Sunday, 22 November 2020

ඉන්දියාවේ සාම්ප‍්‍රදායික සමාජය ප‍්‍රතිසංස්කරනය කිරීමට, 1858 පෙර බි‍්‍රතාන්‍යයන් විසින්ගත් පියවරයන් සැකෙවින්..




        පුනරුදයෙන් පසු ඉන්දියාවේ බලය ලබාගත් ප‍්‍රථම යුරෝපීය ජාතිය පෘතුගීසීන් වේ. නමුත් පෘතුගීසීන්ට ඉන්දීය කටයුතු දිගටම කරගෙන යාමට නොහැකි වූ අතර එයට හේතු වූයේ ලන්දේසි, ඉංගී‍්‍රසි හා ප‍්‍රංශ ආදී වෙනත් යුරෝපීය ප‍්‍රබල පිරිස් ඉන්දියාවේ වෙළඳ ඒකාධිකාරය හා බලය වෙනුවෙන් අරගල කිරීමයි. විශේෂයෙන්ම ලන්දේසීන් කුළුබඩු දිවයින්වල බලය තහවුරු කරගැනීමට තැත්කිරීම නිසා ඉතා පහසුවෙන් බි‍්‍රතාන්‍යය බලය ඉන්දියාව තුළ ව්‍යාප්ත කිරීමට හැකිවිය. 


       ඒ අනුව ඉන්දියාව තුළ වෙළඳාම් කිරීම සඳහා 1600දී එලිසබත් රැුජිනගෙන් අවසරය ලබා ගැනීමට බි‍්‍රතාන්‍යය වෙළඳ සමාගම සමත්විය. කෙසේ වුවත් 1612 පමණ වෙද්දී බි‍්‍රතාන්‍යයන්ට ඉන්දියාවේ සුළුකොටසක් අල්ලා ගැනීමට හැකිවිය. 1616 පමණ වනවිට සුරාට්, අග‍්‍රා, අහමදාබාද්, බ්‍රෝච් යන ස්ථානවල ඉංග‍්‍රීසි බලකොටු ඉදිවිය. මේ අකාරයට වරින්වර නොයෙක් කටයුතු වලින් සියබලය වර්ධනය කරගත් බි‍්‍රතාන්‍යයන් 1699-1700 පමණ වනවිට ඉන්දියාව පුරාම සිය බලය ව්‍යාප්ත කිරීමට සමත් විය.


        19වන සියවස පමණ වනවිට ඉන්දියාවේ බලය තහවුරු කරගත් බි‍්‍රතාන්‍යයන් ඉන්දියාවේ සාම්ප‍්‍රදායික සමාජය ප‍්‍රතිසංස්කරණය කිරීමේදී අනුගමනය කරන ලද ප‍්‍රතිපත්ති හා ක‍්‍රමෝපායන් පිළිබඳව විමර්ශනය කිරීම වැදගත්ය. බි‍්‍රතාන්‍යය සමාගම ඉන්දියාවේ ප‍්‍රදේශ අල්ලා ගැනීමෙන් පසු ඉන්දියා ආණ්ඩුක‍්‍රමයේ මූලික පදනම පිළිබඳ කිසිදු සැළකිය යුතු වෙනසක් 1784-1813 අතර කාලයේදී සිදුනොවිණි. ඊට හේතුව ලෙස දැක්විය හැක්කේ බි‍්‍රතාන්‍යයන් ඉන්දියාව තුළ තම පාලනය ව්‍යාප්ත කිරීමට උත්සාහ කරනවා විනා අනෙකුත් කටයුතු සඳහා අවධානයක් යොමුකිරීමට කාලයක් නොතිබීමයි.


      ඉන්දියාව තුළ ප‍්‍රථමයෙන්ම සමාජීය ප‍්‍රතිසංස්කරණ ඇතිකිරිමෙහිලා වැදගත් කාර්යභාරයක් ඉටුකළ පුද්ගලයෙක් ලෙස හේස්ටින් සාමි හැඳින්විය හැකිය. 1813දී පමණ සිදු වූ සමාගමේ බලපත‍්‍ර අළුත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැන නැගුණු අර්බුදකාරී තත්වය හේතුවෙන් ඉන්දියානු පරිපාලන ප‍්‍රශ්න පිළිබඳව අවධානයක් එංගලන්තය තුළ ඇතිවිය. ඒ අනුව 1812දී ඉන්දියාවේ බි‍්‍රතාන්‍යය පරිපාලනය පිළිබඳව තොරතුරු අන්තර්ගත කරමින්  ර්‍ණපස්වන වාර්තාව” නම් සම්භාවිත කෘතියක් ප‍්‍රසිද්ධියට පත්කරන ලදී. එයට අනුව බි‍්‍රතාන්‍යය විනිශ්චයකරුවන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණු ස්ථිර උසාවිවලට ඉසිලීමට වූ කාර්යභාරයෙන් සහනයක් ලබාගැනීම පිණිස සුළු නඩු විසඳාලීම සම්බන්ධයෙන් පැරණි පංචායත් ක‍්‍රමය නැවත නඟාලිය යුතුයැයි පාලක මණ්ඩලය යෝජනා කළේය. බොම්බාය හා මදුරාසි ආණ්ඩු මෙම ක‍්‍රමය පිළිගන්නා ලදී. 


        හේස්ටින් සාමිට පසුව අධිකරණ ක්ෂේත‍්‍රයේ වැදගත් ප‍්‍රතිසංස්කරණ කරනු ලැබූවේ බෙන්ටින්ක් සාමිය. කෝන්වෝලිස් විසින් වඩා උසස් වගකීම් භාරයක් පිළිගැනීම සඳහා නුසුදුසුයැයි සැළකුණු අධිකරණ සේවාබඩ සේවකයින්ට නවාතැන් පොළවල් පමණක් වශයෙන් පිහිටවන ලද ප‍්‍රාදේශික ඇපල් උසාවි හා සංචාරක උසාවි බෙන්ටින්ක් විසින් අවලංගු කරන ලදී. මෙමඟින් සිදු වූ ප‍්‍රධානතම වාසිය වන්නේ යුක්තිය ඉටුවීම හා පිරිමැස්මක් ඇතිවීම යන සාධකයන් එකවරම සිදුවීමයි. තවද ඔහු විසින් අධිකරණ නිළතලවල ඉන්දියානුවන් නියුක්ත කරවීමේ ක‍්‍රමයද විස්තීරණය කරමින් ඔවුන්ගේ වේතන හා කාර්යභාරය දියුණුකරවීමයි. මහේස්ත‍්‍රාත්වරු හා බදු එකතු කරන්නෝ ආදායම් හා සංචාරක කොමසාරිස්වරුන්ගේ පරීක්ෂාව යටතේ තබනු ලැබීය. මහජනයා හා නිරතුරුව සම්බන්ධතා පැවැත්වීම සඳහා මෙම කොමසාරිස්වරු සංචාරයේ නිරත වූහ. අධිකරණයේ මෙතෙක් ව්‍යවහාර කෙරුණු පර්සියානු භාෂාව වෙනුවට ප‍්‍රාදේශික භාෂා භාවිතය ආරම්භ කරන ලද්දේද බෙන්ටින්ක් සාමිගේ කාලයේදීය. 


      වහලූන්ගේ තත්වය දියුණු කරලීම හා වහල් මෙහෙය සම්පූර්ණයෙන්ම නැතිකිරීම පිණිස අවශ්‍යය කටයුතුද මෙකල යොදන ලදී. ඉන්දියාවේ වහල් මෙහෙය නීත්‍යානුකූලව තහනම් කරන පනතක් 1843දී එලන්බරෝ සාමි විසින් සම්මතකරන ලදී. ඔරිස්සාවේ කªකර ප‍්‍රදේශයන්හි පැවති පුරුෂමේධය නම් ඉතා මිලේච්ඡු බිලිපූජා විධිය නැතිකරලීම සඳහා හාඩින්ඡ් සාමිද ඉතා දැඩි පියවර ගන්නා ලදි. 


        ඉන්දියානුවන්ට අධ්‍යාපනයක් ලබාදීමට බි‍්‍රතාන්‍යය පෙරදිග වෙළඳ සමාගමට අවශ්‍යය නොවීය. ඉන්දියානුවන්ට අධ්‍යාපනයක් ලබාදීම කෙරෙහි උනන්දුවක් දැක්වූ මුල්ම බි‍්‍රතාන්‍යය අග‍්‍රාණ්ඩුකාරයා වන්නේද වොරන් හේස්ටින්ස්ය. ඔහු විසින් 1781දී කල්කටා මද්‍රාසා ආරම්භකරන ලදී. තවද ජොනතන් ඩන්කන් නම් ඉංග‍්‍රීසි ජාතිකයා 1792දී බරණැස සංස්කෘතික විද්‍යාලය ආරම්භකරන ලදී. වොරන් හේස්ටින්ස් විසින් ප‍්‍රාචීන අධ්‍යාපනය දියුණු කරලීම සඳහා කටයුතු යෙදුවද මහජනයාගේ අධ්‍යාපනය සඳහා රජය සතු වගකීම 1813 බලපත‍්‍ර පනත :ක්‍ය්රඑැර  ්ජඑ* සම්මත වනතුරුම නොපිළිගන්නා ලද්දේය. එම පනත මඟින් සාහිත්‍යය නඟාසිටුවීම හා දියුණු කරලීම සඳහාද, ඉන්දියාවේ උගත් ස්වදේශිකයන් දිරිගන්වාලීම පිණිස හා ඉන්දියාවේ බි‍්‍රතාන්‍යය ප‍්‍රදේශවාසීන් අතර විද්‍යා ශාස්ත‍්‍ර පිළිබඳ දැනීමක් ඇතිකරලීමට හා දියුණු කරලීමටද අවුරුදුපතා රුපියල් ලක්ෂයකට නොඅඩු මුදලක් ...... වෙන්කළ යුතු බව හා වැයකළ යුතු බවද නියම කර තිබිණි. මේ මුදල් වෙන්කෙරුණේ ඉන්දියානුවන්ට සංස්කෘත, පර්සියන් හා අරාබි වැනි භාෂාවන් ඉගැන්වීම සඳහාය.


         මෙය ඉන්දියාවේ අධ්‍යාපන ඉතිහාසය පිළිබඳ තීරණාත්මක වැදගත්කමකින් යුක්ත පියවරක් විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස රාජා රාම්මෝහන් රෝයි හා ඬේවිඞ් හෙයාර් එක්ව ඉන්දියානුවන්ට බටහිර අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණින් පසුව ජනාධිපති විද්‍යාලය ලෙසින් හැඳින්වුණු කල්කටාවේ හින්දු විද්‍යාලය 1816දී පිහිටුවන ලදි. එමඟින් ඉංග‍්‍රීසි භාෂාව, විද්‍යාව හා දර්ශනය ඇතුළු බටහිර අධ්‍යාපනය ඉන්දියාව තුළ ප‍්‍රචලිතවීමට පටන් ගත්තේය. 


          ඉන්දියාවේ ඉංග‍්‍රීසි අධ්‍යාපනය වර්ධනය වීමෙහිලා සර් චාල්ස් වුඞ්ගේ අධ්‍යාපන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය :ෑාමජ්එසදබ ෘැිච්එජය* 1854දී ඉදිරිපත්වීම වැදගත් වේ. මෙම ප‍්‍රකාශනය මඟින් ප‍්‍රාථමික අවධියේ සිට විශ්ව විද්‍යාල තෙක් අධ්‍යාපනය ලබාදීමට මුදල් වෙන්කරන ලදි. එහි ප‍්‍රතිඵලයක් ලෙස ඉන්දියාව පුරාම පාසල් හා විශ්ව විද්‍යාල ආරම්භ කරන ලදි. මෙම අධ්‍යාපන ආයතනවල කටයුතු සම්බන්ධීකරණය සඳහා බි‍්‍රතාන්‍යයන් විසින් මහජන අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් පත්කරන ලදි. තවද රජය මඟින් ආධාර ලබාදීමේ ක‍්‍රමයක් ආරම්භ කිරීම හේතුවෙන් බොහෝ මහජන ආයතන හා සමිති සමාගම්වලට අධ්‍යාපන ආයතන ආරම්භ කිරීමට හැකිවිය. එමඟින් ක‍්‍රිස්තියානි මිෂනාරි සේවා, ආර්ය සමාඡ්, සනාතන ධර්මසභා හා වෙනත් ආගමික සංවිධානද බිහිවෙන ලදි.


        දුම්රිය හා විදුලිපණිවිඩ සේවා හªන්වාදීමට බි‍්‍රතාන්‍යයන් විසින් ගත් පියවරද ඉන්දියානු සමාජය ප‍්‍රතිසංස්කරණය වීමෙහිලා හේතු වූවක් ලෙස හැඳින්විය හැක. විශේෂයෙන්ම දුම්රිය හා මහාමාර්ගවල ඇති වූ දියුණුව නිසා කාර්මික අංශයන් කෙරෙහිද එය වාසිදායකව බලපාන ලදී. කර්මාන්ත හා වෙළඳාම ආදී ආර්ථික කටයුතු වලට මෙන්ම යුද කටයුතු, දුර්භීක්ෂ ආදියට සහනාධාර දීම ආදියටද දුම්රිය මාර්ග අතිශයින් වැදගත් විය. 1859 වනවිට සැතපුම් 5000ක දුම්රිය මාර්ග ආරම්භ කොට තිබුණි. දුම්රිය සේවය පිළිබඳව සොයාබැලීමට මණ්ඩලයක් පත්කළ අතර දුම්රිය ගමනාගමනය ලාභ ලබන ව්‍යාපාරයක් බවටද පත්කරන ලදි. තවද නවීන විද්‍යාවේ සොයාගැනීම් හªන්වාදීම ඉන්දියාව තුළ තිබූ නොදියුණු මතවාදයන් යාවත්කාලීන වීමටද හේතුවිය.  


      බි‍්‍රතාන්‍යය ඉන්දියාවේ සමාජ ප‍්‍රතිසංස්කරණයෙහිලා කැපීපෙනෙන කාර්යභාරයක් සිදුකළ පුදගලයෙක් ලෙස විලියම් බෙන්ටින්ක් ආණ්ඩුකාරතැන හැඳින්විය හැකිය. ඔහු විසින් කරනලද සමාජ ප‍්‍රතිසංස්කරණ අතර කැපීපෙනෙනම අවස්ථාව වූයේ  ර්‍ණසදාර් නිසාමත් අදාලත්” උසාවියේ විනිශ්චයකරුවන්ගේ ආධාරය හා රාම් මෝහන් රෝයි රාජා හා ද්වාර්ක නාත් තාගෝර් වැනි ප‍්‍රමුඛ හින්¥න්ගේ සහයෙන් සති හෙවත් විධවාවන් පිළිස්සීම 1829දී අත්හිටුවීමයි. ඊට අමතරව ළදැරියන් මරා දැමීම තහනම් කිරීම, වැන්ඳඹුවන්ට නැවත විවාහයට අවසර දීම, බහුභාර්යා සේවනය නැවැත්වීම වැනි දේ සඳහාද නීති සකස්විය. තවද ඔහු ඉන්දියානු සමාජය භීතියට පත්කළ සාමූහික දාමරික කණ්ඩායමක් වූ  ර්‍ණතග්”වරුන් සම්පූර්ණයෙන්ම මර්ධනය කරනලදී. 


        කෘෂිවගාව දියුණු කිරීමට නව බීජ වර්ග හªන්වාදීම, පොහොර හා වෙනත් රසායන වර්ග හªන්වාදීම ආදියට අමතරව වාරිමාර්ග කටයුතුද බි‍්‍රතාන්‍යයන් විසින් දියුණු කරන ලදි. ඉතා දිගු නියඟයක් ඇති වීමෙන් වර්ෂා ජලය ප‍්‍රමාණවත් නොවන බව දැනගත් බි‍්‍රතාන්‍යයන් ඉතා ඉක්මනින්ම වාරිකර්මාන්තය දියුණු කිරීමට කටයුතු යොදන ලදි.


        ඉන්දීය සමාජය ප‍්‍රතිසංස්කරණය කිරීමේදී ඉංගී‍්‍රසීන් ප‍්‍රධාන වශයෙන්ම අවධානය යොමුකරනු ලැබුවේ නව බදු ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කරමින් තම ආදායම වර්ධනය කරගැනීමයි. මෝගල් පාලන කාලය තුළද මෙම බදු එකතුකිරීම සිදුවුවත් බි‍්‍රතාන්‍යය යුගය වනවිට එය තරමක් වර්ධනය විය. ඒ යටතේ ආදායම් බද්දක් අය කිරීමටත් ආනයනය කරන බඩුවලින් 10%ක තීරුබද්දක් අය කිරීමටත් තීරණය විය. නමුත් ඉතා ඉක්මනින් මෙම තීරණය වෙනස් කිරීමට සිදුවූයේ ඉන්දියාවට බාහිරින් පැවති ලෝකයේ ඇති වූ ආර්ථික පරිහානිය හේතුවෙනි. 


       මෙතෙක් ඉන්දියාවේ ආදායම රැුස්කිරීමේ බලය අත්පත්කරගෙන සිටි සමින්දාර්වරුන්ගෙන් 1765දී බි‍්‍රතාන්‍යයන් බලය ලබාගන්නා ලදි. ඉංග‍්‍රීසීන් සිය ආදායම රැුස්කිරීමේ කටයුතුවලට නව නිළධාරියෙකු පත්කළ අතර ඔහු කලෙක්ටර්වරයා :ක්‍දකකැජඑදර*  නම් වේ. එක් එක් අවස්ථාවේ රටේ ආර්ථික තත්වය සළකමින් අය කරගන්නා බදු ප‍්‍රමාණය අඩුවැඩි කළේය. උදාහරණයක් වශයෙන් 1760 වනවිට ආදායම් වශයෙන් බදු අයකලේ අවුරුදු පහකට වරකි. පසුව එම ප‍්‍රතිපත්තිය වෙනස් කරමින් වසර දහයකට වරක් බදු අය කිරීමට තීරණය කරන ලදි. 


       ගොවීන් හා රජය අතර බැඳීම වර්ධනය කිරීම සඳහා නව ආදායම් පාලන ක‍්‍රමයක් 1783දී පත්කරන ලද ආදායම් පාලන කටයුතු වලට විශේෂිත වූ මණ්ඩලය මඟින් නියමකරන ලදි. එයට අනුව අදාළ ඉඩම්වල නිෂ්පාදන ප‍්‍රමාණයන්ට අනුකූලව බද්දක් නියමකරන ලදි. එසේම අදාළ නිෂ්පාදන ප‍්‍රමාණය මත බද්දේ මුදල තීරණය විය.


        අනාදිමත් කාලයක් තිස්සේ දියුණුව පැවති ඉන්දියාවේ විවිධ කර්මාන්ත වෙළඳ සමාගම පාලනය කරන කාලය වනවිට මුළුමනින්ම බිඳවැටී තිබුණි. ලෝකයට අවශ්‍යය කපු නිෂ්පාදනය කළේ ඉන්දියාවේය. තවද ඉතා අලංකාර ලෙසට වියන ලද කපු හා සේද රෙදිද වෙඩි ලූණු හා අබින් ද ඉන්දියාවෙන් අපනයනය කරන ලදී. මේ ආකාරයට පූර්ව බි‍්‍රතාන්‍යය යුගයේදී තිබූ කර්මාන්ත බි‍්‍රතාන්‍යය ආගමනයත් සමඟ යම් යම් වෙනස්කම් වලට බªන්වී ඇත. විවිධ වෙළඳ භාණ්ඩ අපනයනයට මෙන්ම දේශීය වශයෙන් අළෙවි කිරීමටත් බි‍්‍රතාන්‍යයන් යටතේ අනුබල දී තිබුණි. එංගලන්ත ධනේශ්වර පන්තිය සිය රජයට බලපෑම් කළේ ඉන්දියාවේ කෘෂිකර්මාන්තයට අනුබල දීම මිස කාර්මික ක්ෂේත‍්‍රයට අනුබල නොදිය යුතු බවයි. ඉතා හොඳ වර්ගයේ කපුපිළි බි‍්‍රතාන්‍යයේ නිපදවන බැවින් එයට අවශ්‍යය අමුද්‍රව්‍ය ඉන්දියාවෙන් දීම හැර වෙනත් කරුණක් සඳහා ඉන්දියාවේ කපු නිෂ්පාදනය නොකළ යුතු බවත් තීරණය කළේය. තවද ඉන්දීය මුද්‍රිත කපු රෙදි එංගලන්තයට ගෙන්වීමත් තහනම් විය. කෙසේ හෝ ඉන්දීය දේශීය කර්මාන්ත අඩපණ කිරීම බි‍්‍රතාන්‍යය වෙළඳ පිළිවෙත විය.


       මෙමඟින් ඉන්දියාවේ දේශීය කර්මාන්ත ඉතා විශාල ප‍්‍රමාණයෙන් අඩපණ වූ අතර රැුකියා විරහිතභාවයක්ද සමාජය තුළ ඇතිවිය. 


        ඉඩකඩම් පිළිබඳ වූ තදබදය අඩු කිරීමට ජනතාව වඩවඩාත් ගෘහ කර්මාන්ත සඳහා නැඹුරු කරවීමට කටයුතු කරන ලදි. මේ ආකාරයට බි‍්‍රතාන්‍යයන් ඉන්දියාවට පැමිණ කාලයක් ගතවෙද්දී ඉන්දියාවේ පැවති සාම්ප‍්‍රදායික සමාජය ප‍්‍රතිසංස්කරණය කිරීමට උත්සාහ කළ බව පෙනේ. නමුත් මේ සඳහා කළ කටයුතු බොහෝදුරට සාර්ථක වූ අතර එක්තරා දුරකට ජනතාවට පීඩා ගෙන දෙන්නක්ද විය. කෙසේ නමුත් 1858 පෙර සිදුකරන ලද මෙම සමාජීය ප‍්‍රතිසංස්කරණ පසුකාලීන ඉන්දියාව හැඩගැසීමෙහිලා ප‍්‍රබල සාධකයක් විය.

No comments:

Post a Comment