන් පෙනී යයි. මෙයට අයත් සොහොන් මැටියෙන් පිළිස්සූ ගලින් නිමවා ඇති අතර රතු පාටින් වර්ණගන්වා ඇත. මෙහි සමාජයද මාතෘ මූලික සමාජයේ සිට පීතෘ මූලික සමාජය දක්වා පරිවර්තනය වූ සමාජ ක‍්‍රමයකි. 


     1955-1957 අතර කාලයේදී අනාවරණය කරගන්නා ලද ක‍්‍රි.පූ.2550- ක‍්‍රි.පූ.2195 අතර කාලයට අයත්යැයි විශ්වාස කරන  ර්‍ණූමවැ්කසබට” :ක්‍යසවැ්කසබට* සංස්කෘතිය  ර්‍ණ්‍යමඉැස” පළාතේ හා  ර්‍ණ්‍යමබ්බල ීසජයම්බල ්‍යැබ්බ” යන ප‍්‍රදේශවල පැතිර තිබී ඇත. මෙහි මැටි බදුන්ද අළු, කහ, රතු යන විවිධ වර්ණයන් සහිතව සකපෝරු භාවිතා කරමින් නිර්මාණය කර ඇත. මෙහිද පොරෝ, කැපුම් කටු, ගල් සිදුරුකරන උපකරණ සොයාගෙන ඇත. 


         ර්‍ණඛස්බට‘යම” :ලියං චූ* සංස්කෘතිය 1936දී  ර්‍ණ’යැව්බට”  පළාතෙන් සොයාගන්නා ලද අතර මීට වසර 5300කට ප‍්‍රථම ආරම්භවන්නට ඇතැයි විශ්වාස කෙරේ. 1959දී මෙයට  ර්‍ණඛස්බට‘යම”  යන නම භාවිතා කරනලද අතර මෙහි සොහොන් තුළින්  ර්‍ණෙඡ්ට්” පාෂාණයෙන් කළ උපකරණ සොයාගෙන ඇත.


       ර්‍ණෘ්ඇබනදම” සංස්කෘතියට අයත් නටබුන්  ර්‍ණීය්බාදබට” පළාතෙන් සොයාගන්නා ලදී. මෙය මීට අවුරුදු 6300කට ප‍්‍රථමයෙන් ආරම්භ වී අවුරුදු 2000 පමණ කාල පරිච්ෙඡ්දයක් කහ ගඟ ආශ‍්‍රිතව පවතින්නට ඇති බව විශ්වාස කෙරේ. මෙහි මිනී භූමදානය කළ බවට තොරතුරු ලැබේ.


     ර්‍ණඵ්වසහ්ද” සංස්කෘතියට අයත් සාධක  ර්‍ණඨ්බිම” පළාතෙන් 1923දී සොයාගන්නා ලදී. තවද  ර්‍ණ්‍යදමකස” සංස්කෘතියට අයත් සාධක  ර්‍ණීය්බඑදමබට” පළාතෙන් සොයාගෙන ඇති අතර ඒවා මීට අවුරුදු 8500-7500 පෙර යුගයට අයත්යැයි විශ්වාස කෙරේ. මීට අයත් මැටි හා ගල් උපකරණ සොයාගෙන ඇති අතර නිවාස හා සොහොන් සම්බන්ධ සාධකද සොයාගෙන ඇත.


       ර්‍ණ්‍යදබටිය්බ” සංස්කෘතියට අයත් සාධක 1921දී  ර්‍ණෂබබැර ඵදබටදකස්” ප‍්‍රදේශයෙන් සොයාගන්නා ලද අතර 1954දී  ර්‍ණ්‍යදබටිය්බ” යන නමින් මෙම සංස්කෘතිය හªන්වන ලදී. මධ්‍ය ශිලා යුගයට අයත් ආයුධ මෙම සංස්කෘතිය තුළින් සොයාගෙන ඇත.


     මෙලෙසින් චීනයේ නව ශිලා යුගයට අයත්  ර්‍ණශ්බට ීය්දල ඛමබට ීය්බල  ක්‍යසබට-ඛසැබ-ණ්බටල ූමවැ්කසබට :ක්‍යසවැ්කසබට*ල ඛස්බට‘යම” හා  ර්‍ණෘ්ඇබනදම” හා තවත් එවැනි සංස්කෘතීන්හි දක්නට ලැබෙන ප‍්‍රධාන අංග ලක්ෂණ මෙලෙසින් පැහැදිලි කළ හැකිය.


No comments:

Post a Comment